සිංහල, Governance, Human Rights, Human Security, Kandy, Life quips

බෝගම්බර ‛‛හිරේ හිරයි’’

නේවාසික රැඳවියන් 765දෙනකු සඳහා ඉඩ පහසුකම් ඇති මහනුවර, බෝගම්බර බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2157 දෙනකු රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ නිසා බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රමාණයට වඩා රැඳවියන් සිටීමෙන් සනීපාරක්ෂක සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවීමේ ගැටලු රාශියක් උත්ගතවී ඇත.
තවද මෙම රැඳවියන් 2157 දෙනකු වෙනුවෙන්, බන්ධනාගාර නිළධාරීන් ඇත්තේ 300 දෙනෙක් වීමත් මෙම ගැටලු තවත් වැඩි වීමට හේතු වී ඇතැයි එම බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
මේ පිළිබඳ අප බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීතුමා සම්බන්ධකර ගැනීමට උත්සහ දැරූව ද එය ව්‍යවර්ත වූ අතර ඒ සම්බන්ධයෙන් බෝගම්බර් බන්ධනාගාරයේ නිළධාරියෙකු ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධ තොරතුරු මූලස්ථානයෙන් ලබා ගන්නා ලෙසයි.
අප බන්ධනාගාර මූලස්ථානය ඇමතූවද මේ ලියන මොහොතවන විට වගකිවයුතු කිසිදු නිළධාරියෙකු සම්බන්ධකර ගැනීමට නොහැකි විය.