2014 මාර්තු මස 13 වන දින ආරක්ෂක අංශ විසින් ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අදට දින 200ක් ගතවෙයි.

මේ දින 200ය තුළ ඇයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර බූස්ස රැදවුම් කදවුරේ රදවා ගෙන සිටින කිලිනොච්චියේ බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඇතුලු දේශපාලන සිරකරැවන් වහාම නිදහස් කරන ලෙස බල කරමින් කොළඹ කොටුවේ, දුම්රිය පොල ඉදිරිපිටදී අද(29) විරෝධතාවයක් පැවැත්වීය.

උතුරේ දේශපාලන පක්ෂ නායකයින්, දකුණේ දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියේ ය.

ඒත් සමගම ජෙයකුමාරි නිදහස් කර ගැනීමේ විරෝධතාවයට එපිටින් ආණ්ඩුවේ කුලීකරැවන් පිරිසක් ද ජෙයකුමාරි නිදහස් කිරීමට විරැද්ධව සහ ලංකාවේ රාජ්‍යෙනාවන සංවිධාන වලට විරැද්ධව කුළී විරෝධතාවයක් ද පවත්වනු ලැබීය.

පහත පළවන්නේ එම ජෙයකුමරි නිදහස් කර ගැනීමේ විරෝධතාවයේ ඡායාරෑප සටහන වන අතර එහි වීඩියෝ ඇතුලු සවිස්තරාත්මක සම්පූර්ණ සටහනක් ඉතා ඉක්මනින් ‘විකල්ප‘ වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වන්න.

IMG_1871

IMG_1875

IMG_1877

IMG_1888

IMG_1891

IMG_1892

IMG_1898

IMG_1900

Full Image Set here