සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

ගම, නගරය ආක්‍රමණය කිරීම නිසා හඳගමගෙන් පොළීසිය ප්‍රශ්ණ කරයි.

‛ගම නගරය ආක්‍රමණය කරයි’ යන තේමාව යටතේ අද(2) ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් සංවිධානය කර තිබූ සංවාදයක ප්‍රධාන කථීකයා වූ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාගෙන් ඒ පිළිබදව පොළීසිය ප්‍රශ්ණ කර තිබේ.

මෙම සංවාදයේ පුර්ව ප්‍රචාරක පෝස්ටරයක් කොළඹ නගරයේ අද අලවා තිබූ අතර එහි හඳගම මහතාගේ නම පමණක් සඳහන් වී ඇති නිසා පොළිසිය ඔහුගෙන් ප්‍රශ්ණ කළ බව අද[2] ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයෙ පැවති එම සංවාදයේදී අශෝක හඳගම මහතා පවසා සිටියේ ය.

‛මට ග්‍රාමසංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය විසින් ආරාධනාවක් ලැබිලා තියනවා මට කතාවක් කරන්න. ඒක නිසා මම ඒකට යනවා ඔයාලටත් ඕන නම් ඇවිල්ලා අහගෙන ඉන්න’ යනුවෙන් පොළිසියට පැවසූ බව හඳගම මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය. කෙසේ වෙතත් පොළිසිය පවසා ඇත්තේ මේ දිනවල පෝස්ටර් ඇලවීම තහනම් නිසා මෙසේ ප්‍රශ්ණ කිරීමට පැමිණි බවත් ය.

කෙසේ වෙතත් මෙවැනි සංවාද, නාට්‍ය, චිත්‍රපට වැනි සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොළීසිය තම බලය භාවිතා කරමින් විවිධ ලෙස ඒවා වාරණය කිරීමට පසුගිය කාලයේදී විවිධ උත්සහ ගන්නා ලදි.

එහි ආසන්නම සිද්ධිය වාර්තා වූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‛දෙබිඩ්ඩෝ’ නාට්‍ය වේදිකා ගත වන මොහොතක පොළිසිය පැමිණ ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමත් සහ එහි දුම්පානය කරන ලද ජවනිකාව ඉවත් කිරීමට බල කිරිමත් ය.

සටහන

පෝස්ටර් ඇලවීම නිසා පොලීසිය ප්‍රශ්ණ කරන්නේ නම් දිනකට කොළඹ නගරයේ අලවන ලද පෝස්ටර්වල හිමිකරුවන්ගෙන් පොළිසිය මෙසේ ප්‍රශ්ණ කිරීමකට ලක් කල යුතුය. එැවැනි සිදුවීමක් මෙතෙක් කිසිදු ස්ථානයක වාර්තා වී නැත. එබැවින් මෙය කලා පොලීසියේ තවත් එක් පොළිස් වැඩක්ය. කොළඹ ඇතුලු නගරවල ඇලවූ පොස්ටර් සඳහා මෙම වෙබ් අඩවිය බලන්න www.lankaposter.wordpress.com.

ෙම් එම ෙපා්ස්ටරය යි.