iMage: tamilguardian.com

මුලතිව් හි, මාන්කුලම් රෝහල් භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා කැනීම් කටයුතු සිදුකරන විට එම රෝහල් භූමියෙන් ඇටකටු කැබලි සොයා ගන්නා ලද්දේ පෙබරවාරි 12වනදාය.


එම ඇටකුටු හමු වූ ස්ථානයේ මූලික පරික්ෂාවක් සිදුකල මුලතිව් දිසා විනිසුරු එස්. ලෙනින් කුමාර් පොලීසියට නියෝග කරන ලද්දේ, එම ඇටකටු හමු වූ ස්ථානය ආරක්ෂා කරමින් ඊළග දිනයේදී නැවතත් කැණිම් ආරම්භ කරන ලෙසයි. එසේම එම ස්ථානයේ ඉතිහාසය පිළිබද තමන්ට වාර්තාවක් සපයන ලෙසද දිසා විනිසුරුවරයා පොලීසියට වැඩිදුරටත් උපදෙස් දුන් බවට ද වාර්තා විය.

උතුරේ රෝහල් සහ යුද්ධයේ අවසන් අදියර

යුද්ධාවසන කාලයේ දී උතුරේ, විශේෂයෙන් මුලතිව් කලාපයේ තිබුණු රෝහලවලට බෝම්බ දැමූ බවටත්, බර අඅවි ප්‍රහාර එල්ල කල බවටත් චෝදනා එල්ල විය. මෙය විශේෂයෙන් ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අමුඅමුවේම උල්ලංඝනය කල අවස්ථාවක් බවත් මේ පිළිබද විදිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් තවමත් උතුරෙන්, ජාත්‍යන්තර සංවිධාන විසින් ඉල්ලා සිටින තත්ත්වයක් තුළ නැවතත් රෝහලකින් ඇටකටු මතුවීම තුළම පෙන්නුම් කරන්නේ එම පරීක්ෂණ පිළිබද ඉල්ලීම සාධාරණ බවයි.

යුද්ධයේ අවසන් මොහොතේ පුදුමාතලන් ප්‍රදේශයේ කොටින් වෙත එල්ල කරන බව සිතා අසරණ ජනතාව වෙතත් ශ්‍රී ලංකා හමුදාව විසින් තහනම් කළ පොකුරු බෝම්බ (Cluster Bombs) සහ පොස්පරස් බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට 2010 සැප්තැම්බර් 20 සු සුඩර් ඔළි පුවත්පත වාර්තා කලේය. මෙයින් ජනතාවට බරපතල හානි සිදු විය. දිනකට වැසියන් 400ක් 600ක් අතර ප්‍රමාණයක් මිය ගියහ. ඒ සමගම දාහක් පමණ තුවාල ලැබූ බවත්, යුද්ධයේ අවසන් දින වල වන්නියේ සිදු වූ අති භයානක සිද්ධීන් පිළිබඳව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ඉදිරියේ හානියට පත් වැසියෙක් 2010 සැප්තැම්බර් 19වනදා පූනරින්හි දී සාක්‍ෂි දුන්හ බව 2010 සැප්තැම්බර් 20 වන දින සුඩර් ඔළි පුවත් පත වැඩිදුරටත් වාර්තා කලේය.(කියවන්න)

ලෝකයේම භාවිතය තහණම් වූ මෙම පොකුරු බෝම්බ පිළිබද චෝදනාවටද අද දක්වා කිසිදු පරීක්ෂණයක් සිදු කර නොමැත. එසේම මෙම පොකුරු බෝම්බ පිළිබද සාක්ෂි ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පිහිටවු උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම වෙතය. දැන් නැවතත් එම ජනාධිපතිවරයා ලංකාවේ අගමැති වී ඇත.

කෙසේ නමුත් මෙවැනි ඇටකටු හමු වීම් වැනි දේවල් යුද්ධයක දී සාමාන්‍යයනේ සිදුවන දෙයක් යැයි කෙනෙක්ට(යුදවාදියෙක්ට) කිව හැකිය. නමුත් ප්‍රශ්ණය වන්නේ රජයේ රෝහල්වලින් එසේ ඇටකටු සහ මූනිස්සම් හමුවීමත්, ලෝකයේම තහණම් කල පොකුරු බොම්බ වැනි ප්‍රහාරයන් එල්ල කල බවට ඇති චෝදනාවන්ය. එම නිසා මේ සියලු දේවල් සම්බන්දයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකල යුතු යැයි වසර ගණනාවක් නැගෙන හඩ වඩා තීව්‍ර වනු ඇත. එයින් පලා යාමට ලාංකීය රාජ්‍යට හැකියාවක් නැත. පරීක්ෂන පිළිබද කල් මරමින් සීටිමෙන් සිදුවන්නේ තව දුරටත් එම චෝදනාවන් සනාථ වීමේ ඇති සම්භාවිතාව ඉහල යාම පමණි. එබැවින් යුද්ධාවසානයේ සිටි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් අද ජනාධිපතිය. එවකට ජනාධිපති දැන් අගමැතිය. එම නිසා මේ පරීක්ෂණ පිළිබද ඉල්ලීම ඔවුන් ට කුණු කූඩයට දැමිය නොහැකිය. එම ඉල්ලීම කුණු කුඩයට දැමූවත් බොහෝ අයගේ හෘද සාක්ෂීන් ඒ පිළිබද ඔවුන්ට වද දෙනු ඇත.

කෙසේ නමුත්, යුද්ධයේ අවසන් සමයේ 59වන සේනාංකය සහ විශේෂ බලකාය III විසින්, 2018 නොවැම්බර් 17වන දින මාන්කුලම් ප්‍රදේශය සිය ග්‍රහණයට ගත් බව ජෙඩීස් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ ය.