සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

නි. ඇමති මර්වින්ට ‛‛සමෘද්ධියේ’’ විරෝධය

ඩෙංගු මර්ධන වැඩසටහනට පැමිණ නොසිටි නිසා කැළණිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු ඊයේ(3) මර්වින් සිල්වා නියෝජ්‍ය ආමාත්‍යවරයා විසින් ගස් බැදීම නිසා එයට විරුද්ධව හෙට(5) මුලු දිවයිනේම සහ විශේෂයෙන් කරිබත්ගොඩ නගරයේත් උද්ඝෝෂනයක් සංවිධානය කර ඇතැයි ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂි පර්යේෂණ නිළධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා පවසයි.

ඔහු වැඩිදුටත් ‛විකල්ප’ සමඟ කියා සිටියේ ‛‛දැනටමත් අපි ඒකට විරෝධය ප්‍රකාශ කරලා මධ්‍ය සාකච්ඡාවකුත් තිබුණා. හෙට විරෝධතා ක්‍රියාමාර්ග මුළු රටේම ක්‍රියාත්මක කරනව. ගම්පහ, කිරිබත්ගොඩත් ලොකු විරෝධතාවයක් කරනව.’’

මේ පිළිබදව වැඩිදරටත් අදහස් දැක්වූ ලේකම් ජගත් කුමාර මහතා ‛‛මේ නිළධාරියා අල්ල ගන්න බෑනේ, කැමැත්ත දීල වගේනේ බඳින්න. ඒ ගොල්ලො වෙන මේ මර්වින් සිල්ව ව බෙරගන්න, එයා අර කරපු ප්‍රකාෂයට, එයාගේ ගෞරවය බේරගන්න, මම කරොත් කරන මිනිහෙක් කියල පෙන්වන්න, මේයත් එක්ක ඩීල් එකක් දාල වගෙයි ආරංචිය තියෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. එයා අපේ ක්‍රියාකාරී නිලධාරියෙකුත් නෙමෙයි. ඒ ශාඛාවත් පහුගිය කාලේ අපිත් එත්ක සම්බන්ධ වුණේ නැහැ. මොකද, ඇමතිතුමාට බය හරි, ඇමතිතුමාට කියල වැඩ කරගන්න පුළුවන් කියලා හිතලා වෙන්න ඇති. ඉතින් සිද්ධියක් විදිහට, සමස්ථයක් විදියට, ගත්තහම රාජ්‍ය සේවයටයි, සමෘධි නිලධාරීන්ටයි බලපෑවනේ. ඒ නිසා අපි පොදුවේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනව. නමුත් මේ නිළධාරියාගෙන් කිසිම ලියුමක් ප්‍රකාශයක් ගන්න බැරුවයි ඉන්නේ.’’
‛‛ හෙට ලංකාව පුරාම සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් මේ සිද්ධිය හෙලා දැකලා විරෝධතා ව්‍යාපාර, උද්ඝෝෂණ පැවැත් වෙනවා. ඊට අමතරව ගම්පහ, කිරිබත්ගොඩ නගරයේ දී ඒ දිස්ත්‍රික්කයේ 2000 ක් විතර එකතුවෙලා මර්වින් සිල්වා ඇමතිතුමාගේ ආසනයේදී මෙම විරෝධතා පවත්වනවා.’’

මේ පිළිබදව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිළධාරි සංගමයේ සභාපති නිශාන්ත උඩවත්ත මහතා මාධ්‍යට පවසා සිටියේ ‛‛හෙට සිට ඩෙංගු මර්ධන වැඩසටහනින් සමෘද්ධි සංවර්ධන නිළධාරින් ඉවත්වන බවත්, ජනාධිපතිවරයා මැදිහත් වී මර්වින්ගේ කෑලෑ නීතිය අහෝසිකර රටේ නීතිය කැළණියේ ද ක්‍රියාත්මක කල යුතු බවය.