සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‘ඕවා වැඩි කලක් පවතින්නේ නෑ‘ ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් උද්ඝෝෂණයක්

”ඊයේ මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න උනා. ඕවා වැඩි කලක් පවතින්නේ නෑ. මේ අසාධාරණය තව ටික කලයි“ මෙසේ ප්‍රකාශ කළේ අද(08) උදෑසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් පැවති උද්ඝෝෂණයක දී එයට සහභාගී වූ උද්ඝෝෂණ කරැවෙකි.

අද මෙසේ උද්ඝෝෂණය කරනු ලැබුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් කොළඹ අලුත් කඩේ අධිකරණය අසල දී ය. කෙසේ නමුත් මෙම උද්ඝෝෂණයට දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ අනෝමා ෆොන්සේකා මහත්මිය ද සහභාගී වී සිටියා ය.

එම අවස්ථාව වන විට අදට ලබාදීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රතිකාර ද ලබා නොදීමට විරෝධය පළ කරමින් , ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරය තුළ ආරම්භ කළ උපවාසය ට සහය පිණිස එම ස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන් කරමින් එහිදී ද උද්ඝෝෂණයක් පැවැත්වීය. නමුත් මෙය සටහන් කරන මොහොත වන විට හිටපු හමුදාපතිවරයා සිය උපවාසය අත් හැර ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට බන්ධනාගාර නිළධාරීන් එකග වීමෙන් පසුවය.

– මේ පහත ඡායාරෑපයෙන් දැක්වෙන්නේ වැලිකඩ බන්ධනාගාරය අසල උද්ගෝෂණය පවත්වන විට බන්ධනාගාර නිළධාරීන් එදෙස බලා සිටින අයුරැය.

සිරකරැවන් ලවා ආරක්ෂාව තර කරගන්නා බන්ධනාගාර නිළධාරීන්ගේ . මේ ඡායාරෑපය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස ආරක්ෂක වැටවල් තර කරන සිරකරැවන් කිහිප දෙනෙක්.

More Photos