සිංහල, Colombo, Democracy

වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි..

2 වන සංස්කරණය

ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරියෙකුට ප්‍රහාරයක්, හිටපු ඇමති පියසිරිටත් පහර දෙයි. වහාම පොලීසිය අයින් කර ගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇමති විමල් පොළිස්පතිට නියෝගකරයි..

අද(6 උදෑසන එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුලු පිරිස ආරම්භ කරන ලද උද්ඝෝෂනය අතරතුර පොලීසිය සහ උපවාස කරුවන් අතර ගැටුම්කාරී තත්වයක් ඇති විය. සවස 5ට පමණ එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් විශාල ප්‍රමාණයක් උපවාස කරුවන් වාඩිලා සිටි අට්ටාලයක් ගැලවීමට යාමේ දී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය. එහිදී කොළඹ ප්‍රදේශය බාර ජ්‍යේෂ්ඨ පොළිස් නිළධාරීයෙක් පහර කෑමට ලක්වනු දක්නට ලැබිණී.

එම අවස්ථාවෙදී එහි සිටි හිටපු සංස්කෘතික අමාත්‍යවරයෙක් වන පියසිරි විජේනායක මහතා ද පහර දීමකට ලක්ව රෝහල් ගතකර තිබේ. කෙසේ වෙතත් මෙම උණුසුම්කාරී තත්ත්වය අතර තුර එහි පැමිණි විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටයේ කුමන බාධක ආවත්, ඇමති තනතුරෙන් ඉවත් කලත් මෙම උපවාසය අත් නොහරින බවයි. ඔහු එම අවස්ථාවේදී පොලිස්පතිට දුරකතනයෙන් අමතමින් කියා සිටියේ ‛‛ඩීඅයිජී පතිරණත් බලන් ඉදිද්දි තමයි පියසිරි විජේනායක ඇමතිතුමාට තුවාල වෙන්න ගැහුවේ මෙතන පොලීසියේ අය. නෑ නෑ ඒවා වැඩක් නෑ. මෙතනින් පොළිසිය අයින් කරගන්න නැත්නම් මම පටන් ගන්නවා උපවාසේ. මෙතනින් පොලීසිය අයින් කර ගන්න. කරුණකරලා මේ ගොල්ලො අයින් කර ගන්න. මම එතන ඉන්නේ. නැතිනම් මම පටන් ගන්නවා උපවාසේ. කරුණාකරලා මේ ගොල්ලෝ අයින් කර ගන්න. නෑ නෑ කලබලවෙන්නේ ඔයගොල්ලො අපේ මිනිසුන්ට තුවාල වෙන්න ගැහුවට පස්සේ අපි කලබල වෙන්නේ නැතුව. පොළිසියට මොකද්ද තියන අයිතිය. වහාම පොලීසිය අයින් කර ගන්න නැතිනම් ලොකු ප්‍රශ්නයක් වෙනවා.’’

ඉන් පසු සුලු වේලාවකින් දක්නට ලැබුණේ පොලිස් නිළධාරීන් එම ස්ථානයෙන් ඉවත් වන බවයි.

කෙසේ වෙතත් පොළිස් ආරක්ෂාව මධ්‍යයේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ සේවක පිරිසක් ඉන් ඉවතට ගැනීමට සමත් වු අතර එලියට පැමිනෙද්දි ඔවුන්ට රුස්ව සිටි පිරිස හූ කියමින් බාධා කරන්නට විය. නමුත් එජා කාර්‍යාලයේ ප්‍රධාන නිළධාරීන් ලෙස සේවය කරන විදේශිකයන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත්, ඒ අනුව එම නිළධාරීන් පත්වන අපහසුව පිළිබදව නිව්යෝක් හි මූලස්ථානයට දැනුම් දී තිබෙන බවත් ඒ අනුව එම මූලස්ථානය විසින් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී තිබෙන බවත්, එම පැමිණිල්ල මත එම අමාත්‍යංශයේ ලේකම් රෝමේෂ් ජයසිංහ මහතා එජා කාර්යාලයට පැමිණ සාකච්ඡා කලේය.

ඒ අනුව එම විදේශීය නිළධාරීන්ට බාධාවකින් තොරව ඉන් පටව යාමට එකඟ වි ඇති අතර ඔවුන් පිවට යනු දක්නට ලැබිණි.

ඔවුන් පිටව යන අවස්ථාවෙදී එම තොයිලයක් සිදු කල අතර ඔවුන්ගේ වාහන අවහිර වන අන්දමින් ‛ගරා යකා’ නැටීම සිදු කල අයුරුද දක්නට ලැබිණි.
ඒ අතර විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කලේ ‛‛උපදේශක කමිටුව ඉවත්කර ගන්නා තුරු මෙම උපවාසය දිගටම පවත්වාගෙන යන බවයි.

කෙසේ වෙතත විමල් වීරවංශ අමාත්‍යවරයාගේ තර්ජනයන් හමුවේ පොළිසිය පසු බැස ගිය අතර නැවතත් උපවාස කරුවන් තමන් සිදුකළ උපවාසය ආරම්භ කරමින් මේ වන විටත් ඔවුන් එජා කර්යාලය ඉදිරිපිට උපවාසයේ යෙදි සිටියි.