සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

විමල් ‛මාරාන්තික උපවාසය’ අත්හැරීම හෙවත් ජනපතිගේ පොරොන්දුව

විමල් වීරවංශ අමාත්‍යවරයා සිය මාරාන්තික උපවාය අතහැරියේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට ඊයේ(10) සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වී ය. එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර කියා සිටියේ එක්සත් ජාතීන්ගේ බෑං කීං මූන්ගේ උපදේශක කමිටුවට එරෙහිව සටන් වැදීමට විද්වත් මණ්ඩලයක් පත් කීරීමට ජනාධිපතිවරයා එකඟවූ බවත්, යුධ අධිකරණය හමුවට කිසිදු කෙනෙකු යෑවීම වැලැක්වීමට ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දුන් බවත් ඔහු ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම මාරාන්තික උපවාසය අත් හැරීමට පියවර ගත් බව ඔහු වැඩි දුරටත් පවසයි.