සිංහල, Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි වාරණය: වාරණය වර්ධනය වන නැඹුරුවක් පිළිබඳ සටහනක්


සති අන්තයෙහි රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වූයේ, ‛ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ ජනතාවට අදාළ කවර හෝ අන්තර්ගතයක් දරා සිටින … ශ්‍රී ලංකාවේ සිට හෝ ලංකාවෙන් පිටත සිට ක්‍රියාත්මක කරවන සියලු ‛වෙබ් අඩවි’ ‛ලියාපදිංචි’ කොට ‛නිල පිළිගැනීම’ ලබා ගත යුතු බව යි.

ඉන්පසුව www.lankanewsweb.com, www.srilankamirror.com, www.srilankaguardian.com සහ www.lankawaynews.comඇතුළු වෙබ් අඩවි කිහිපයක් එම මාධ්‍ය නිවේදනය නිකුත් කෙරුණු දා ම ඒවාට පහසුවෙන් පිවිසීමට ඇති හැකියාව නවතා දමමින් අවහිර කරනු ලැබිණ.

විශේෂයෙන් කිසිදු නීතිමය පදනමක් හෝ උසාවි නියෝගයකින් තොරව පළමුව www.tamilnet.com වෙබ් අඩවිය අවහිර කෙරුණු 2007 වසරේ සිට වෙබ් අඩවි වාරණය වේගයෙන් වර්ධනය වී ඇත. පහත දැක්වෙනgobundlr.com එකතුව, අන්තර්ජාල අදහස් ප්‍රකාශනයට සහ අන්තර්ගතයට අදාළව වේගයෙන් වර්ධනය වන වාරණය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් ද ඒවායේ දී උනන්දු වුණු කාරණා ද පෙන්නුම් කරයි.

වෙබ් අඩවි අවහිර කිරීම සඳහා ආණ්ඩුව අත්තනෝමතික නියෝගයක් නිකුත් කළ විට, එය ඉටු කිරීමට යාමේ දී ශ්‍රී ලංකාව තුළ සිටින අන්තර්ජාල සේවා සම්පාදකයන් [ISP] කොතරම් බෙලහීන ද යන්න පිළිබඳව ද ඉන් වාර්තාවක් සැපයේ.

නව වර්ධනයන් සිදු වන විට අපි අඛණ්ඩව මෙම තොරතුරු ගොනුව යාවත්කාල කරන්නෙමු. [We will continue to curate this bundle with new developments.]