iMage: Twitter/Rasamanikyan

යුද්ධකාමී තර්ජනයක් උද්ගත වූ අවස්ථාවක දී ඊට එරෙහිව පනවන නීතියක් තාවකාලික විය යුතු නමුත් එය වසර 40 කට වඩා වැඩි කාලයක් පවතී සහ එය තවදුරටත් විඳදරාගතය යුතුව ඇත. සිය ගණනක් මිනිසුන් ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධව නඩු විභාගයක් හෝ වධහිංසනයට ලක්කර ලබාගන්නා ලද පාපොච්ඡාරණ මත පදනම්ව වරදකරුවන් වීම බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් බලා සිටී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව :්‍යඍක්‍ීඛ* ප්‍රකාශ කරන්නේ 2021 වර්ෂයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් 109 ක් වාර්තා වන බවයි.

වර්තමානය වනවිට විරුද්ධ මත මාර්ධනය කිරීමට සහ සාමකාමී විරෝධතාකරුවන්ට හිරිහැර කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරනු ලබයි. එමෙන්ම තරුණයින් තිදෙනෙකු කිසිදු චෝදනාවක් හෝ අධිකරණ විමර්ශනයක් සඳහා වන ප්‍රවේශයක් නොමැතිව රඳවා තබාගෙන ඇත. (ඉන් එක් අයෙක් පසුගිය 8වනදා කිසිදු චෝදනාවක් නොමැතිව අධිකරණය විසින් නිදහස් කළේය) ඔවුන් මාස 12 ක් වැනි දීර්ඝ කාලසීමාවක් එසේ තබාගත හැකි අතර මෙසේ අත්තනෝමතිකව මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගත් තවත් බොහෝ දෙනෙක් දශකයට වැඩි කාලසීමාවක් රඳවා තබාගෙන ඇති අතර ඔවුන් කුමන චෝදනාවක් මත එසේ රඳවාගෙන ඇත්දැයි නොදැන රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිති. මාර්තු මස සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම නවතා ඇති බව රජය මෙම වසරේ ජූනි මස ප්‍රකාශ කරන ලද නමුත් අගෝස්තු මාසයේ දී ශිෂ්‍ය නායකයින් තිදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම මගින් රජය විසින් එකී ප්‍රකාශය කඩකර ඇත.

1979 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ දා සිට කොපමණ පිරිසක් එකී පනත යටතේ අත්තඩංගුවට ගෙන රඳවා තිබේද යන්න හෝ ඔවුන් කොපමණ කාලයක් සිරගතව තිබේද යන්න පිළිබඳ සම්පූර්ණ සංඛ්‍යා ලේඛණයන් මානව හිමිකම් ක්‍රියාධරයන් පර්යේෂකයින් හෝ නීතිඥවරුන් නොදනී. අත්අඩංගුවට ගෙන මෙසේ රඳවා සිටින පුද්ගලයින් අතරින් බහුතරයක් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන ලද බවට චෝදනා ලබා සිටින දෙමළ ජාතිකයන් වන නමුත් මෑතකාලීනව එසේ රඳවාගෙන සිටින පිරිසෙන් බහුතරය වනුයේ ප්‍රාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද මුස්ලිම් ජාතිකයන් වේ. බොහෝදෙනෙකු සිරගතව සිටින අතර සෙසු පුද්ගලයන් මාස ගණනාවක් රැඳවුම් භාරයකින් පසුව චෝදනා නොමැතිව නිදහස් කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව: විසින් 2020 නිකුත් කරන ලද වාර්තාවකට අනුව,2018 වර්ෂයේ සැප්තැම්බර් මාසය වනවිට, අවම වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් 29 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර (නඩු විභාගයට) ගත කර ඇති අතර පුද්ගලයන් 11 දෙනෙකු නඩු විභාගයට පෙර වසර 10 සිට 15 දක්වා කාල සීමාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. මේ සම්බන්ධව නඩු විභාගයක් පවත්වන ලද දීරඝතම කාලය වනුයේ වසර 16 ක කාලසීමාවකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 84% ක් පමණ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වධහිංසාවන්ට ලක්වන බවත් ඉන් 90% කට වැඩි පිරිසකට සිංහල භාෂාවෙන් සටහන් කරන ලද යම් ලියවිල්ලකට අත්සන් කිරීමට බලකර ඇති බව අධ්‍යනයනන් මගින් හෙළි වී තිබේ.

හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් වැනි ඉහළ පෙළේ සිද්ධීන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වී ඇති නමුත් සිය ගණනක් පුද්ගලයන් සම්බන්ධ මෙවන් සිදුවීම් බලරහිතව හා හඬක් නොමැතිව පවතී.

නීතිය සංශෝධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරනු ලබන දේශපාලනඥයින් , නීතිඥයින් සහ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙකී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා දීප ව්‍යාප්ත වශයෙන් වූ අත්සන් ව්‍යාපාරයක් මේ වනවිට ක්‍රියාත්මක වේ. මෙකී අත්සන් ව්‍යාපාරය පසුගිය සැප්තැම්බර් 10 වැනි දින කන්කසන්තුරෙන් ආරම්භ වූ අතර එකී ප්‍රචාරණ ව්‍යාපාරය ඔක්තෝම්බර් 5 වැනි දින හම්බන්තොට දිස්ත්‍රික්කය ද ඇතුළුව සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් අවසන් වේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මෙම උද්ඝෝෂණය උතුරේ හා දකුණේ සිටින ජනතාව එක්සත් කරවනු ලබන සාධකයක් වශයෙන් සළකා සිදු කරන ලද අතර, දකුණේ සිටින ජනතාවට ප්‍රථම වතාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිවිපාක දැනෙන බවත් පෙන්වා දෙන ලදි. ගොවීන්, ධීවරයින්, කර්මාන්තශාලා සේවකයින් සහ ආගමික නායකයින් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය මට්ටමේ සාමාජිකයන් කිහිපදෙනෙකු ඇතුළත්ව දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් මෙම පෙත්සමට අත්සන් තබා ඇත.

කොපමණ අත්සන් ප්‍රමාණයක් එකතු කළ ද මෙකී අත්සන් ව්‍යාපාරය විසින් පෙන්වාදෙනුයේ එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන ව්‍යාපාරයකට වඩා දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ලෙස ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ කිසිදා අසා නොතිබූ බොහෝ අය දැන් ඒ පිළිබඳව යම් දැනුමක් ඇත. ඔවුන් තම දිස්ත්‍රික්කය පුරා වෙසෙන සෙසු පුරවැසියන් හට එකී පණිවිඩය රැගෙන යනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන තුරු අපි එකමුතු හඬකින් යුතුව දැඩි විරෝධතාවයන් දියත් කරන බව ඔවුන් පවසයි.

මේ වසරේ මාර්තු මාසයට සාපේක්ෂව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ වැඩි දැනුවත් කිරීමක් සහ එය ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මහජනයා අතර පවතින බව මගේ හැඟීමයි. ප්‍රචාරණ ව්‍යාපාරයේ සංවිධායකයකු වන දෙමළ ජාතික පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්්‍යම් පෙන්වා දෙනු ලබන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය තවමත් වෙනස්ව නොමැති බවයි.

රජය වෙත යම් පණිවිඩයක් ලබාදීමේ එක් ක්‍රමයක් වනුයේ දැනුම්වත් කිරීමයි. සැබැවින්ම මෙම නීතිය කොතරම් කෘර සහගත ද සහ භයානක ද යන්න පිළිබඳව වැඩි වැඩියෙන් ජනතාව දැනුම්වත් විය යුතු ය. පොලිස් නිලධාරීන් සාධාරණ, ගෞරවණීය සහ අපක්ෂපාතී බවත් නීතිපතිවරයා ස්වාධීන හා සාධාරණ මනසක් පුද්ගලයන් වෙත යොමුකරමින් කටයුතු කරන බවත් ඔවුන් තුළ හැඟීමක් ඇත. නමුත් යථාර්ථය එසේ නොවන අතර ඔවුන් ජාතිවාදී, ලිංගිකත්වය, මුදල් පිළිබඳව අවධානය යොමුකරන, දූෂිත හා පක්ෂග්‍රාහී වෙති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින අත්තනෝමතික ස්වභාවය පිළිබඳව ඔහුගේම අත්දැකීම් පිළිබඳව විස්තර කරනු ලබන හිජාස් හිස්බුල්ලා ප්‍රකාශ කරයි. හියුමන් රයිට්ස් වොච්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් , සත්‍ය හා යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය මෙන්ම ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කමිටුව ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එහි පවතින අත්තනෝමතික හා නොපැහැදිලි ස්වභාවය නිසා අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන අසාධරණ නීතියක් සඳහා වන මූලික නිදසුනක් වශයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනහැර දක්වමින් යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ සෙසු ප්‍රධාන මූල්‍ය ප්‍රදානයන් ලබාදෙනු ලබන ආයතන විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව පවතින අයහපත් වාර්තාවන් සම්බන්ධව ක්‍රියාකරමින්, මානව හිමිකම් වාර්තාව වැඩිදියුණු කරන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කර ඇත.

