සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips

බේරුවලදී මරා දැමූණූ නිලුපුල් සහ මුර්ගයින්

මහරගම පොලීසිය ඊයේ(15) හරක් හොරු ඇල්ලීමේ මානුෂික මෙහෙයුමක යෙදුනේය. ඒ මහ දවල් බේරුවල දීය. බේරුවල නගරයේ ව්දි මිනිසුන්ගෙන් පිරි පැවතිනි. ඒත් සමඟම පොලීසිය සහ හරක් හොරු අතර මහ දවල් වෙඩි හුවමාරුවක් ඇති වූ බව වාර්තා විය.

එම වෙඩි හුවමාරුවේදී තම පියාත් සමඟ නගරයට පැමිණී අට හැවිරිදි සුදිල් නිලුපුල් දරුවා වෙඩි වැදී මිය ගියේ ය. එහිදී පොලීසියේ 4 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත්, පොළිස් නිළධාරියෙක් භාවිතා කල ගිනි අවියක් පොළිස් අත්අඩංගුවට ගත් බවත් අද මාධ්‍ය වාර්තා කර තිබිණී. එසේම එයට සහභාගී වූ පොළිස් නිළධාරීන් 4දෙනකු අත්අඩංගුවට ගත් බවත්, එයට අණදුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස් අධිකාරිවරයාට මාරුවීමක් ලබා දුන් බවත් ලංකාවේ මාධ්‍ය අද වාර්තා කලේය.

මිනිසුන්ගෙන් පිරි මහ දවල්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරිමට බැදි සිටින පොලීසිය සිදුකරන මෙවන් මෙහෙයුම් පිළිබදව අපේ රටේ මාධ්‍ය වාර්තා කරන්නේ ‛හරක්’ විදිහටම ය? අවිචාරවත් ෙලස, හුස්ම නොමැති අකුරුවලින්ම ය. හොඳම හරක් විහිලුව නම් අහිංසක දරුවෙක් මහ මඟ තම පියා ඉදිරිපිට මරා දමද්දී ‛පොළිස් නිළධාරියෙක් භාවිතා කල ගිනි අවියක් පොළිස් අත්අඩංගුවට ගත් බව කිසිදු හිරිකිතයකින් සහ විචාරයකින් තොරව වාර්තා කරයි. එසේ කර ඇත්තේ දරුවා මිය ගියේ පොලිස් වෙඩි පහරින්දැයි පරීක්ෂණ පැවැත්විමට යැයි එහි තවදුරටත් වාර්තා කරයි.

ගල්කිස්සේ මුහුදේත්, අගුලානේදිත්, ත්‍රිකුණාමළයේදීත් මරා දැමැණු අහිංසකයින්, මරා දැමීම පිළිබඳව මේ අහිංසක පොලීසියට තවමත් සොයා ගැනීමට නොහැකිය. ඒ අන් කිසිවක් නිසා නොව ඒ මේ නිසාය. මිනිසෙක් මරා දමා එය සිදු කළේ කවුරුන්ද යන්න සොයා ගැනීමට එම මිනිසාට නොහැකි වන්නේ, එය සිදු කළේ ඔහුම වීම නිසාය. මෙයත් එසේමය.

හරක් හොරුන්ට වෙඩි තැබුවත් හරක් හොරු තවමත් අල්ලා ගැනීමට පොළිසියට හැකි වි නැත. අහිංසක දරු සිඟිත්තා තුවක්කුවේ ගොදුරක් බවට පත්ව ඇත. හොරුන් අල්ලා ගැනීමට ගොස් අහිංසක දරු සිගිත්තෙක් බිළිගෙන තිබේ. එහෙත් ඔබ ගැන පත්තර පිටු ගණන්වල කඳුඑ නැති අකුරු ලියවෙනු ඇත. මුර්ග බව සඟවා ගත් අාරක්ෂකයින් පිරිවරා, සුදු සහ කාකි ඇඳුම් ඇදි (නො)මිනිසුන් ඔබේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙනු ඇත. නොබලන්න ඔවුන් දෙස ඔබේ නිලුපුල් දෑසින්. ඔවුන් මුර්ග බව සඟවා ගත් මිනිස්මුර්ගයෝ ය. ඒ මුර්ගයන් නොමැති මිනිසුන්ට ආදරේ කරන යහපත් දේශයක(ලංකාවේ නම් නොවේ) යලි උපදින්න.

තපූ විසිනි

Pic by dailymirror.lk