සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ඒකාධිපති වියරුවට එරෙහිව විපක්ෂ නායකවරයා ඇළවු පෝස්ටර් පොලීසිය එසැනින් ඉවත් කර ‛පොළිස් රාජ්‍යයේ’ තරම පෙන්වයි. මේ එහි සේයා රූයි.

‛මේ දැම්ම ඕවා ගලවන්න එපා. පොටෝ ගහනවා. එපා.. එපා..’ පොලිස් නිළධාරියෙක් එසේ පැවසුවේ අද[8] කොටුව පැවති උද්ඝෝෂණයේ දී විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පිරිස පොලීසියේ පෝස්ටර් නීතියට අභියෝග කරමින් අලවන ලද පොස්ටර් පොලීසිය විසින් ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දීය.

උද්ඝෝෂණය අවසන් වී උද්ඝෝෂන කරුවන් ඉවත් වී පැය බාගයක් යන්නටත් ප්‍රථම පොලිස් නිළධාරීන් එම පොස්ටර් ඉවත් කරන්නට සූදානම් විය. ‛පොටෝ ගන්නවා. ගන්නවා.. අපි මේවා ගලවනවා.’ යැයි උසස් පොලිස් නිළධාරියෙක් කිවේ එතැන රැදී සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනා දෙස බලා ගෙනය. ඉන්පසූ ඔවුන් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පිරිස විසින් අලවන ලද පෝස්ටර් ඉවත් කළේ ය.

එම පෝස්ටර් ඉවත් කිරීම පිළිබද අප විමසීක් කළ විට එම පොලිස් නිළධාරීන් පවසා සිටියේ පරිසර හේතුන් නිසා ඒවා ඉවත් කර බවයි.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා ඇතුලු පිරිස පොලිස් නීතියට අභියෝග කරමින් අලවන ලද පෝස්ටර් ඒවායේ පාප්ප වේලෙන්නටත් ප්‍රථම පොලිසිය විසින් ඉවත් කරන ලද්දේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය පිළිබදව නැවතත් පසක් කර දෙමිනි.

මෙහි සමපූර්ණ වීඩියෝ දර්ශණ සඳහා www.youtube.com/vikalpasl වෙත පිවිසෙන්න

විපක්ෂනායකවරයා ඇතුලු පිරිස ‛ඒකා අධිපති’ පෝස්ටරය අලවමින්,


පොලීස් නිළධාරීන් එම පෝස්ටර් ඉවත් කරන අයුරු