සිංහල, Colombo, Democracy, Human Rights, Life quips, Media

ඇමරිකන් යෝජනාව සම්මතවෙයි. ඉන්දියාවත් ලංකාවට විරැද්ධව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව රටවල් 24ක් ද, විරැද්ධව රටවල් 15ක්ද සහ රටවල් 8ක් තම මතය ප්‍රකාශ නොකර සිටි අතර එමගින් යොජනාවට පක්ෂව රටවල් 24ක සහය ලැබීමත් සමග මීට සුලු මොහොතකට පෙර එම යෝජනා ජිනීවා හි ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය ට ඉදිරිපත් ව මේ වන විට සම්මත වී ඇති එම යෝජනාවට පසුගිය දිනවල ලංකා රාජ්‍යයෙන් දැඩි විරෝධයක් එල්ල විය. නමුත් විශේෂය වන්නේ මීට දින දෙකකට පමණ පෙර ඉන්දියාවත් තම මතය ඉදිරිපත් කිරීමෙන් ලංකාව තුල මහත් කැලබීමක් ඇති විය. නමුත් මේ මොහොත වන විට ඉන්දියාවත් ඇමරිකානු යෝජනාවට ඡන්දය දීමෙන් හෙටින් පසු ලංකාවේ සුවිශේෂ පරිච්ඡෙදයක් ආරම්භ වනු ඇත.

නමුත් විශාල වශයෙන් විරැද්ධ වූ මෙම ඇමරිකන් යෝජනාවේ විශේෂ යමක් ඇත්තේ නැත. ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පත්කළ උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාවේ අඩංගු කරැණු 3කි.

එය නැවත විවරණය කර ගැනීම සදහා නැවතත් එය සටහන් කරමු.

ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාව
මේ යෝජනාවේ ප්‍රධාන කාරණා තුනක් අඩංගු වෙයි.

01) LLRC වාර්තාවේ සාධනීය නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමත්, සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් යුක්තිය, සමානාත්මතාව, වගවීම සහ ප්‍රතිසන්ධානය තහවුරු කිරීම සඳහා විශ්වසනීය සහ ස්වාධීන යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීම සඳහා අදාල නෛතික වගකීම සහ කැපවීම සපුරා ලීම වස් අවශ්‍ය වන සියලුම අමතර පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ආණ්ඩුවට දන්වා සිටීම.

02) LLRC වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම් පිළිබඳ ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමටත් ආණ්ඩුව මේ දක්වා ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන පියවර මොනවාදැයි විස්තර කෙරන සැලැස්මක් හැකි තරම් කඩිනමින් ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම.

03) එකී පියවරයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදෙන දෙන ලෙස මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ කාර්ය පටිපාටීන් උනන්දු කිරීම. ඒවා පිළිගන්නා ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව දිරිමත් කිරීම. එසේ ලබාදුන් සහය පිළිබඳ වාර්තාවක් මානව හිමිකම් සමුළුවේ විසි දෙවන සැසිවාරයේදී ඉදිරිපත් කරන්නැයි මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටීම.

එහි පළමුවෙනි පරිච්ඡේද දෙක මගින්, LLRC නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි (වාර්තාව බාරදී මාස හතරකට පසුවත් මේ එකදු නර්දේශයක්වත් තවම ක්‍රියාත්මකකර නැත.) දෙවෙනි පරිච්ඡේදය මගින් මේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට ලංකා ආණ්ඩුවට සහය ලබා දෙන්නැයි එක්සත් ජාතින්ගේ විවිධ යාන්ත්‍රණයන්ගෙන් ඉල්ලා සිටියි.

එම ඡන්ද විමසීමේ දී ඒ ඒ රටවල් ඡන්දය ලබා දුන් අයුරැයි