“මේ දූපතේ ඒ දවස්වල අපේ කිසි කෙනෙක්වත් දූපතෙන් එළියට අරගන ගිහිල්ලා නෑ, අසනීපයකට බෙහෙත් ගන්න. අපිම මේ දුපතේ අපේ බෙහෙත්වලින් සනීප කරා. අපි සියලු දේවල් මෙහෙ වගා කරලා තිබුණා. බෙහෙත් පෑලෑටියේ ඉදලා, පළතුරු, එළවළු ඔක්කොම අපි වැව්වා. සමහර ගෙවල් තියනවා සුද්දාගේ කාලේ හදලා දීපුවා. ඒ නිසයි අපි කියන්නේ මේවා අපේ පරම්පරා ඉඩම් කියලා. පල්ලීයක් තියනවා, අපිට පාසලක් තියනවා. නමුත් දැන් ඒවා ඔක්කොම කඩා දාලා. අපේ දෙමාපියන්ව නැති කලා. අපේ නෑදැයින්ව නැති කලා, අපේ දරුවන්ව නැති කලා. දැන් අපි ඉල්ලන්නේ අපේ ඉඩම විතරයි. ඒකවත් දෙන්න.මෙයට ඉස්සෙල්ලා මේ ආණ්ඩුව පොරොන්දු උනා අපේ ඉඩම් දෙනවා කියලා. නමුත් අදට දවස් 359 ක් වෙනවා. තාමත් අපිට අපේ ඉඩම් ලබා දුන්නේ නැති නිසා තමයි අද අපේ දූපතට ආවේ. අපිට අපේ ඉඩම් දෙනකං අපි යන්නේ නෑ. අපේ රැකියාවල් නැතිවෙලා තියනවා. අපි එහේ රැකියාව කරන කොට ලීටර් 15ක් විතර යනවා, මෙහේ අපේ රස්සාව කරොත් යන්නේ එක ලීටරයක් විතර. අපි මෙහෙට රැකියාව කරන්න ආවත් අපිව එලවනවා. ඇයි අපි එළවන්නේ. මේවා අපේ පරම්පරා ඉඩම්.

ඉරණතිව් මාතා නගර් හි දින 359 ක් පුරා එනම් වසරක් සපිරීමට නියමිත උපවාසයක් ක්‍රියාත්මක කෙරෙමින් තිබුනේ දුපතෙහි පාරම්පරික ලෙස ධිවර රැකියාවේ යෙදෙමින් ජිවත් වූ ජනයා එම දුපතෙන් ඉවත් කිරිම නිසාය.මේ වන විට යුද්ධය අවසන් වී වසර 9 ක් ගෙවීමට තවත් ඇත්තේ මසකටත් අඩු කාලයක්. එහෙත් නාවික හමුදාව විසින් එම සමස්ත භූමියම ජනතාවට ඇති නීතිමය අයිතීන්ද නොතකා පාලනය සියතට ගෙන තිබේ. බෝට්ටු 40 කට ආසන්න සංඛ්‍යාවකින් , ඒ වෙනුවෙන් විරෝධය දක්වමින් අද දින ඉරණතිව් මාතා නගර් සිට දුපතෙන් ඉවත් කිරීම නිසා අවතැන් වී සිටින 300 පමණ වූ වැසියන් ඉරණතිව් දුපත වෙත සංකේතාත්මක පැමිණියේය.

“අද ආපහු යනවාදැයි” අප ඉරණතිව් දුපතේ සිට පෙරළා පිටත් වීමට පෙර මව්වරුන් පිරිසකගෙන් විමසීමක් කළ අතර ඔවුන් එක හඩින් අපට ප්‍රකාශ කලේ “ අපි අද යන්නේ නෑ, , , බලන්න අපි ඇදුම් පවා මාරු කලා දැන්, මේක තමා අපේ වස්තුව , අපේ බිම.ෂෙල් වෙඩි දාන කලේ පවා මේ පොලොව අපිව රැක්කා , අපි යන්නේ නෑ .අපිට අපේ ඉඩම් දෙනකම් අපි යන්නේ නෑ’

සම්පූර්ණ ඡායාරූප සමග පහත සටහන කියවන්න

මේ භූමිය අපිට ඖෂධයක්!

සබැදි සටහන්

ඉරණතිවු | නාවික හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් නැවත ලබා ගැනීමට | වසරක අඛණ්ඩ උද්ඝෝෂණ

වසර දෙකක් ‘යහපාලනය නිහඩයි’ ඉරණතිව් ජනතාවත් සත්‍යග්‍රහයක..