සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

GSP+ අවශ්‍ය නම් මානව හිමිකම් පිළිබද ලිඛිත සහතිකයක් දෙන්න – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව ලිඛිත සහතිකයක් රජය විසින් ඉදිරි සතිය තුළදී ලබා නොදෙතොත් ජීඑස්පී+ හෙවත් වරණීය බදු සහනය අත්හිටුවන බවට යුරෝපා සංගමය අද අනතුරු අගවා ඇති බව ඊයේ(23) බිබිසී සන්දේශය වාර්තා කළේය . යුරෝපයට අපනයනය කරන භාණ්ඩ සඳහා සැලසී ඇති මෙම විශේෂ බදු සහනය යටතේ 2008 වසරේ ශ්‍රී ලංකාව විසින් යවන ලද භාණ්ඩවල වටිනාකම යූරෝ කෝටි 124ක් බවත් යුරෝපා සංගමය උපුටා දක්වමින් බීබීසී.සන්දේශය වාර්තා කරයි. එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ දේශපාලන අයිතිවාසිකම් වඳහිංසා පැමිණවීම හා ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ප්තින් උල්ලංගණය කරන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි සඳහන් කරමින් යුරෝපා සංගමය මෙම බදු සහනය ලංකාවට ලබා දීම අගෝස්තු 15වනදාට අත්හිටුවන්නට තීරණය කළේ පෙබරවාරියේදී. ඊට පසු වරණීය බදු සහනය ලබා දීමට නම් රටේ මානව හිමිකම් නඟා සිටීම සහ එහි ප්‍රගතිය සම්බන්ධ ලිඛිත සහතිකයක් ලබාදීම අනිවාර්‍යය බව බීබීසී සංදේශය සමඟ යුරෝපා සංගමයේ වෙළද කටයුතු පිළිබද ප්‍රධානියා ජෝන් ක්ලැන්සි ප්‍රකාශ කළ බව වාර්තා කරයි.

‛‛ජීඑස්පී+ වරණිය බදු සහනය පිළිබදව යුරෝපා සංගමයේ ස්ථාවරය ගැන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඔස්සේ විවිධ අන්දමේ තොරතුරු පළවීමේ හේතුවෙන් සැබෑ තත්වයට පැහැදිළි කිරීම සඳහා තමනට ප්‍රකාශයක් කිරිමට සිදුවූ බවයි යුරෝපා සංගමයේ වෙළද කොමසාරිස්ගේ ප්‍රකාශක ජෝන් ක්ලෙන්සි කියා සිටියේ’’ ජෝන් ක්ලෙන්සි පවසන පරිදි සංදේශය මෙසේ වාර්තා කලේය. ‛‛මේ පිළිබදව පැහැදිළි කිරීමේ ශ්‍රි ලංකාවේ රජය වෙත ලියා ඇතැයිද ප්‍රකාශ කළ ඔහු ශ්‍රි ලංකාව මගින් අපනයන කරන භාණ්ඩ සඳහා පහසු බදු ක්‍රමයක් ලබා දීම මානව හිමිකම් සුරැකීම සඳහා ගතයුතු යම් පියවර කිහිපයක් පිළිබදව පැහැදිළි එකඟතාවයක් ශ්‍රී ලංකා රජය මගින් ලිඛිතව ලබාදෙනතුරු තාවකාලිකව නවතා දැමීමට ගෙන ඇති තීරණය මාධ්‍යවෙත නිරවුල්ව ප්‍රකාශ කිරීම අවශ්‍යව ඇතැයිද කියා සිටියා.

මානව හිමිකම් රැකීම සඳහා ඉතා පැහැදිලිව ඉදිරිපත් කර ඇති ක්‍රියාදාමය මෙම ජූලි මස සිට හය මසක් තුළදී ඇති කිරීමට මෙන්ම එම එකඟතාවයන් දිගටම ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිඥා දිය යුතු බවයි, යුරෝපා සංගමය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රජය එකඟතාවයන් ඇතිකර ගෙන ඇති අතර සාකච්ඡාවලදී යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇතත් තමන් ගන්නා ක්‍රියාමාර්ග පැහැදිලි කර දීමේදී මෙයට වඩා සෘජු විය යුතු බව යුරෝපා සංගමය පවසනවා. තමන්ගේ උත්සහය වන්නේ රජයේ සහතිකය ලබා ගනිමින් ශ්‍රී ලංකා වැසියන්ගේ ජීවිතය යහපත් අතට හැරවීමට උපකාරවන අන්දමින් බදු සහන දීර්ඝ කිරීම බවද යුරෝපා සංගම් ප්‍රකාශකයා කියා සිටියි. මේ පිළිබදව සවිස්තර තොරතුරු ශ්‍රී ලංකාවේ විදේශ අමා්‍යංශයට ලබා ඇතැයි ද මෙහිදී තමන් බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ප්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය ක්‍රියාත්මක වීම පමණක් බවද ජෝන් කලෙන්සි පවසනවා. ශ්‍රි ලංකා රජයට හෝ එහි ජනතාවට දඩුවම් කිරීම තම අරමුණ නොවන බවද ප්‍රකාශ කළ ඔහු ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තින් ක්‍රියාත්මක කිරීම මගින් මේ සියල්ලෙන් මිදී ජනතාවට සහන සැළසීමේ වරම ඇත්තේ රජය අත බව ද ප්‍රකාශ කලා.