මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර අදට වසර 4ක් ඉක්ම යයි. අදට එනම් 2010 ජනවාරි 24 වනදාට, මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 4ක් ඉක්ම යමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ අර්තකතන සපයමින් ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ ප්‍රගීත්ගේ බිරිද, සංධ්‍යා එක්නැලිගොඩ ප්‍රගීත් සොයමින් මේ වසර 4 පුරාවටම නොගිය තැනක් සොයා ගැනීමට නැත. නමුත් අද ද ඇය ප්‍රගීත් සොයා දෙන ලෙස බල කරමින් මහරගම නගරයේදී නිහඩ විරෝධතාවයක යෙදෙයි.

මෙම නිහඩ විරෝධයෙදී සංධ්‍යා එක්නැලිගොඩ ‘විකල්ප‘ වෙබ් අඩවිය හා එක්වෙමින් පවසා සිටියේ,

‘‘ආණ්ඩුව, මහින්ද රාජපක්ෂ මේ වන විට ඔප්පු කරමින් ඉන්නවා ප්‍රගීත් අතුරැදහන් කළේ මහින්ද රාජපක්ෂ කියන එක. රාජපක් විසින් විවිධ පුද්ගලයන් යොදා ගෙන, බළලුන් යොදා ගෙන විවිධ ප්‍රකාශ කරනවා. ඒත් මහින්ද රාජපක්ෂට අමතකයි නීතිය හැසිරවීමේ බලය, අධිකරණය හැසිරවීමේ බලය මේ දේවල් සොයා ගැනීමේ බලය තමන් සතු බව.”

මෙම නිහඩ විරෝධය සහ එහි අවස්ථාවන් පිළිබදව වීඩියෝ සටහනට පහත දක්වමු.