end of the War, Featured Articles, Features, Jaffna

අද දවසේ අභියෝග: මනස තුළ සිටින ගුල්ලෝ


A9 පාෙර් අැති පුවරැවක්.

මයිකල් රොබට්ස් විසිනි

1995 අග දී, පලාලිවල සිට ඉදිරියට යමින් ශ්‍රී ලංකා හමුදාව දකුණු දෙසටත් නැගෙනහිර දෙසටත් යන්නට විය. ඒ වන විට දයා සෝමසුන්දරම් සිටියේ යාපනය නගරයෙහි ය. පසුබැසීමට තීරණය කළ එල්ටීටීඊය සියලු දෙමළ ජනයා තමන් සමග යා යුතු යැයි අවධාරණය කළේ ය. දෙමළ ජනයාගෙන් සමහර අය මෙම බල කිරීම නම් කෙරුවේ “නික්ම යාමක්” හැටියට ය. ඔවුන්ගේ සිහියට නැගුණේ එනමින් බයිබලයෙහි එන කතා වස්තුව යි. ඒත් සෝමසුන්දරම් කතන්දරය කියන්නේ වෙන පිළිවෙළකට ය. එනම්, ජනයාගෙන් වැඩි දෙනා එල්ටීටීඊයේ මෙම ආඥාව ගැන නොමනාපය පළ කළහ.

අන්තිමේ දී බොහෝ ජනයා හමුදාව වාඩි ලා ගෙන සිටි ප්‍රදේශය තුළ පිහිටි සිය නිවහන්වලට ආපසු ගියහ. සෝමසුන්දරම් අයත් වූයේ 1990 ගණන්වල අග සමයේ දී යාපනය අර්ධද්වීපය තුළ රාජකාරිවල යෙදී සිටි වෘත්තීයවේදී පිරිස්වලට ය. හමුදා පාලනය නිසා දෙමළ ජනයා අතර ඉතා ඉක්මනින්ම “පොදු අවසිහියක්” ඇති විය. ඔවුන්ට සිතුණේ නික්ම යාම නිර්මාණය කළේ හමුදාව ය කියා ය, මිනී කන මහ රාක්ෂසයා සිංහල රාජ්‍යය ය කියා ය. එහෙත් අතීතය දෙස බලා කළ මෙම තක්සේරුවල දී, ඔවුන්ට එල්ටීටීඊයේ ක්‍රියා කලාපය මුළුමනින්ම වාගේ මග හැරී ගියේ ය. [i]

කෙසේ වුව ද, උතුරුදිග වන්නියේ දෙමළ ජනයාට නික්ම යාමට බල කළ, එනම් යුද අපායේ ගිනි දැල් පැතිර පැවති ප්‍රදේශවල ගාල් වී නිරාහාරව දිවි ගෙවීමට ඔවුන්ට බල කළ එල්ටීටීඊ තන්ත්‍රය පරාජයට පත් විය. දැන් 2010 වෙද්දී, එල්ටීටීඊය ගැන තමන්ට තිබුණු සැකසංකා හෝ ද්වේෂය අමතක කර දැමීමට මෙම දෙමළ ජන සමූහය පෙලඹෙමින් සිටිති. ඒ අතරතුර, පීඩනය නිසා උමතු වී සිටින රාජපක්ෂ තන්ත්‍රය ආරක්ෂක උපාය මාර්ගවලට පමණට වැඩි වැදගත්කමක් ලබා දී ඇත. ප්‍රතිඵලය වී ඇත්තේ බහුතරය දෙමළ ජනයා වන ප්‍රදේශ තුළ වේදනාව ඇවිස්සෙන පරිදි නිල ඇඳුම් හැඳි මිනිසුන් පිරී සිටීම යි. මෙම සමහර දෙමළ ජනයා අතර, එල්ටීටීඊය පිළිබඳව තිබුණු දොම්නස් සහගත හැඟීම රාජ්‍යයට එරෙහි දොම්නස් සහගත හැඟීමක් බවට පෙරළෙමින් පවතී. වාර්ගික හැඟීමත් දශක ගණනක අතීතය තුළ සිදු වුණු බෝම්බ හෙළීම් සහ නිශ්චිත ක්‍රූරකම් පිළිබඳ මතකයනුත් අලුත් වීමෙන් පෝෂණය වි, දොම්නස් සහගත හැඟීමක් බවට හැරෙමින් පවතී.

