Colombo, Democracy, Governance, Human Rights, Media, Peace and reconciliation

සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් අත්සන් ව්‍යාපාරයක්.

මාස 30ක බරපතල වැඩ ඇතිව සිරගත කර සිටින හිටපු හමුදාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස රජයට බලකරිමින් ජනතා පෙත්සමත් අත්සන් කිරීම අද(5) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී මේ වන විට පැවැත්වෙයි. අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් මේ වන විට මෙම අත්සන් ව්‍යාපාරයට සහභාගී වී සිටියි.

මෙම අත්සන් ව්‍යාපාරය සංවිධානය කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජනතා ව්‍යාපාරය විසිනි.

මේ එහි ඡායාරූපයි..