සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

”සියත”ට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්.

අද[30] අලුයම සියත ටීවී සහ රියල් රේඩියෝ පවත්වාගෙන යන කොළඹ හුනුපිටිය වැව පාෙර් පිහිටි ප්‍රධාන කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එහිදී එම කාර්යාලයට හානි සිදු වී ඇති අතර ඉන් තුවාල ලබා කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සියත මාධ්‍ය ජාලය පවත්වාගෙන යනු ලබන්නේ වොයිස් ඔෆ් ආසියානු ජාලය නැමති පුද්ගලික සමාගමයි. සියත ටීවී වලට අමතරව සියත එෆ්එම් සහ වෙට්‍රි එෆ්එම් නැමති විකාශනයන්ද පවත්වාගෙන යනු ලබයි.