කොටින් කීවොත්, මම මෙහි දී උත්සාහ කරන්නේ නිල ඇඳුම් හැඳ ගත් රාජ්‍ය හමුදා කාර්ය මාණ්ඩලිකයන් 2007-09 කාලයේ ලද මිලිටරි ජයග්‍රහණයෙන් ලබා ගත් “සාමය” රහසින් කා දමන ගුල්ලන් ලෙස නිරූපණය කිරීමට යි. එසේ ම, නිතර හොල්මන් කරන මෙම අසුබ නිමිත්ත, දකුණු අත දෙන දෙයට, රහසින් හානි කරන වම් අතක් පිළිබඳ කතන්දරයක් ද වේ. උතුරු සහ නැගෙනහිර යන දෙමළ ප්‍රදේශ දෙක තුළ ක්‍රියාත්මක කරන බොහෝ ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙළවල් සම්බන්ධයෙන් අත්පොළසන් ලබන්නට රාජපක්ෂ රාජ්‍යයේ දකුණු අත සුදුසු ය. [ii] එහෙත්, නිර්ව්‍යාජ බුද්ධිමය සහ භාවමය ක්‍රියාකාරකම් එක් කර යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාකාරකම් පෝෂණය කිරීම අත්‍යවශ්‍ය ය. මගේ ලිපියෙන් කරුණු ඉදිරිපත් කෙරෙන්නේ එම අත්‍යවශ්‍ය බව අවධාරණය කිරීමට යි.

පළමු මූලධර්මය, දෙමළ ජනයා මනුෂ්‍යයන් ලෙස සැලකිය යුතු ය යන්න යි. මෙහි අදහස, ඔවුන්ගේ “දෙමළ භාවයට” රට තුළ ඉඩකඩක් සපයා දී ඔවුන් ජාතිකත්වයක් හෝ ජාතියක් බව පිළිගැනීම යි. මෙහි දී, සේටන්-වොට්සන් ඉදිරිපත් කළ න්‍යාය අනුගමනය කරමින්, එමෙන් ම එහි ඇතැම් තැන් සංශෝධනය කරමින් මම මෙසේ ලියමි: “යම් ජාතියක් පවතින බව එම ජාතියේ සාමාජිකයන්ගෙන් කොටසකට ඤපැහැදිලි ලෙස සිය අදහස් සහ හැඟීම් පළ කරන සහ දේශපාලනිකව වැදගත් කොටසකට%” ඒත්තු යන ඕනෑ ම විටෙක එම “ජාතිය” බලවේගයක් ලෙස ජීවමාන වන්නේ යැයි කිව හැකි ය. [iii] ශ්‍රී ලාංකික දෙමළ ජනයා, මෙම දැක්ම කරා ළඟා වූයේ 1949 සහ 1956 අතරතුර දී ය; එහෙත්, යුද්ධයේත් දුක් ගැහැටවලත් කටුක පරීක්ෂණයට ලක් වෙමින් එතැන් පටන් එම දැක්ම එන්න එන්න ම ගැඹුරු විය.

විදේශවලට සංක්‍රමණය වුණු දෙමළ ජනයා මුල පිරූ ව්‍යාපාරය ද මෙම දෘෂ්ටිය ප්‍රකාශයට පත් වුණු අවස්ථාවක් විය. එහෙත් එම සංවිධානය ආකාශයේ ඉතා ඉහළ ගෝලය තුළ නිර්මාණය කළත් එම පියවරෙන් සිංහලකම රකින සිංහල ආරක්ෂකයන් පිළිබඳ දුර්මතය පණ ගැන්වෙනු ඇත. රාජසිංහම් නරේන්ද්‍රන් වැනි විරුද්ධ අදහස් දරන්නන් ඉදිරිපත් කරන තර්ක මෙහි දී සැලකිල්ලට ගැනීම වටී. මෙවැනි ආකාරවල දෙමළ ජාතිකවාදය නිසා, ලංකාව තුළ සිටින මෙම ජන කොටස් දෙක අතර සම්මුතියක් ඇති වනවා වෙනුවට එය බොහෝ දුරට වැළකී යාමට ඉඩ ඇතැයි ඔවුහු කියති.

