කාලයක සිටම මම දෙමළ ජාතික සන්ධාන(TNA) නායක රාජවරෝදියම් සම්බන්දන්ගේ දේශපාලන ප්‍රකාශනයන්හි අනතර්ගත කතිකාව සම්බන්ධයෙන් අධ්‍යනයක් කරමින් සිටිමි. එවැනි මොහොතක, TNA විසින් එක්සත් ජාතික පක්ෂය වෙත, ව්‍යවස්ථා විරෝධිව ධුරයෙන් ඉවත් කළ, රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය පලකරන පාර්ලිමේන්තු යෝජනාවට සහයෝගය දැක්විය (http://www.dailymirror.lk/article/TNA-says-its-support-was-conditional-159687.html). TNA හි යාපන දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී, ධරමලිංගම් සිද්ධාර්තන් පැවසූ බවට, Daily Mirror වාර්තාකර තිබුනේ, තම පක්ෂය කොන්දේසි සහිතව රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශ්වාසය පලකල බවය.(http://www.dailymirror.lk/article/TNA-says-its-support-was-conditional-159687.html). වාර්තාවට අනුව එම කොන්දේසි නම්, බලය විමධ්‍යගත කිරීම සහ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාවට නැංවීමය. සිරස NEWS 1st වාර්ථාවට අනුව සිද්ධාර්තන් මන්ත්‍රීවරයා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ජනයාට හිමි ඔවුන්ගේ භුමිය නිදහස් කිරීම, වන ජීවී සහ පුරාවිද්‍යාත්මක පනත යටතේ පවරාගෙන තිබෙන දෙමළ ජනයා ගේ ඉඩම් නැවත නිදහස් කිරීම සහ UNHRC 30/1 යටතේ අන්තර් ජාතික විනිසුරුවරුන් පත් කිරීම ද මෙම කොන්දේසි තුළ අඩංගු වේ. (https://www.newsfirst.lk/2018/12/12/ranils-pledge-to-tna/).

