Image:jvpsrilankapage

විජේවීර ලංකාවේ වාමාංශික දේශපාලනය කණපිට හැරවූ දේශපාලනඥයෙක් ලෙස හැඳින්විය හැකි වුව ද එය ලංකාවේ දුක් විඳින සමාජ පන්ති සහ ස්ථරයන්ට තම විමුක්තිය උදාකර ගැනීම පිණිස පෙන්වන ලද මාවත විටෙක මායාකාරී ලෙස ද තවත් විටෙක ඔවුන් සිංහල ජාතික මමත්වය තුළ ද හිර කොට පීඩිත කොටස් මහා ජාතියේ අනසක යටතට ගැනීමට පිළියෙළ කල එකක් ලෙස ක්‍රියාත්මක විය. ලංකාවේ උඩරට වතුකරයේ ද්‍රවිඩ ජනතාව ප්‍රතිගාමී සමූහයක් ලෙස නම් කිරීමත්, උතුරු නැගෙණහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ප්‍රශ්ණය සමාජවාදී විප්ලවය ඇතිවනතෙක් කල් දැමීමට තීරණය කිරීමත්, සිංහල මහා ජාතිවාදයේ අනසක පවත්වා ගැනීමක් මිස වෙන යම් දෙයක් නොවේ. 1971 කැරැල්ල සහ එහි දිගුවක් වූ 1987-89 කැරැල්ලට ද දේශපාලන සහ මතවාදී ආධිපත්‍ය සපයන ලද්දේ මෙම න්‍යායික සහ දේශපලන භාවිතාව තුළිනි. මෙය 87-89 කැරැල්ල තුළ ඉතා හොඳින් කැපී පෙනුනේ ද්‍රවිඩ ජනතාව ට බලය බෙදීමේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබදව ඔවුන් විරෝධය දක්වමින් එම විරෝධය ‘දේශප්‍රේමය‘ ලෙස ව්‍යාජ සුත්‍ර ගත කිරීමක ට ඔවුන් පෙළඹීමෙනි. එමෙන්ම තිස් අවුරුදු යුද්ධය තුළ වාමාංශික පක්ෂයකට නොතරම් වූ ප්‍රතිපත්තියක් ඔවුන් අනුගමනය කළේ ‘පීඩක‘ ආණ්ඩුවක්, ‘පීඩිත‘ ජන කොටසකට එරෙහිව යුද්ධය කල යුත්තේ කෙසේද යන්න ගැන උපදෙස් දෙමිනි. බර ආයුධ වලින් පහර දෙන ලෙස උපදෙස් දුන් අතර හමුදාව සමග යුද අගල් කපමින් අත්වල මඩ ගා ගන්නට ද ඔවුන්ට සිදුවිය.

විජේවීර ප්‍රචණ්ඩත්වය ලංකාවේ දේශපාලනය ට හඳුන්වා දුන් අතර එය ම ඔහුගේ සහ සිය අනුගාමිකයන් දහස් ගණනකට කෘෘර මරණයක් අත්කරදීමට තරම් පාලක පන්තිය සහාසික වුහ. ඔහුගේ මරණය පිළබඳව අද වන තෙක් ජවිපෙ විසින් පරීක්ෂණයක් ඉල්ලා සිටියේ නොමැති අතර එම ඝාතනයට විරුද්ධව මහජනතාව අතර කිසිදු ක්‍රියාවලියක් අද වනතුරු පටන් ගෙන නැත. විරුවන් ලෙස සැමරීමට වඩා 87-89 කාලය තුළ ඇතිවූ මහා මිනිස් ඝාතන පිළිබඳව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඔවුන්ගේ ජීවිත පුජාවට කරන ගරු බුහුමනක් වනවා සේම පාලකයන්ට, වගකීමෙන් ඔවුන්ට බේරී යාමට ද ඉඩ නොදීමක් ද වෙයි. නමුත් මෙය සිදු වුයේ නැත.

මෙය පසෙක තබා ජවිපෙ 87-89 ඛේදවාචකයෙන් එළියට ආ විගස ධනපති ආණ්ඩුවල මුක්කුවක් බවට පත්වීමට උත්සහා ගත්තේ ය.

ජවිපෙ පැරණි වමට නිර්දය ලෙස පහර එල්ල කර ඔවුන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුවේ පැරණි වම ධනපති ආණ්ඩු සමග හවුල් පාලනයක් පිහිටුවීමෙන් නිර්ධන පන්තිය ‘පාවාදීම’ නිසාය. නමුත් ඉඩලත් තැන ඔවුන් කළේ ද එයමය.

ජවිපෙ විසින් ප්‍රචණ්ඩත්වය ලංකාවේ දේශපාලනය ට හඳුන්වාදීම නිසා ඇතිවූ දේශපාලන වැරැද්ද අද ජවිපෙ විසින් නිවැරදි කරගෙන ඇත් ද?

ඔවුන් විසින් 2020 දී පාලන බලය මැතිවරණ ජයග්‍රහණයකින් අත් කර ගැනීම ට සැලසුම් කිරීම මේ වැරැද්ද හරිගස්සා ගැනීමක්ද?

එමගින් ඉල් විරුවන් කරන ලද පරිත්‍යාගයන්, වැරදි මග පෙන්වීමක් නිසා ඇති වූ අනවශ්‍ය කැප කිරීමක් ලෙස හැඳින්වීම නිවැරදි ද? සත්තකින්ම චේගුවේරා ගේ සටන්පාඨ දිවමතුරක් සේ පුන පුනා කියන ජවිපෙ සන්නද්ධ අරගලය පිළිබදව ‘චේ‘ දුන් ප්‍රවේසම්කාරී උපදෙස කිසිදාක පිළිපැද්දේ නැත. ‘චේ‘ ප්‍රකාශ කල පරිදි….,

“ප්‍රෝඩාකාරී ලෙස හෝ එසේ නොමැතිව ආණ්ඩුවක් යම්කිසි ආකාරයක ජනතා ඡන්දයකින් බලයට පත්ව ඇති විටක එම ආණ්ඩුව අඩුම ගණනේ ව්‍යවස්ථානුකුල නීත්‍යානුකූලත්වයක් පෙන්වන්නේ නම්, ගරිල්ලා ව්‍යාපාරය ක් පටන් ගැනීමට නොහැකි වන්නේ සාමකාමී අරගලයක ඇති හැකියාවන් තවමත් අවසන් වී නොමැති බැවිනි”(Che Guerra Guerilla Warfare,Monthly Revew Press, 1961,P.