සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‛‛නම නොමැති මේ මල් වඩම සොහොනක් නොමැති ඔබටයි…’’

පසුගිය වසර කිහිපය පුරාම ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කරන ලද තම ආදරණියන් සැමරීමට සීදුව රද්දොඑව අතුරුදහන් වූවන් වෙනුවෙන් නිමවා ඇති සහිවටනය අසලට අද(26) ද විශාල පිරිසක් එක්විය.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව මෙය සංවිධානය කර තිබූ අතර ඔවුන් එම අවස්ථාවේදී බෙදා හරින ලද පත්‍රිකාවක මෙසේ සඳහන් වී තිබිණී.‛‛ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ විවිධ රටවල සිදුවන මේ ආකාරයේ අතුරුදහන්කරවීම් වැලැක්වීම සඳහා විවිධ නීති, අණපනත්, සමුමූතින් රාශියක් සම්මත වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2006 දෙසැම්බර් 20 වන දින සම්මතකරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය අතුරුදහන්කරවීම වැලැක්වීම සඳහා සම්මත කර ගත් එවැනි වැදගත් ජාත්‍යන්තර සම්මුතියකි. අවුරුදු ගණනාවක සිට කරනු ලබන උත්සහයක ප්‍රතිඵලයක් ලෙස සම්මත කරගත් මෙම සම්මුතියට ලෝකයේ රටවල් ගණනාවකගේ එකඟත්වය ප්‍රකාශ වී එය ජාත්‍යන්තර සම්මුතියක් ලෙස සම්මත වූ නමුත් අතරුදහන්කරවීම සම්බන්ධව දශක ගණනාවක් තිස්සේ වාර්තා පිට වාර්තා තබා ඇති රටක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් අප රට මෙම සම්මුතියට මෙතෙක් අත්සන් කර නොමැත. මින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට තව දුරටත් මිනිසුන් අතුරුදහන්කරවීමේ අවශ්‍යතාවයක් ඇති බවද?’’

මේ එහි ඡායාරූපයි..

සටහන සහ ඡායාරූප
සම්පත් සමරකෝන්