TNA විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙත සහයෝගය පල කරන අතර එම සන්ධානයේම, පාර්ලිමේතු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්, ජන්දය දීමෙන් වැලකි සිටියේය.(http://www.dailynews.lk/2018/12/13/political/171142/ranil-musters-117-tna-support). ශිවශක්ති ආනන්දන් පිලිබඳ අවම අවධානයක්වත් නොලැබෙන පසු බිමක, සිද්ධාර්තන් වෙත උපරිම අවධායක් යොමුකරමින් දකුණේ සිංහල මාධ්‍ය හැසිරීම ප්‍රශ්නකාරී වේ. එසේම සිධර්තන් සම්බන්දයෙන් වන මාධ්‍ය වාර්ථාවන් හි අඩංගු කරුණු මොනවාද? අධිකරණ ඉදිරියේ තම දුෂිත සහ පිඩිතහැසිරීමට එදිරිව ගොනුව පවතින චෝදනා ඉවත් කරගැනීම වෙනුවෙන් හෙතෙම කොන්දේසි පනවා නොමැත. එසේම, ඔහු තමන්ගේ පාර්ලිමෙන්තු මන්ත්‍ර ධුරය වෙනුවෙන් නිශ්චිත මුල්‍ය වටිනාකමක් ඉල්ලා නොසිටි. තම ධුර කාලය අවසන් වන හෙයින් නැවතවරක් බලය ලබාගැනීම උදෙසා, කුමන්ත්‍රනකාරීව පක්ෂ නායකත්වය සහ ජන ප්‍රසාදය ලබා දෙන මෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් ඉල්ලා නොසිටි. ඔහු ඉදිරිපත් කර තිබෙනුයේ, පුරවැසි අයිතීන් සුරක්ෂණය කිරීමය. නිශ්චිත චෝදනා සහිතව හෝ රහිත ව, ආණ්ඩුවේ මර්ධන යාන්ත්‍රනය තුල අත්අඩංගුවට පත් ව ඇති දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමය. මෙම දේශපාලන සිරකරුවන් ට ද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙන්ම මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා දභුක්තිවිදින ලෙස වන නිදහසක් සහ සිවිල් ජිවිතයක් හිමිය. එම ජීවිතය භුක්තිවිදීමට ඇති අවස්තාව කුමන හෝ කරුණක් මත අහිමි කිරීම අපරාධයක් සහ අයුක්තියක් වේ. එසේම, උතුරේ තම නිජභූමිය, බලහත්කාරයෙන් උදුරා ඒමත හමුදා කදවුරු ස්ථාපනය කිරීම අවසන් කළ යුතුය. එය TNA වර්තමාන පාර්ලිමේන්තුවේ ප්‍රථම කැඳවීම් හි දිම දැඩිව ඉල්ලා සිටිය යුතු කරුණක් විය. වවුනියාවේ, බෝගස්වැව ග්‍රාමය අභිනවයෙන් සකසනු ලැබුවේ, මහින්ද රාජපක්ෂ පාලනය සමයේ දී ය. එහි පදිංචි ජනයා, තංගල්ල, හම්බන්තොටින් වවුනියාව රැගෙන ගෙන ගොස් පදිංචි කරවා තිබේ. මෙම පශ්චාත් යුධ නව යටත්වීජිතකරනය හේතුවෙන් දෙමළ මෙන්ම සිංහල ජනයාගේ පුරවැසි අයිතීන් උල්ලංඝනය වී තිබේ. මෙම රාජපක්ෂ රෙජිම මැදිහත් වී කරන ලද පදිංචි කිරීම් හේතුවෙන්, සිමා නිර්ණය සහ ජනතා නියෝජනයට බලපෑම් සිදුවී තිබෙන අතර ඒ එහේතුවෙන්, නියෝජනය ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්වී තිබේ. අනෙක් පසින්, මෙකි නීතිවිරෝධී රෙජිම මැදිහත් වීමෙන් සිදුකරණ පදිංචි කිරීම් සිදුවන්නේ, උතුරේ සිය භුමියේ හිමිකම දෙමළ ජනයාට අහිමි කිරීමය. අනෙක් පසට, මෙසේ පදිංචි කරණ ලද සිංහල ජනයා ගේ සුභසාධන අයිතිය දැඩිව උල්ලංඝනය වී තිබේ. (https://www.youtube.com/watch?v=j7KMLdzbido). මෙවැනි පසුබිමක සිට, බලහත්කාරයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ යුධ හමුදාව පාලනයට ගෙන තිබෙන උතුරේ පුරවැසියන් ගේ ඉඩම් මුදාහැරිම ට රනිල් -මෛත්‍රී ආණ්ඩුව කඩිනම්ව කටයුතු නොකර සිද්ධාර්තන්ගේ ඉල්ලීම පැමිණෙන තුරුම කල්මැරීම අයුක්ති සහගතය.

නව ව්‍යවස්ථාවක් යනු මෙරට කාලින අවශ්‍යතාවයකි. එම ව්‍යවස්ථාව ජනතා අභිලාශ කේන්ද්‍රියව ගොඩනැගිය යුතුය. ජනතාව එම ව්‍යවස්ථා නිර්මාණ ක්‍රියාවලියේ සක්‍රීය දායකයන් විය යුතුය. මක්නිසාද යත්, ව්‍යවස්ථාව යනු රටේ මුලික නීතිය වන අතර, ද්වීතිය පුරවැසි භාවය සහිත හෝ රහිත සියලුම ශ්‍රීලාංකික පුරවැසියන් ගේ අයිතීන් සුරක්ෂණය කරමින්, නිතියේ පාලනය ස්ථාපත කරණ ලේඛනය එය වේ. එම ව්‍යවස්ථාව තුල නිර්මිත ආයතන සහ එම ආයතන නියෝජිතයන් සහ ක්‍රියාකරුවන් නඩත්තු කරනුයේ මුල්‍ය වටිනාකමට පත්කරනු ලබන මෙරට පුරවැසියන්ගේ ශ්‍රමයෙනි. එසේ තම මුදලින් නඩත්තු වන ආයතනයන් ගේ පාලනය, පොළොන්නරුවේ හෝ, මැදමුලනේ හෝ කේම්බ්‍රිජ් ටෙරසයේ නියෝජිතයන්ට අවශ්‍ය ආකාරයට නොව, ජනතාවට අවශ්‍ය ආකාරයට ගොඩනැගිය යුතුය. අන් යෝජනා සේම, TNA පාර්ලිමේන්තු කණ්ඩායමට ද මෙම ජනතා පරමාධිපත්‍ය කේන්ද්‍රීය වූ ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන කතිකාව, පසුගිය වසර තුන තුල දැඩිව අවධාරණය කිරීමට තිබුණි. TNA මේ මොහොතේ හෝ මෙවැනි කොන්දේසි ගෙන ඒ නම්, අගය කළ යුතුය.