ජාත්‍යන්තර නීතියට අනුකූල වීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා අවශ්‍ය පූර්වාවශ්‍යතා පහක් වනුයේ – ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව ත්‍රස්තවාදය සඳහා නිර්වචන භාවිත කිරීම; – විශේෂයෙන් එය සමාගමයේ මඑ ආගමික හෝ විශ්වාසයන්හි නිදහසට ඇති අයිතීන්වලට බලපෑම් කළ හැකි අවස්ථාවන් හි දී ; නීතිමය නිශ්චිතතාවය සහතික කිරීම, – අත්තනෝමතික ලෙස පුද්ගලයන්ගේ නිදහස අහිමි කිරීම වැළැක්වීම සහ – එසේ කිරීම නවතාලීම සඳහා විධිවිධාන අන්තර්ගත කිරීම; වධහිංසා පැමිණවීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් කිරීම; සහ – අධිකරණ අධීක්ෂණය සහ නීති උපදෙස් සඳහා ප්‍රවේශය ඇතුළුව නිසි ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග පැවැත්වීම සහතික කිරීම.

රජය මාර්තු මාසයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යම් සංශෝධන සිදුකරන ලද නමුත් ඒවා ප්‍රමාණවත් නොවේ. රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලද බව ප්‍රකාශ කරන ලද අතර, ජාත්‍යන්තර යහභාවිතයන්ට අනුකූලව වඩාත් පුළුල් ජාතික ආරක්ෂක නීති සම්පාදනයකින් එය ප්‍රථිස්ථාපනය කිරීම සඳහා එහි අභිප්‍රාය ප්‍රකාශ කරන ලද නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ සංශෝධන මගින් යම් යම් ආරක්ෂණ ක්‍රම වැඩිදියුණු කළ ද ගැටළුකාරී ප්‍රතිපාදන බොහෝමයක් තවදුරටත් රඳවාගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය පිළිබඳව වන තර්ජන දැනට පහව ගොස් ඇති බැවින් එය වැළැක්වීම සඳහා විශේෂ නීතියක් අවශ්‍ය නොවන බව බොහෝ නීතිවේදීන්ගේ අදහසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩු කිහිපයක් මෙහෙයවන හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයෙක් වන නීතිඥ ගමාලි හුසේන් පෙන්වාදෙනුයේ
දණ්ඩ නීති සංග්‍රහය, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත සහ තවත් බොහෝ නීති ප්‍රමාණවත් වන අතර වෙනම නීති අවශ්‍ය නොවන බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කොට සිටින රැඳවියන් සමග කටයුතු කරනු ලබන නීතිඥයින් පෙන්වාදෙනුයේ ඇතැම් රැඳවියන් සාක්ෂි නොමැතිව නිස්සාර හේතූන් මත අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකොට මාස 12ක් රඳවා තබා ගත හැකි වීම යන්නෙන් අදහස් වනුයේ සාක්ෂි ඉදිරිපත් කිරීමට සහ අන්‍යන් බියවද්දා බොරු සාක්ෂි ලබාගැනීම සඳහා පොලීසියට ඕනෑතරම් ඉඩ ප්‍රස්ථාව පවතින බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔබ හෝ මා වුව ද ඕනෑම අයකු අත්අඩංගුවට ගත හැකි ය. ශිෂ්‍ය නායකයකු වන වසන්ත මුදලිගේ ප්‍රභූ නිවාස ගිනිතැබීම යටතේ අත්අඩංගුවට ගන්නා ලද නමුත් ගෝඨාගෝගම දී සාමකාමී විරෝධතාකරුවන් හට පහරදුන් පිරිස් පිළිබඳ කවර කථා ද? ඔවුන් හට මේ පනත අදාළ නැද්ද? හිස්බුල්ලා මහතා අසයි.

එයින් පීඩා විඳිනුයේ රැඳවියන් පමණක් නොව ඔවුනගේ පවුලේ සාමාජිකයන් ය. බොහෝ අවස්ථාවන්හි දී පවුල්වල එකම සහය හා රැකවරණය අත්අඩංගුවට ගන්නා ලද පිරිමි පුද්ගලයා වන අතර එවන් පවුල්වල කාන්තාවන්ට සමාජයෙන් ඈත් වී වෙනස්කම්වලට මුහුණදීමට සිදවේ.

