සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

‛‛උතුරෙ ඡන්දෙ- පැරදුනාට, හරියනවද – ඔළු පැළුවට’’

පසුගිය ජූලි 29 දා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥාණසුන්දරම් කුගනාදන්(59) මහතාට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පෑම සහ ඒ පිළිබඳ සිදුකරන පොලිස් පරීක්ෂණ කඩිනම් කිරීමට ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් අද(02) දහවල් ලිප්ටන් වටරවුමේදී පැවැත් විය.

‛‛කුගනාදන් සහෝදරයාට ගිය සිකුරාදා එල්ලකරපු මේ ප්‍රහාරයෙන් ආණ්ඩුව නැවත වතාවක් ඔප්පු කරලා තියනවා මේ තත්ත්වය නවත්වන්න ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ යටතේ ඉන්න මැරයන්ට කිසිම උවමනාවක් නැහැ කියන එක.’’එහිදී අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසී ය.

එම උද්ඝෝෂණය සඳහා ජනමාධ්‍ය සංවිධාන, ආගමික පූජ්‍ය හා පූජකවරුන්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියේ ය.

එම උද්ඝෝෂණයට සහභාගී වූ බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් මහතා,‛‛ඡන්දෙට දවස් දෙකකට පෙර කුගනාදන් මහත්තයා මාව හමුවෙලා සම්මුඛ සාකච්ඡාවක් තිබ්බා. ඒ අවස්ථාවේදී එතුමා මට කිව්වා එතුමාට දවස් දෙක තුනකින් එන්ඩ ඉන්න අනතුර එතුමා දැනගෙන ඉන්නවා කියලා එතුමා කිව්වා. ඒ තරමටම යාපනයේදී මාධ්‍යට විරුද්ධව විශාල මර්ධනයක් මේ පාලකයෝ කරගෙන යනවා.’’

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසිනි.

මේ එහිදී භාවිතා කළ සටන් පාඨ කිහිපයක්

උතුරේ ඡන්දේ – පැරදුනාට
හරි යනවද – ඔළු පැළුවට
හිස නමලා – ජන මතයට
ඉඩ දීපන් – මාධ්‍යයට

කාගෙ ද මේ – යකඩ පොල්ල
ඔළුව පලන – යකඩ පොල්ල
ආණ්ඩුවේ – යකඩ පොල්ල
වල දාපන් – යකඩ පොල්ල

කවුද කවුද – ගැහැව්වේ
ආණ්ඩුවයි – ගැහැව්වේ
ඇයිද ඇයිද – ගැහැව්වේ
බය හින්දයි – ගැහැව්වේ

ජනමතයට – බය වුනා
හොර මැරකම් – එළි වුනා
මාධ්‍යයට – බය වුනා
යකඩ පොල්ල – එස වුනා

කරව් කරව් – ඉවත් කරව්
හදිසි නීති – ඉවත් කරව්
ප්‍රජාතන්ත්‍රේ – වළ දමනා
හදිසි නීති – ඉවත් කරව්


ඡයාරෑප – එස් රාජසේගර්

– වීඩියෝ සටහන් ඉතාමත් ඉක්මනින් ‘විකල්ප’ තුළින් බලාපොරොත්තු වන්න – සංස්කාරක

More Photos – Attack on Uthayan News Editor, Condemned!

[youtube]http://www.youtube.com/watch?v=xwQY5_uElsI[/youtube]