සිංහල, Colombo, Democracy, Governance, Human Security

සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මියයයි

සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ[26] පස්වරුවේ පුද්ගලයෙක් සිය සිරුරට ගිණි තබා ගත්තේ ය. ගිණිතබා ගත් පසු කලුබෝවිල රෝහලටත් ඉන් පසු ජාතික රෝහලටත් මාරුකර යැවීමෙන් පසු අද[27] උදෑසන ඔහු මිය ගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ රියන්සි අල්ගම නැමති වැලිගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

ඊයේ පස්වරු 4.35 ට පමණ මෙසේ සිය සිරුරට ගිණි තබා ගත් මොහු ඉන්පසු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානවලට තමන් විරුද්ධ බවත්, එම ප්‍රතිසංවිධාන හරහා පක්ෂය දෙකඩ වන බවත් එයට තමන් තරයේ විරුද්ධ බවත් මේ පිළිබදව තමන් පක්ෂයේ ඉහළ තැන්වලට දැන්වූ බවත් ඉන් කිසිදු ප්‍රතිචාරය නොලැබුනු බැවින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් බවත් ය.
http://www.rottengods.com