කෙසේ වෙතත්, දිවයින තුළ පවත්නා ජාතික, සංස්කෘතික සහ භාෂාමය යනාදි විවිධත්වය සැලකිල්ලට ගන්නා ශ්‍රී ලාංකික ව්‍යවස්ථාවක් තුළ, ඒකකයක් ලෙස හෝ ඒකක ලෙස එකට වාසය කිරීමට සුදුසු ජාතියක් හැටියට දිවයිනේ දෙමළ ජනයා පිළිගත යුතු ය යන අපේක්ෂාව අවහිර කරන තවත් බාධා ද පවතී. එහෙත් ඉඩකඩ මඳකම නිසා, සිංහල සමාජ සංවිධානය තුළ සිටින එම ‛ගුල්ලන්’ පිළිබඳ මෙම සීමිත ලැයිස්තුවෙන් ඔබ්බට යන්නට මට නොහැකි ය.

එක: මා පටන් ගන්නේ පැහැදිලි දේශපාලන පසුබිම ඉදිරිපත් කරමිනි. ෂඪ වන ඊළාම් යුද්ධය විශිෂ්ට ලෙස ජය ගැනීමෙන් අත්කර ගත් උත්කර්ෂවත් රශ්මි මාලාවත් සමඟ රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍යය, පාලනය තුළ දැඩි ලෙස තහවුරු විය. ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලද තේජාන්විත ජයග්‍රහණත් සමඟ එය දැන් උච්චස්ථානයට පත්ව ඇත. ඔවුන්ට දේශපාලන සුජාත භාවය පිළිබඳ හැඟීමක් සහිතව සිතින් සතුටු විය හැකි ය. මෙම සැනසිලිදායක හැඟීම තුළ ධනාත්මක අපේක්ෂාවක් ගැබ් වේ. එනම්, එම හැඟීම නිසා දෙමළ ජනයාගේ ඕනෑ එපාකම් පිරිමසන දේශපාලන වැඩ පිළිවෙළවල් අතැතිව අධිෂ්ඨාන සහගතව පෙරට යාමට ඔවුන් දිරි ගැන්වෙන්නට ඉඩ ඇත. එහෙත් ගැටලුව පවතින්නේ ද එතැන ය. මෙම වැඩ පිළිවෙළවල් සම්පාදනය වනු ඇත්තේ තමන්ගේ ලොකුකම පෙන්වීමට කරන පරිත්‍යාගයක ස්වරූපයෙන් ද? …… හරියට ඉහළ පෙළැන්තියේ වලව්වේ හාමු කෙනෙකු දක්වන අනුග්‍රහයක් සේ ද? …… දෙමළ (සහ මුස්ලිම්) ප්‍රජාවන්ට හිමි විය යුතු විශේෂ අයිතිවාසිකම් වෙනුවට ද? අනුග්‍රාහකාත්මක දේශපාලනයේ යෙදුණු අශෝක පාලන ආකෘතියේ ප්‍රතිඵල[iv] උපතින් ම අස්ථාවර ය. ශ්‍රී ලංකාව තුළ ඉහළ පෙළැන්තිය අනුග්‍රාහකාත්මක දේශපාලනය ගැන දැනුවත් වූයේ ද? යන ඒ ආකෘති ඇසුරෙනි. එහෙත්, බලය බෙදා හරින/විමධ්‍යගත කරන ආයතන ඇති කිරීමට ශ්‍රී ලංකාවට පවතින අවශ්‍යතාව ප්‍රබල සහ ස්ථිර ගතියෙන් යුක්ත වූවකි.

