සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‛විකල්ප’ වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් නවතා දමයි.

Update (08.01pm)- ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසීම අවහිර කර දමා තිබූ විකල්ප වෙබ් අඩවිය දැන් මේ වන විට යථා තත්වයට පත් වී ඇත. – සංස්කාරක විකල්ප වෙබ් අඩවිය

පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක් ලෙස ලංකාවේ ක්‍රියාත්මක වන විකල්ප වෙබ් අඩවිය මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සේවාව හරහා පිවිසිමට ඇති අවකාශයන් නවතා දමා(වාරණය) ඇති අතර, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වාගෙන යනු ලබන ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියත් මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා පිවිසිමට ඇති අවකාශයන් නවතා දමා ඇත. එසේම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්(ශ්‍රී ලංකා) ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්(ශ්‍රී ලංකා) වෙබ් අඩවියත් ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පිවිසීම නවතා දමා ඇති වෙබ් අඩවි අතර වේ.

2007 වසරේ සිට පවත්වාගෙන යනු ලබන විකල්ප වෙබ් අඩවිය, ෆේස්බුක්(vikalpa Srilanka), ටිවීටර් vikalpavoices, ෆිලිකර්Vikalpasl සහ යූ ටියුබ්Vikalpasl යන සමාජ වෙබ් අවකාශන් තුළ ද තම මාධ්‍ය කටයුතු මෙහෙයවයි. විශේෂයෙන් විකල්ප වෙබ් අඩවිය ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස සදහා තම මාධ්‍ය අවකාශය පුරවැසි මාධ්‍යක් ලෙස භාවිතා කරමින් සිටි පුරවැසි මාධ්‍ය අවකාශයකි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සේවාවෙන් පිවිසීමට නොහැකි වන සේ අවහිර කර දමා ඇති විකල්ප වෙබ් අඩවිය ලංකාව තුළ වෙනත් අන්තර්ජාල සේවාවන්ගෙන් හෝ ප්‍රොක්සි හරහා පිවිසීමට හැකියාව ඇත.

කෙසේ නමුත් මේ සටහන ලියන මෙ‍ාහොත වන විට නැවත වරක් යතා‍ තත්වයට පත් වී අති නමුත්, අද සවස් කාලය පුරාම මෙම ව්‍යාකූලත්වය පැන නැගී තිබුණි.