සිංහල, Democracy, Districts, Education, Governance, Health, Human Rights, Human Security, Life quips

මිලිටරි පුහුණුව: කායික පුහුණුව ක්‍රමක්‍රමයෙන් දැඩිවීමක්, අතැම් සිසුන් පුහුණු කඳවුරු වලින් පැන එමට තීරණය කරයි.

ඇඹිලිපිටිය, තුංකම හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවන විශ්ව විද්‍යාල සිසුන් 16 දෙනෙක් ආහාර විෂ වීමකින් රෝගී වූ බව පසුගිය 26 වනදා වාර්තා විය. මින් සිසුන් 06 දෙනෙක් රෝහලෙන් බෙහෙත් ලබා ගත් බවට රෝහල් ආරංචි මාර්ග පවසයි. මුල් දින කිහිපයේ පැවති ආහාර ප්‍රණීත වුවද ආහාර වල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් නරක අතට හැරෙන බවත් බොහෝ හමුදා කඳවුරුවලින් වාර්තා වේ.

අප සමග එක් ශිෂ්‍යයෙක් පැවසුවේ කායික පුහුණුව ක්‍රමක්‍රමයෙන් දැඩිවීමක් දක්නට ලැබෙන අතර, එය මිල්ටරි පුහුණුවක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි. මේ නිසා අතැම් සිසුන් පුහුණු කඳවුරු වලින් පැන ඒමට මේ වන විටත් තීරණය කර ඇති බව තව දුරටත් වාර්තා වේ.

පළමු දින කිහිපයෙන් පසු ක්‍රමක්‍රමයෙන් සිසුන් සඳහා ගුණාත්මක නොවන ආහාර සැපයීම, කායික පුහුණුව තර කිරීම ආදියෙන් පෙනී යන්නේ් ආණ්ඩුව බලාපොරොත්තු වූ හමුදා නවක වදය නොබෝ දිනකින්ම විශ්ව විද්‍යාල සිසුන් මුණ ගැසීමට පැමිණෙනු ඇති බවයි.