දෙක: රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ ශ්‍රීලනිපය නියෝජනය කරන්නේ සිංහල කතා කරන, සුප්‍රකට රුහුණු ලාංඡනය දරණ ග්‍රාමීය ජනයා සහිත ලංකාවයි. එහෙත් එය, සාමාජීය අපේක්ෂා දරා ගෙන සාමාජීය වශයෙන් ඉදිරියට යමින් සිටින කැපී පෙනෙන සටන්කාමී පිරිසකගෙන් සමන්විත ග්‍රාමීය ලංකාවකි. ඒ නිසා ම ඔවුහු මහරගම වැනි කොළඹ අවට ද කොළඹ තුළ ද පිහිටි පෙදෙස්වල කඳවුරු බැඳ ගත්හ. ඔවුන්ගෙන් නියෝජනය වන්නේ, 1956 දී බණ්ඩාරනායකගේ ශ්‍රීලනිපය බලය ගැනීම කරා තල්ලු කළ පංච මහා බලවේගයේ අලුත් ප්‍රභේදයකි.[v] කොටින් කියතොත්, අලුත් ස්වරූපයකින් ඒ හා සමාන දෘෂ්ටිමය ධාරාවන් පුනර්ජීවනය වෙමින් පවතින බව යි. ඔවුන්ගෙන් සලකුණු වන්නේ. බටහිරකරණය වුණු කොළඹ වෙසෙන ප්‍රභූ පිරිස (චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මේ අතරින් කෙනෙකි) එහි සතුරන් බවට පත්ව සිටින්නේ, “මහජන” නියෝජිතයන්ගේ වේශයෙන් යක්ෂාරූඪ වී සිටින්නේ ඒ නිසා ම ය. මොවුන්ගෙන් මූර්තිමත් වන්නේ, “ජනතාවාදී ඒකාධිපතිත්වය” යැයි කිව හැකි ආණ්ඩු ආකෘතියකට මුක්කුව දීමට සිතමින් සිටින ජනතාවාදී, ස්වදේශීය ධාරාවන් ය. ඒත් එවැනි ආණ්ඩු ආකෘතිත් ෆැසිස්ට් රාජ්‍ය ආකෘතියත් අතර පවතින්නේ බෙහෙවින් ම සුලු වෙනසකි. උදාහරණයක් ලෙස, ඔබට විසි වන සියවසේ රුමේනියානු ඉතිහාසය සලකා බැලිය හැකි ය. [vi]

තුන: 1956 පරිවර්තනයට හවුල් වුණු ප්‍රවණතාවල ජනතාවාදය සේම රාජපක්ෂ තන්ත්‍රයේ ජනතාවාදය ද ස්වදේශීයවාදයට යට වෙමින් පවතී. මෙම ස්වදේශීයවාදය සිංහල එකකි. ඒ නිසා එම ස්වදේශීයවාදය තුළ ගැබ් වන ජනතාවාදය, දෙමළ, මුස්ලිම්, මැලේ යනාදි වරප්‍රසාද නොලත් සියලු දෙනා දෙසට එක හා සමානව නැඹුරු නොවේ. ප්‍රතිඵලය වී ඇත්තේ කුමක් ද? නලින් ද සිල්වා වැනි දෘෂ්ටිවාදීන්, මුළුමනින් ම බලහත්කාරී අයුරින්, දිවයින තුළ සිටින වරප්‍රසාද නොලත් ජනයා “ජාතියක්” ලෙස නම් නොකිරීම යි; ඒ මාර්ගයෙන්, “පන්තිය” සහ “ජාතිය” අතර ඒකාන්ත වශයෙන් ම පවතින වෙනස හිතාමතා ම යට ගැසීම යි; එලෙස, බටහිරකරණය වුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත වන “පිටස්තර ජාතියට” සාර්ථක ලෙස අභියෝග කිරීමට ඔහු සමත් වීම යි; පහසුවෙන් අනෙක් ප්‍රජාවන් මග හැර යමින් සිංහල කතා කරන වරප්‍රසාද නොලත් අයට වරප්‍රසාද ලබා දීමට ඔහුට හැකි වීම යි. [vii] මෙහි තිබෙන වාචික හරඹ බිය උපදවන තරමට ම අරුම පුදුම ඒවා වේ. මෙම චින්තනය තුළ දී, වරප්‍රසාද නොලත් දෙමළ ජනයා නොදැනෙන්නට මුල්ලකට තල්ලු කර අමතක කර දැමීමේ අරමුණ ඇතිව, “පන්ති අරගලය” සහ බටහිර විරෝධී ස්වදේශීයවාදය යුක්ති සහගත කිරීම සඳහා යොදා ගන්නා වචන එකිනෙකට මුසු කරනු ලැබේ.

