iMAGE: Dinusha Nanayakkara |Protect Muthurajawela 

”නඩු තීන්දුව ලැබුණට පස්සේ දෙසැම්බර් මාසේ ඉඳලා කටුනායක කොළඹ හයිවේ එකට සමාන්තරව යන පරණ ඕලන්ද ඇල හාරන්න පටන් ගත්තා. ඒ ඇල අවශ්‍ය නම්, මුහුදු මට්ටමේ ඉඳලා උපරිමය හාරන්න පුළුවන් අඩි 05යි. ඊට වඩා හෑරුවොත් අධිවේගි මාර්ගයට අවධානමක් ඇතිවෙනවා. නමුත් මේ පුද්ගලයා ඇල හාරලා තියෙනවා අඩි 45ක්. ඉන්ජීනේරුවරයෙක්වත් නොවෙන ජාඇල දොස්තර කාවින්ද ජයවර්ධන මන්ති‍්‍රතුමා අවසර දී තිබෙනවා අඩි 15ක් හාරන්න. මේ ලියවිල්ල පමුණුගම පොලීසියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි යළිත් වතාවක් ගොවිජන සේවා ආයතනයට සහ අදාළ සියලූ පාර්ශවයන්ට දැනුම් දුන්න මේ අපරාධේ ආයිම පටන් අරන් කියලා”

ඔක්තෝබර් මස 07වෙනි දා, බෝපිටිය නුගපේ කුංජාවත්ත ප‍්‍රදේශයෙන් මුතුරාජවෙල අභය භුමියට පිවිසෙන්නට බලහත්කාරයෙන් සාදාගෙන යන පාරේ කෙරවළ, නිත්‍යානුකුලව වසර ගණනාවක් තිස්සේ පදිංචි නිවැසි කාන්තාව පොලීසියට කැඳවයි. හේතුව, සිය ඉඩම මායිමේ කෙළවරින් අභය භුමියට පිවිසෙන්නට පාරම්පරිකව පිහිටා තිබු නියර අඩි 15ක පිවිසුම් මාර්ගයක් සේ පුරවා පුළුල් කිරීම සඳහා නිවෙස් හිමියන් විසින් සිය භූමියෙන් ඉඩ ලබා නොදීමයි.

මුතුරාජවෙල තෙත් බිම් අභයභුමිය විනාශ කිරිමට තිත තබමින් අධිකරණ නියෝගයක් , ජනාධිපති නියෝගයක් පනවා තිබිය දී , මුතුරාජවෙල තෙත්බිම් අභයභුමිය තුළ ශාඛ කැපීම, ගොඩනැගිලි ඉඳිකිරීම්, වගා කිරිම් , ගොඩකිරිම් හා මාවත් තැනීම් සපුරා තහනම් ලෙසට අභයභුමියේ තැන තැන වනජීවි සංරක්‍ෂණ දැන්වීම් පුවර තිබිය දී, තවදුරටත් මුතුරාජවෙල ගොඩකිරීම්, ඉඳිකිරීම්, පැල සිටවීම් මෙන් ම පැරණි නියරක් ගොඩකර අඩි 15ක මාර්ගයක් තනන්නේ කවුරුද ? ඒ කුමක් සඳහා ද ? කාගේ රැකවරණය හෝ බලය මත ද?

මෙලනි මානෙල් විසින් ලියන ලද  සම්පුර්ණ ලිපිය ඇතුළත් කොට විකල්ප විසින් Adobe Spark හි පළ කොට ඇති ජායාරූප සටහන සදහා මෙතනින් පිවිසෙන්න.