ආරම්බයේ දී පැවසූ ලෙසම, ආර් සම්බන්දන්ගේ නායකතවය තුල වන දේශපාලන සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධිව ක්‍රියා කර තිබේ ද? 2015 -2018 දක්වා කාලය තුල සම්බන්දන් විසින්, පාර්ලිමේන්තුව තුල සිදු කළ කිසිදු කතාවක්, මෙරට ආරක්ෂාවට, අනන්‍යතාවට තර්ජනයක් නොවූ අතර, එම සියලුම කතාවන් තුලදී අවධාරිත කරුණ නම්, ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත භාවය වෙනුවෙ ආණ්ඩුවේ වගවිමය. පසුගිය වවූනියා සංචාරයේ දී මාහට මුණ ගැසුණු වවුනියා උතුර ප්‍රාදේශීය සභාවේ TNA නියෝජිත මන්ත්‍රී තුමියක් පැවසුවේ, බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයන් ගේ ගැටලුව විසදීම මේදී රනිල්-මෛත්‍රී ආණ්ඩුවට, බල කිරිම ට පවතින හොදම ක්‍රමය නම්, වාර්ෂික අයවැය ලේඛණය පාරාජය කිරීමය. මෙවැනි ප්‍රකාශන මගින් සංකේතවත් වන්නේ, දෙමළ ජනයා තවදුරටත් සන්නද්ධ අරගලයක් මගින්, තම අයිතීන් දිනා ගත හැකි බවට විශ්වාස නොකරණ බවය. අවුරුදු 30ක දීර්ඝ යුධයකින් අඩපණව ගිය ජිවිත සහිත උතුර සහ නැගෙනහිර ජනයාගේ ප්‍රධානම අරගලය බවට අද පත්ව ඇත්තේ ගෞරවාන්විත ජීවිතයක් ගතකිරීම වෙනුවෙන් සටන් කිරීමය. එම ගෞරවාන්විත ජීවිතය යනු හුදෙක්ම මාර්ග සහ ගොඩනැගිලි සංවර්ධනය පමණක්ම නොවේ. එනම්, තම වරණය වෙනුවෙන් පිළිගනිම සහ එම වරණයන් කිසිදු පීඩාවකින් තොරව තෝරාගැනීමට වන පරිසරයක් සහිතව ජිවත් වීමය. “හොරකම් කරත් මොකද ඕයි, ඒ මිනිහා රට පාවලා දුන්නේ නැහැනේ” (https://www.youtube.com/watch?v=RoSNT8clEH) ලෙස නොපවසන උතුරු-නැගෙනහිර ජනයාට අත්‍යවශ්‍යව ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් සුරක්ෂිත වූ සහ යුක්තිය ගරු කරන පරිසරයකි. ආර්. සම්බන්දන් පාර්ලිමේන්තුවේ දී යෝජනා කරන්නේ ද එම පරිසර ගොඩ නැගීම, ආණ්ඩුවේ වගකීම බව සහ එය නියාමනය වෙනුවෙන් පුරවැසියන්ද මැදිහත් විය යුතු බවය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසින් ඉතිහාසය පුරාම, දෙමල ජනයාට විරුද්ධව ප්‍රචන්ඩත්වය දැඩිව භාවිතා කර තිබේ. 1983 ජුලි කලබලය එහි එක් සංදිස්ථානයකි. ‘කළු ජූලියේ දී’, ඇදී වතට සිමා වූ දෙමළ ජනයා උතුරට පිටුවහල් කරන විට බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකි (https://groundviews.org/2013/08/18/political-violence-in-sri-lanka/). ශ්‍රී ලාංකික අගනා ඥානායතනයක් වන, යාපන පුස්තකාලය ගිනිබත් කරනුයේ ද, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේය. එවැනි පක්ෂයක වර්තමාන නායකත්වය සමඟ එකඟව කටයුතු කිරීමට TNAට සදාචාරාත්මක අයිතියක් වේ ද?

