Colombo, end of the War, Featured Articles, Features

ජනපති මහින්දගේ යාපනය සංචාරය සහ බත්මුල්වල බෝම්බ සෙවීම

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යාපනය සංචාරය නිමිත්තෙන් පෙරේදා (6) එහි දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබූ බව වාර්තා වේ. යාපනයේ හින්දු විද්‍යාලයේ ඉදි කෙරුණු පිහිනුම් තටාකය විවෘත්ත කිරිම සඳහා ජනාධිපතිතුමා පැමිණීමට නියමිතව තිබූ බැවින් ඊට පෙර දින (5) පොලිසිය සහ ත්‍රිවිද හමුදාව යොදවා එම ප්‍රදේශයේ දැඩි ආරක්‍ෂක රැකවල් යොදා තිබී ඇත.

ගුරුවරුන් මුහුණ දුන් ගැටළු

පාසලට පැමිණි ගුරුවරුන් සතුව තිබූ බත් පාර්සලය ද ලිහමින් ආරක්‍ෂක අංශ විසින් සොදිසි කර තිබූ බව සුඩර් ඔළි පුවත්පත වාර්තාකර ඇත. එමෙන්ම, මෙම පාසල වටා මුහුණු ආවරණය කරගත් හමුදා බටයින් රැසක් යතුරුපැදි වලින් නිරන්තර ධාවනයේ යෙදී ඇත.

අධිකරණයට ගිය මිනිසුන් මුහුණ දුන් ගැටළු

අධිකරණ වැඩකටයුතු සඳහා ගිය මිනිසුන්ගේ යාන වාහන (යතුරු පැදි, මෝටර් රථ, පා පැදි) අධිකරණ භූමියේ රථ ගාලෙන් පිටත් කිරීමට ආරක්‍ෂක අංශ හදිසියෙන් ම කටයුතු කිරීම නිසා එම පිරිස් දැඩි අපහසුතාවයකට පත් වී ඇත.

එමෙන්ම, පොලිසියේ සමහර නිලධාරීන් ප්‍රදේශයේ සෙසු රථවාහන හින්දු විද්‍යාලයේ ක්‍රිඩාංගනයේ ගාල් කිරිමට ඉඩ දී ඇතැත් පොලිසියේ ඇතැමෙක් එයට ඉඩ දී නොමැත.
චාවකච්චේරියේ දී…

සඳුඳාා දින (6) ජනාධිපති චාවකච්චේරියේ නව රෝහල් ගොඩනැගිල්ල ඉදිකිර්ීමට නියමිතව තිබූ බැවින් ඊට කලින් දින එනම්, ඉරිදා රාත්‍රියේ දී මෙම රෝහලට පැමිණෙන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරනය කර ඇත.

මෙම උත්සවයට පැමිණ සිටි යාපනයේ දිසාපති, යාපනය දිස්ත්‍රික් ආඥාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක, චාවකච්චේරි නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් යන අයට වේදිකාවේ අසුන් පනවා නොතිබුණු බවත් ප්‍රාදේශීය දේශපාලඥයින් අතුරින් යාපනය නගර සභාවේ සභාපතිට පමණක් ජනාධිපතිතුමා ඇතුළු සෙසු දේශපාලන හා ආගමික නායකයින් සමග වේදිකාවේ එකට අසුන් පනවා තිබූ බවත් මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මීට අමතරව, මෙම උත්සවයේ දී වැඩි ආගමික ගෞරවයක් ලබා දී ඇත්තේ බෞද්ධාගමික භික්‍ෂූන් වහන්සේලාට බවත් සෙසු ආගමික නායකයින්ව නොසලකා හැර ඇති බවත් පවසමින් මෙම උත්සවයට සහභාගී වූ ජනතාව කනස්සල්ල පළ කර ඇති බව ද වාර්තාකර ඇත.

උපුටා ගැනීම -2012 පෙබරවාරී 08 වැනි දින සුඩර් ඔළි පුවත්පත