Image Credit: winnipegfreepress

රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරයට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ආණ්ඩුවේ සිර මැදිරියක් තුළ සිටි රැදවියන්ය.

දැන් එම ඝාතනයට වසර දෙකකටත් වඩා ඉක්ම ගොස් තිබේ. නමුත් ඒ ඝාතනය මෙහෙයවූ අලුගෝසු රාජපක්ෂ පාලනය අවසන් වී තිබේ. දැන් ඇත්තේ නව පාලනයකි.

ඒ තත්ත්වය තුළ වැළිකඩ රැදවියන් ඝාතනයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණ වීමට වත්මන් පාලනයට වගකීමක් තිබේ. යහපාලනය ගෙන එන බවට පොරොන්දු දී පැමිණි වත්මන් පාලනයට එම වගකීමේන් මිදීමට නොහැකිය.

මේ ඒ පිළිබදව Vikalpa තබන සටහන සමග අදහස් දැක්වීමට එක්වන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක,Dahrmasiry Bandaranayake