සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ සෙනඟක් වීදි බසියි.

‛‛මේ ආරම්භක පියවර විතරයි. රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතිනම් ගෙදර යන්න ලෑහැස්ති වෙන්න’’ යැයි අද පැවති උද්ඝෝෂනයකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයත්, අධිකරණයේ නිදහසත් තහවරැ කරන ෙලස බල කරමින් සහ අත්අඩංගුවට ගෙන ඇති ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් ඉල්ලා අද(21) උද්ඝෝෂනයක් පැවතිනි.

විශාල ජනතාවක් සහභාගී වූ එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය යි. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ, අනෝමා ෆොන්සේකා, විජිත හේරත්, අර්ජුන රණතුංග සහ ශිරාල් ලක්තිලක ඇතුලු දේශපාලන පක්ෂ සහ කලා සංවිධානවල පිරිසක් පෙරටු කොට ගනිමින් කැම්බල් පිටියෙන් ගමන් ඇරඹු විරෝධතා පෙළපාලිය ලිප්ටන් වටරවුම දක්වා ගමන් කළේ ය.

උද්ඝෝෂනකරුවන් ලිප්ටන් වටරවුමේදී රුස්වීමක් පැවැත් වූ අතර ජවිපෙ නායකයින් ඇතුලු පිරිසක් එහිදී ජනතාව ඇමතීය. එහි දි අදහස් දැක්වූ අනෝමා ෆොන්සේකා ‛‛මට අදහ ගන්නත් බෑ මේච්චර සෙනඟක් අපිත් එක්ක ඉන්න එක ගැන. මේ වෙනකොට අපි සියලු දෙනා දුක් විඳිනවා. මට ඒක දරා ගන්නත් බෑ. අපි කවදාවත් වැටෙන්නේ නෑ. හැමෝම හිතාගෙන ඉන්නේ අපි දුර්වලයි කියලා. අපි කාටවත් වට්ටන්නත් බෑ.’’