සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛ඒකාධිපති වාදය බංගවේවා’, විශාල ජනතාවක් උද්ඝෝෂනයේ- උද්ඝෝෂණ කරුවන් සමඟ පොළීසිය ගැටෙයි

ප්‍රජාතන්ත්‍රවාදය වහා ස්ථාපිත කරන ලෙසත්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙසත් බලකරමින් අද(8) සවස, කොළඹ දුමිරියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත් වීය. එම උද්ඝෝෂනය අතරතුරදී බෙල්ලේ සාටකයක් පැළදී හිට්ලර්ට සමාන රුපයක් සහිත ‛ඒකා අධිපති’ යනුවෙන් සඳහන් පොස්ටරයක් සහ හිටපු යුද හමුදාපති නිදහස් කරන ලෙස බලකරමින් ‛ජෙනරාල් සිරගත කිරීම පොළව නුහුළන අපරාධයක්’ යැයි සඳහන් පෝස්ටරයක්, පොලීසියේ පෝස්ටර් ඇලවීමේ නීතියට අභියෝග කරමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුම්රියපොළ ඉදිරිපිට තාප්පයේ අලවන ලදි.

පැයකට ආසන්න කාලයක් එම පිරිස උද්ඝෝෂණයේ යෙදෙමින් ටෙලිකොම් ආයතනය දෙසට ගමන් කරද්දී එම ස්ථානයේ ඇති පාළම අසල දී පොළීසිය සමඟ ගැටුමක් ඇතිවිය.

මෙම උද්ඝෝෂණයට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, මහලේකම් තිස්ස අත්තනයාක, රවි කරුණානායක, මංගල සමරවීර, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, මනෝ ගනේෂන් මහත්වරු මෙන්ම වෘත්තීය සමිති හා සිවිල් සංවිධානවල නියෝජිතයන් සමඟ විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

කෙසේ වෙතත් පොළිසීය සහ උද්ඝෝෂණ කරුවන් අතර ඇති වු ගැටුමේදී පොළිස් නිළධාරීන් විසින් උද්ඝෝෂණයට එක් වෙමින් සිටි ඉතාමත් වසයක පුද්ගලයෙකුට පහර දෙනු දක්නට ලැබූ අතර එහිදී තත්වය වඩා උණුසුම් තත්වයක් ගත් අතර පසුව එම ස්ථානයේ උද්ඝෝෂණය කරමින් උද්ඝෝෂනය අවසාන කරනු දක්නට ලැබීය.

ෙම් ඒහි ඡායාරෑපයි.

>

</a

>

></a

</a