29 හැවිරිදි තරුණයෙක් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරනු ලබන බවට චෝදනා කරමින් ෆේස්බුක් හි ඡායාරූපයක් පළකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අවුරුදු දෙකක් හිරගතව හිටියා. රජයේ නිලධාරියෙක් වූ ඔහුට රැකියාව අහිමි වූ අතර විදේශ ගමන් බලපත්‍රය ද ලබාගෙන ඇති හෙයින් ඔහුට රැකියාවක් සඳහා විදේශගත වීමට ද නොහැකි විය. දශක ගණනාවක් පුරා මෙම පනත යටතේ ගණනය කළ නොහැකි තරමට මිනිස් ජීවිත විනාශ වෙනවා. රාසමානික්‍යම් පැවසුවේ ය.

යුරෝපීය සංගමය, එක්සත ජනපදය, එක්සත් රාජධානිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළත්ව ශ්‍රී ලංකාවට මිත්‍ර රාජ්‍යන් හා සංවිධාන විසින් මෙවැනි අපයෝජනයන් අවසන් කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට ශ්‍රී ලංකා රජය විසින් නිශ්චිත, කාලානුරූපී පියවර ගනු ලබන තෙක් ශ්‍රී ලංකා ආණ්ඩුව එහි කැපවීම් සඳහා අනුගත විය යුතු අතර රටේ ත්‍රස්ත මර්දන යාන්ත්‍රනයෙන් ඔවුන්ගේ සහය ඉවත් කරගත යුතු ය.

යුරෝපා වෙළඳපොළවලට තීරුබදු රහිත ප්‍රවේශය ලබාගැනීමට නම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට හා ඕනෑම අකාරයක නව ත්‍රස්ත මර්දන නීති සම්පාදනයන් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා කඩිනම් හා අව්‍යාජ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය කරමින් ශ්‍රී ලංකාව සිය මානව හිමිකම් බැඳීම් සපුරාලියය යුතු බවට යුරෝපා සංගමය අවධාරණය කළ යුතු ය, යනුවෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය මේ වර්ෂයේ මුල්භාගයේ දී ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳව වන වාර්තාවක ප්‍රකාශ කර ඇත.

වසර 43 ක් ක්‍රියාත්මක වුව ද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එල් ටී ටී ඊ සංවිධානයේ සීමා ඉක්ම වූ ක්‍රීයාවන් හෝ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට හෝ සිදුකළ කිසිදු කාර්යයක් නැත. ඒ වෙනුවට, එය භාවිත කරන තිබෙනුයේ විසම්මුතියය යටපත් කිරීමට, දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීමට හා සුළුතර ප්‍රජාවන් බියගැන්වීම හා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ගෙන යන අරගලය නිහඬ කිරීම සඳහා වේ. එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කළ නොහැකි බැවින් එය අහෝසි කළ යුතු ය.

(groundviews.org/ වෙබ් අඩවිය ට මිනෝලි ද සොයිසා විසින් ලියූ The Urgent Need to Repeal a Law that Cannot be Reformed ලිපියේ සිංහල පරිවර්තනයයි

මිනෝලි ද සොයිසා | Minoli de Soysa

තාවකාලික ප්‍රතිපාදනයක් ලෙස ආරම්භ වූ නීතියක්, පත් වූ ආණ්ඩු විසින් දිර්ඝ කාලීනව අත්තනෝමතික ලෙස රඳවා ගැනීමට, වධ හිංසා පැමිණවීම හරහා සාවද්‍ය පාපොච්චාරණ ලබා ගැනීමට සහ සුළුජන ප්‍රජාවන් හා සිවිල් සමාජ සංවිධාන ඉලක්ක කිරීමට වසර 43ක් පුරා යොදා ගනිමින් පවතියි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මානව හිමිකම් ක්‍රියාධරයන්, නීතිඥයන් සහ ආගමික නායකයන් විසින් ජාතිකව සහ ජාත්‍යන්තරව හෙළා දකිනු ලැබ ඇත. මානව හිමිකම් සංවිධානවල සහ ක්‍රියාධරයන්ගේ බලවත් ඉල්ලීම වනුයේ, සංශෝධනය කළ නොහැකි නීතියක් ලෙස සැළකෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම යි. ලිපි, වීඩියෝ සම්මුඛ සාකච්ඡා, ඡායාරූප කතාන්දර සහ ඉන්ෆොග්‍රැෆික් හරහා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ක්‍රියාමාලාවක් විකල්ප, මාට්‍රම් සහ ග්‍රවුන්ඩ් වීව්ස් විසින් දියත් කර ඇත.