සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛මාධ්‍ය ආයතන ගිණි තබද්දී ආණ්ඩුව බුදිද..?’’ ලංකා ඊ නිව්ස් ගිනි තැබීමට එරෙහිව මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ.

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද(01) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්විණ.

මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමටත්, ලංකා ඊ නිව්ස් ගිනි තැබූවන් සොයා වහාම නීතිය ඉදිරියට ගෙන ඒමටත් ආණ්ඩුවට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත් වුනු අතර, මාධ්‍ය සංවිධාන වලට අමතරව බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන වල නියෝජිතයන් රාශියක් මෙම උද්ඝෝෂණයට සහභාගී විය.

මේ එහි ඡායාරූපයි.