Ampara, සිංහල, Democracy, Human Rights, Media

මානව හිමිකම් සඳහා අමාත්‍යංශයක් නැතිකම, ඒ පිළිබඳව කටයුතු කිරීමේ දී ගැටලුවක්.

මානව හිමිකම් පිළිබද විෂය බද්ධ අමාත්‍යංශයක් නොමැතිකම නිසා ඒ සම්බන්ධයෙන් රජය සමඟ කටයුතු කිරීමේදී ගැටලු මතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමුහික මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රි ලංකා සම්බන්ධීකාරක කාර්යාලය පවසන බව අද බීබීසී වෙබ් අඩවිය වාර්තා කළේය.

එහි නිලධාරිණියක මේ බව අමිපාරේ දී ප්‍රකාශ කරන ලද බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි. මෙහි දී එම වෙබ් අඩවිය සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ නීතඥ තනූජා නවරත්න ‛‛මේ තත්වය යටතේ මානව හිමිකම් කියන කොටස කුමන අමාත්‍යංශයක් යටතට වැටෙනවා ද කියන එකත් අද වෙනකොට පැහැදිලි නැහැ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට සහ අධීක්ෂණය කිරිමට, ශක්තිමත් කිරීමට ඒ හදපු ක්‍රියාකාරී සැළැස්ම විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට නම් ඒකට නීතිමය බලයක් ලැබෙන්න ඕන. ඉතින් ඒ වගේ දේකට අද කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා. මොකද අමාත්‍යංශයක් නොමැතිකම නිසා.’’
‛‛ඕනම රටක මානව හිමිකම් සුරක්ෂිත කිරීමට තියෙන යාන්ත්‍රණ ශක්තිමත් වන තරමට ඒ රට සංවර්ධනය කරා යන්න අනික රටවල්වලින් ලැබෙන සහයෝගය සහ ජාතයන්තරව ලැබෙන ප්‍රතිචාරය වැඩිවෙනවා.’’
(මෙහි සම්පූර්ණ ප්‍රවෘත්තිය අද(17) බීබිසි සන්දේශයෙන්)