සිංහල, Colombo, Human Rights, Human Security

තාත්තා වෙනුවට 15හැවිරිදි පාසල් සිසුවා පොළිස් අත්අඩංගුවට…

අද(20) ප.ව. 2ට පමණ වැල්ලවත්ත, සුවිසුද්ධාරාම පාර, අංක 63/12, නිවසේ සිටි වයස අවුරුදු 15 පමණ වන අසංග තරිඳු නැමති පාසල් සිසුවා නාරාහේන්පිට පොළීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ ඥාතීන් පවසයි.

සුවිසුද්ධාරාම පාරේ එම නිවසට අද පැමිණි පොළීසිය අසංග තරිඳුගේ පියා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව ඔහුගේ මවට පවසා ඇත. ඒ වන විට ඔහුගේ පියා නිවසේ නොසිටි නිසා පොළිස් නිළධාරීන් ඒහි සිටි මවට බැණ වැදී තාත්තා වෙනුවට ඔහුගේ 15 හැවිරිදි පුතා රැගෙන ගිය බව එම ඥාතීන් වැඩිදුරටත් පවසයි.

මේ පිළිබඳව අප නාරාහේන්පිට පොලීසියෛන් විමසුවිට එහි ප්‍රකාශකයෙකු පවසා සිටියේ එසේ කිසිදු ළමයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ය.