හතර: ඊළඟට මෙම දෘෂ්ටිමය ධාරාව “සිංහල මානසික පිළිවෙළ” නමින් හැඳින්විය හැකි දෙය සමඟ මිශ්‍ර වේ, “සිංහල මානසික පිළිවෙළ” ශක්තිමත් කරයි. මෙම ඉදිරි දැක්මට පදනම් වන්නේ සාම්ප්‍රදායික විශ්වාසයකි. එම විශ්වාසය කොතරම් සැක සහිත විය හැකි වුව ද එය සැලකිල්ලට නො ගැනේ. එනම්, මුල් ම ශිෂ්ටාචාරවත් පදිංචිකරුවෝ සිංහලයෝ ය; ඓතිහාසිකව ඔප්පු වී ඇති පරිදි, අනුරාධපුර සහ පොළොන්නරු යුගවල අවසාන භාගයේ “වාරිමාර්ග ශිෂ්ටාචාරවල” ආධිපත්‍යය දැරුවේ සිංහලයෝ ය; සංඛ්‍යාත්මකව කතා කරන්නේ නම්, දහනව වන සියවසේ දී ජන සංගණන පටන් ගත් තැන් සිට සංඛ්‍යාත්මක බහුතරය වී ඇත්තේ සිංහලයෝ ය, යනාදිය යි. එම නිසා, බ්‍රිතාන්‍යයන් සහ සිංහල නොවූ අයගෙන් වැඩි දෙනෙකු පවා, බ්‍රිතාන්‍ය යුගයේ “ලංකාව” (Ceylon) සිංහල සාවියක් ලෙස සලකා ඇත.

මෙම පදනම මත, “ලාංකිකයෝ” (Ceylonese) සහ “සිංහලයෝ” (Sinhalese) යන නාමයන් සමාන පද ලෙස සලකන්නට බොහෝ සිංහලයෝ (ඔවුන් කොතරම් දැයි සංඛ්‍යා ලේඛන සහ සමානුපාතයන් සපයන්නට මට ක්‍රමයක් නැත) නොදැනීම පුරුදු වූහ. හරියට ම, ඇතැම් ඉංග්‍රීසිකාරයන් “බ්‍රිතාන්‍යයෝ” (British) යන්න “ඉංග්‍රීසීහු” (English) යන්නෙහි කොටසක් බවට පත් කර ගත්තාක් මෙන්, සිංහලයෝ ද වචන දෙක සම කළහ. එලෙස, අද දවසේ දී, “ශ්‍රී ලංකාව” නමැති භූමි ප්‍රදේශය ලංකා, හෙළදිව, සිරි ලක යනාදි පැරණි භූමි ප්‍රදේශ සමඟ සම කරනු ලැබේ; “ශ්‍රී ලාංකිකයෝ” යන යෙදුම “සිංහලයෝ” යන්න සමග බොහෝ විට සම කරනු ලැබේ. [ix]

වචන කිහිපයකින් කියන්නේ නම්, සිංහල කොටස, නොදැනෙන සහ බලගතු ආකාරයකට, සමස්ත ශ්‍රී ලාංකිකය ම තමන් තුළට අඩංගු කර ගනී. විසි වන සියවසේ මුල් භාගයේ දී “ලාංකික තරුණයන්” අමතා අනගාරික ධර්මපාල ලියූ එක් රචනයක දී ඔහු පරෙස්සම් සහගත ලෙස “සිංහල තරුණයන්ට” උපදෙස් සපයයි. [x]ධර්මපාල 1956 පෙරළියට [xi] උපකාරක වුණු බ්‍රහ්මචාරී පුද්ගලයන් අතරින් කෙනෙකු වීම ද අහම්බයක් නොවේ. මෙම මානසික පිළිවෙළ, 1956 දේශපාලන පරිවර්තනය ඇති කළ දේශපාලන බලවේග ශක්තිමත්ව නැගී ඒමට රුකුලක් විය; ඉංග්‍රීසි භාෂාවට සහ එහි පන්ති ඒජන්තයන්ට මුල් තැන හිමි වීම අභියෝගයට ලක් කළේ ය; සිංහල භාෂාව පරිපාලන භාෂාව බවට පත් කරමින් දෙමළ ස්වභාෂාව දෙවන තැනකට දැමුවේ ය.