පිළිතුර නම්, නිශ්චිතවම ඔවු, TNAට ඒ සඳහා අයිතියක් වේ. හේතුව නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එම පක්ෂය මුලිකව ගොඩ නැගී කිසිදු ආණ්ඩුවක් ද දෙමළ ජනයාගේ හඬ නියෝජනය කරනු ලබන කිසිදු සන්ධානයක් වෙනුවෙන්, කිසිදිනක ඉඩ ලබාදී තිබුනේ නැත. එකී සිංහල-බෞද්ධ ආණ්ඩු විසින් සිදුකල ප්‍රචණ්ඩත්වයන් හේතුවෙන්, දෙමළ දේශපාලනික නියෝජනය ප්‍රධානය ධාරාවේ දේශපාලනයෙන් මිදී වෙනමම දේශපාලන ධාරාවක් ගොඩ නැගීය. නමුත් වෙන්ව ගිය දේශපාලන ධාරාව, හමුදා සහ රාජ්‍ය ප්‍රචන්ඩත්ව බලයෙන් පාලනයට යටත් කරන ලදී. දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ තරයේ සිහිතබාගත යුතු කරන නම්, මරදානේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මහබැංකුවේ හෝ වෙනත් ප්‍රදේශයන් ගේ බෝම්ම පිපුරුනේ, දෙමළා ගේ ආශාවට නොව, එම ප්‍රධාන පක්ෂ මුදා හල ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිපල ලෙස බවය. එම ඉතිහාසයේ ප්‍රතිනිෂ්පාදනය වැලක්වීම වෙනුවෙන්, ප්‍රජාත්‍රන්තවාදයට සහයෝගය දීම උදෙසා TNA මේ මොහොතේ රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට ගත් තීරණය ඉතාමත් වැදගත් දේශපාලන සංවර්ධනයකි. රනිල් වික්‍රමසිංහ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය නොවේ. නමුත් මේ මොහොතේ, ප්‍රජාතන්ත්‍රවාදය පිඩාවට පත් කරන, බලවේග පරාජය කළ යුතුය. ඒ වෙනුවෙන්, TNA පෙනී සිටීම අගය කල යුතුමය.

රාජවරෝදියම් සම්පන්තන් පාර්ලිමේන්තු මන්ත්‍රී, 2017 ඔක්තෝබර් 02 වැනිදා, පාර්ලිමේතුව අමතමින් මෙසේ ප්‍රකාශ කරයි,

“අවුරුදු 400 ක පමණ යටත්විජිත කරණ පාලනයෙන් පසුව, ශ්‍රී ලංකාව නිදහස ලබාගන්නා විට, කොළු ගැටයකු ලෙස මා ද නිදහස් චතුරශ්‍රය ට වී බලා සිටියේ මහත් වූ ආඩම්බරයකිනි. එදා අප එකමුතු වූ මිනිසුන් වුවෝය. ජනවාර්ගික හෝ ආගමික විවිධත්වයන් නොසලකමින් අප සැමගේ බලාපොරොත්තුව වුයේ විදේශීය පාලනය මුලින් උපුටා දමා, ස්වෛරී පාලනයක් ස්ථාපිත කරගැනීමය. ඇත්තවශයෙන්ම, යාපන තරුණ සංසදය එදා, ‘ඩොමිනියන්’ තත්වයේ නිදහස පිලිබඳ තෘප්තිපත් නොවූ අතර ඔවුන්ට අවශ්‍ය වුයේ ‘පුර්ණ ස්වරාජ්‍යයක්’ හෙවත් නිරපේක්ෂ නිදහසකි. …. අප ඉතිහාසයේ වූ ඉතාමත් කර්කෂක සහ අනර්ථකාරී අවස්ථාවන්ගෙන් පාඩම් උගතිමු. දේශානුරාගය යන නාමය යටතේ පැමිණෙන ව්‍යාජ දේශානුරාගී දේශපාලනය හේතුවෙන් සිදුවූ ශෝකාන්තයන් ද අත්දැක්කෙමු. තව දුරටත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු නොවීම වෙනුවෙන් අප, වාර්ගික හෝ ආගමික විවිධත්වයන් නොසලකා, ශ්‍රී ලංකාව අප සැමගේ රට ලෙසත්, අප ශ්‍රී ලාංකික ජාතියක් ලෙසත් කටයුතු කල යුතුය”

(http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=172719). එසේ යෝජනා කරන සම්පන්දන් ට සහ TNA හි පුල්ලි සහ වලිගය සෙවීම යනුම දකුණේ ජනමාධ්‍යට හෝ වාර්ගික වාදී දේශපාලකයන්ගේ දේශපාලන ප්‍රථමිකත්වය පෙන්නුම් කිරීමකි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon