සිංහල, Colombo, Democracy, Governance, Human Rights

‛‛ජෙනරාල්ව නිදහස් කරපන්, දෙමළ දේශපාලන සිරකරුවො නිදහස් කරපන්’’ – බාහු

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිරගත කර වසරක් ගතවීම නිමිත්තෙන් අද (8) ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් බොරැල්ල, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ වල නායකයින් සහ ආධාරකරුවන් විශාල සංඛ්‍යාවක් මෙම සත්‍යග්‍රහයට සහභාගී විය.

“මේ රටේ අදම පාලනය, ජනතාව නොමග යවපු පාලනය විසින් සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවො මේ වැලිකඩ බන්ධනාගාරයේ තියාගෙන ඉන්නවා. දිගින් දිගටම අපි කිව්වා ජෙනරාල්ව නිදහස් කරපන්, දෙමළ දේශපාලන සිරකරුවො නිදහස් කරපන්, කියනවා යුද්ධය ඉවරයි කියලා. අපි කියනවා කරුණාකරලා සාමයට ඉඩ දීපන් කියලා. අපි කියන දේ අහන්නෙ නැතිව ඒකාධිපති පාලනය මේ රටේ ගෙනියන්න අද මේ පාලකයා වැඩකරගෙන යනවා. පහුගිය 04 වෙනිදා අහිංසක විදිහට ෆොන්සේකා නිදහස් කරන්න කියලා කියපු කට්ටියකට පහර ගහලා මැර බලය දාලා දිනුවයි කියලා හිතුවා. දිනුවද ? බලපන් අද පන්දාහකට වැඩි සෙනගක් මෙතනට ඇවිල්ලා ඉන්නවා.” යැයි මෙම අවස්ථාවට සහභාගී වූ නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ ය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන අය මෙම සත්‍යග්‍රහයේදී අදහස් දැක්වීය.

මෙම සත්‍යග්‍රහයේ අනිකුත් අවස්ථාවන්