අද දින සිංහල ප්‍රජාව තුළ, මේ පැයේ අවශ්‍යතා කෙරෙහි සාවධාන වන හොඳ හිත ඇති පුද්ගලයෝ සිටිති. එනම්, අව්‍යාජ ෆෙඩරල්වාදී දෘෂ්ටිවාදයක් පදනම් කර ගෙන සුවපත් කිරීමේ හැකියාවක් වර්ධනය වෙමින් පවතී. එය, සුලුතරයන් ද “ශ්‍රී ලාංකිකයා” නමැති සංකල්පයේ වෙන් කළ නොහැකි කොටස් ලෙස දකියි. කෙසේ වුව ද, ඔවුන් කර පින්නා ගෙන ඉන්නේ කවර දේශපාලන බලයක් ද යන්න වත් සිංහල කතා කරන්නන්ගෙන් කොපමණ කොටසක් එය පිළිගන්නේ ද යන්න වත් මම නොදනිමි. මගේ අනුමානය නම් ඔවුන් ඉතා කුඩා සුලුතරයක් බව යි.
වෙනත් වචනවලින් කියතොත්, මගේ අනුමානය නම්, බොහෝ සිංහලයන් ලංකාව=සිංහල යන මානසික පිළිවෙළෙහි ඇලී ගැලී සිටින බව යි; ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු, මා ගැටලුවක් ලෙස ඉදිරිපත් කර ඇති, කොටස සහ සමස්තය අතර සම්බන්ධතාව ගැන පවා නොදැනුවත් බව යි. අද දවසේ සැලකිල්ලට ගන්නා එක ම වෙනස “දේශප්‍රේමීන්” සහ “දේශප්‍රේමීන් නොවන්නන්” (එනම්, දේශද්‍රෝහීන්) අතර වෙනස යැයි ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් ප්‍රකාශ කරන විට, කෙනෙකුට දැක ගන්නට ලැබෙන්නේ මෙවැනි චින්තනයකි. එවැනි ඉදිරි දැක්මවල්, විචාරයක් නැති සත්‍යයන් බවට පත් කෙරෙන අතර, එයින් දෙයාකාරයක සුජාත භාවයක් ලැබේ. මෙම ලෝක දෘෂ්ටිය කොතරම් භයානක දැයි ඉන් හැඟේ. එම දෘෂ්ටිය මුල් බැස ගනිමින් පවතින්නේ සමගි සන්ධානයේ කර්තව්‍යයන් පැවරී ඇති ආයතන සහ බලවේග තුළ ම නිසා එය විශේෂයෙන් ම අන්තරායකර වේ.

මෙම ලිපිය සිහි-නුවණ ඉහළ නැංවීමේ අරමුණෙන් කෙරුණු ක්‍රියාවකි. එහෙත්, ග්‍රවුන්ඩ්වීව්ස් තුළින් ඉස්මත්තට ගන්නා තුන් තේරවිල්ල තුළ පවතින වඩාත් ම ප්‍රධාන ගැටලුව වන්නේ මෙම පටු සහ අගති සහිත දෘෂ්ටිවාදාත්මක මත සමූහය යැයි මෙම ලිපිය ප්‍රකාශ නොකරයි. එනමුත් එය වැදගත් ගැටලුවක් යැයි මම විශ්වාස කරමි. මෙම අදහස පිළිගන්නේ නම්, ඉතින් එවිට මෙම ප්‍රශ්නය ද පැන නගින්නේ ය: අද දවසේ ආධිපත්‍යය දරන දෘෂ්ටිවාදය තුළ පවතින මෙම අනර්ථකර බලපෑම් දුරු කිරීමට අප සටන් කළ යුත්තේ කෙසේ ද? සලකා බැලීමට ලක්වන විෂය ක්ෂේත්‍ර තුළ දී සිහි-නුවණ ඉහළ නැංවීමට අප සටන් කළ යුත්තේ කෙසේ ද? යන්නයි.

(www.groundviews.org වෙබ් අඩවියේ 2010 මැයි 22 පළවූ CHALLENGES TODAY: WEEVILS IN THE MIND ලිපියේ පරිවර්තනයයි.)

