සිංහල, Colombo, Democracy, Governance

71’’ – ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලේ 40වන සංවත්සරය සමරයි.

රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවන ලද නිදහස් ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ලට අදට(05) වසර 40ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් කොළඹදී සංවිධානය කර තිබිණි. ’ප්‍රත්‍යාවලෝකනය’ නමින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ එම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණේ “71 සහෝදරත්ව සංසදය” විසිනි.

1971 කැරුල්ලට සහභාගී වූවන් විශාල පිරිසක් සහභාගී වී සිටි එම උත්සවයේදී කැරැල්ලේදී මිය ගිය තම සගයන් සිහි කිරීමත් මූලික කර ගිනිමින් 1971 අරගලය පිළිබදව ඡායාරූප, චිත්‍ර මෙන්ම ඔවුන් එදා භාවිතා කල ඇදුම් වැනි දේ ඇතුළත් ප්‍රදර්ශනයක් ද එහි මූලිකත්වය ගත්තේ ය.

මෙම සැමරුමට සමගාමීව ‛‛71 කැරැල්ල’’ නමින් වෛද්‍ය රුවන් ජයතුංග විසින් සම්පාදනය කරන ලද පිටු 850කට වැඩි කෘතියද ද එලිදැක්වීය.

මේ එහි ඡායාරූපයි

More Photos