සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට – අන්තරය

විශ්ව විද්‍යාලවල සිසුන්ට හමුදා පුහුණුවක් දීම අවශ්‍ය නොවන බවද මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවද හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට බවද අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම ප්‍රකාශ කළේ, විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ට හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුවක් දීමේ වැඩසටහනක් මැයි 23 වැනිදා සිට ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වන බවත් එසේ හමුදා කඳවුරුවල පුහුණුව ලබාදීමට අන්තර් විශ්ව විද්‍යාලයීය බල මණ්ඩලය දැඩි විරෝධය දක්වන බවත්ය.

සති 3 ක කාලයක් සඳහා විශ්ව විද්‍යාල සිසුන් හමුදා කඳවුරු තුළ ගාල්කර මෙවැනි පුහුණුවක් ලබාදීම රට හමුදා පාලනයක් කරා ගෙනයාමේ එක් පියවරක් බවද හමුදා කඳවුරු තුළ කරන පුහුණුවක් තුළින් විශ්ව විද්‍යාල සිසුන් තුළ විනයක් ඇති කිරීමට නොහැකි බවද හමුදා පාලනයක් තුළ සිසුන්ගේ විනය සකස් කළ ‍නොහැකි බවද සංජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.