Foot Note
[i] This summary is based on a couple of leisurely conversations with Daya Somasundaram in Adelaide and “collective amnesia’ was a phrase he used. Note that during his stay in Jaffna he was courageous enough to criticise the LTTE (as well as the state) when video-interviewed on air for an ABC documentary directed by Marc Corcoran ( “Truth Tigers,” 15 May 2002). After the ceasefire his professional psychiatric capacities extended to the Vanni areas controlled by the LTTE.

[ii] Roberts, “The Rajapakse Regime: Brickbats, Plaudits,” www.groundviews.org, 16 December 2009, Note M. Sarvananthan, “Putting Entrepreneurship at the Heart of Economic Revival in the North, East, and Beyond,” ICCR Talk I Colombo, 27 April 2010.

[iii] Hugh Seton Watson, Nationalism Old and New, Sydney University Press, 1965: 3. His statement runs thus: whenever “an active and fairly numerous section of its members are convinced that it exists.” I do not believe that numbers are vital; 4-15 percent in well-organised operations can be quite a force. The restive youth in underground associations in the Jaffna Peninsula were a force even in the 1970s.

[iv] For the concept of the Asokan Persona and illustrations of the type of operations this mode of thinking encourages in Sri Lanka, see the relevant four chapters in Michael Roberts, Exploring Confrontation, Reading: Harwood Academic Press, 1994.

[v] Besides the clarification of this political process by such scholars as Wriggins, Kearney and KM De Silva, readers may be interested in my charting of the generational overlaps between such intermediate political activists from the 1880s to the 1950s in Roberts, “The Political Antecedents of the Revivalist Elite within the MEP Coalition of 1956″ in K.W. Goonewardena Felicitation Volume, ed. by C.R. De Silva & Sirima Kiribamune, Peradeniya University, 1989, pp. 185-220 and “The 1956 Generations: After and Before,” in Roberts, Exploring Confrontation, Reading: Harwood academic Publiishers, 1994, pp. 297-314.

Since completing this article I find that Nira Wickremasinghe has developed motifs about the class forces driving the Rajapakse phenomenon in ways that mesh with mine. See her “After the War: A New Patriotism n Sri Lanka?” Journal of Asian Studies, 2009, 68/4: 1045-54

[vi] See Constantin Iordachi, “God’s Chosen Warriors. Romantic Palingenesis, Militarism and Fascism in Modern Romania,” in C. Iordachi (ed.) Comparative Fascist Studies. New Perspectives, Routledge, 2010: 316-57; and Ghita Ionescu, and Ernest Gellner (eds.) 1969 Populism: Its Meaning and National Characteristics, London: Weidenfeld & Nicolson.

[vii] Nalin de Silva, “A tale of two nations,” http://www.kalaya.org/island2010.html.

[viii] Taking off from President Rajapakse’s victory speech in May 2009, Nira Wickremasinghe also highlights this facet of the Sinhala mind-set: “the president’s vision merges nation and state and promotes a love of country based on a particular reading of the history and foundation myth of the Sinhala people in which all other groups—those formally known as minorities—are present merely as shadows, not as constitutive elements of a common political culture” (2009: 1047 – see fn. 5 above). For a previous criticism of the President’s approach see Roberts, “Some Pillars for the Future,” Frontline, Vol. 26/12, 6-19 June 2009.

[ix] I have not discovered when precisely the term “Sinhalas” was deployed in English as a substitute for the word “Sinhalese.” I know that Gananath Obeysekere began to follow this practice in recent decades, but am uncertain where the innovation originated. In etymological terms it is probably a more correct usage. However, it has also been adopted by Nalin de Silva and the Jātika Chintanaya school of thought. In brief, whatever a particular author’s intention, it is now an expression of political puritanism. In this manner it is a mirror image of the Puritanism that was sustained in Tamil Tiger circles by such figures as Thamilenthi and Baby Subramanium, supported indirectly by the Orientalist pedantry of Peter Schalk. Set against this context I insist upon adhering to the old noun “Sinhalese” in both plural and singular implication, while using “Sinhala” only as adjective or as reference to the language.

[x] Dharmapala, Return to Righteousness, ed. by Ananda Guruge, Colombo: Ministry of Cultural Affairs, 1965: 501-44.

[xi] Note also this statement from Nalin de Silva: “What happened in 1956 was a continuation of the movement of Anagarika Dharmapala after driven into oblivion for more than half a century as shown by Dr. Gunadasa Amarasekera” (fn. 6 above).