2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි ජෙයකුමාරි නිදහස් කරන ලද්දේ රැපියල් ලක්ෂ 2කක ඇප මුදලක් මත සහ ඇයට රටින් පිටවීමටද තහණම් කරමින් මෙන්ම, ඇය සෑම සති දෙකකටම වරක් පොලීසියටද වාර්තා කළ යුතු යැයි අධිකරණය විසින් නියෝග කළාය. කිසිදු චෝදනාවක් නොමැතිව වසරකට ආසන්න කාලයක් සිරකර සිටි ජෙයකුමාරි ඇප මත මුදාහරිනු ලැබූවේ එළෙසය. එසේම රජයේ ත්‍රස්ථ මර්දන නිළධාරීන්ට ඇයට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට නොහැකිව දින 362ක් ජෙයකුමාරි සිරගත කර අද ඇයව මුදාහරින ලද්දේ එපරිද්දෙනි.

2

800x

ත්‍රස්ථවාදය වැලැක්වීමේ පණත යටතේ ජෙයකුමාරි සහ විබූෂීකා අත්අඩංගුවට ගනු ලැබූවේ 2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදීය. ඉන්පසුව ජෙයකුමාරි රැදවුම් නියෝග යටතේ බූස්ස රැදවුම් කදවුරට රැගෙන ගිය අතර 13 හැවිරිදි දියණිය විපූෂිකා කිළිනොච්චියේ, මහා දේවන් ළමා නිවාස භාරයට පත් කෙරිණි. ජෙයකුමාරිගේ සැමියා සහ සිය පුතුන් දෙදෙනා යුද ගැටුම් වලින් මිය ගොස් සිටි අතර අනෙක් පුතා රජයේ හමුදාවන්ට බාර වීමෙන් පසු අතුරැදහන් වී තිබේ. සිය පුතා අතුරැදහන් වූවත් එක්තරා දිනක හමුදාව සමග සිය පුතා සිටින ඡායාරෑපයක් දැකීමෙන් පසු එම පුතා සොයමින් ජෙයකුමාරි සහ බිබූෂිකා සෑම තැනකම ඇවිද්දාය. නමුත් සිය පුතා සොයමින් සිටි ජෙයකුමාරිට සිදු වූයේ, රාජපක්ෂ ආණ්ඩුවේ ගොදුරක් වී රිමාන්ඩ් ගත වන්නටත්, විබූෂිකාට සිය මවත් අහිමිව ළමා නිවසක තනි වන්නටත් ය.

කෙසේ නමුත්, ජෙයකුමාරි නිදහස් කර ගැනීම සදහා ක්‍රියාකළ ටික දෙනෙකුගේ විශාල කැපකිරීමත්, ජෙයකුමාරි සහ අනිකුත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ට බලකරමින් නිරන්තරව සිදුකල බලපෑම්වල ප්‍රතිඵලත්, විශේෂයෙන් දකුණේ ප්‍රධාන ධාරාවේ බහුතරයක් මාධ්‍ය ජෙයකුමාරිවත්, අනිකුත් දේශපාලන සිරකරුවන් පිළිබදව කිසිදු හඩක් නැගීමට කිසිදු උනන්දුවක් නොදැක්වූ මොහොතක විකල්ප ධාරාවේ අන්තර්ජාල සහ මුද්‍රිත මාධ්‍ය කිහිපයක් පමණක් ඒ පිළිබදව ජාතිකවත්, ජාත්‍යන්තරවත් හඩ නැගීමත් නිසා අද දවසේ පාලකයන්ට ජෙයකුමාරිව නිදහස් කිරීමට සිදු විය.

කෙසේ නමුත් ජෙයකුමාරි දැනට නිදහස් ය.

ජෙයකුමාරි ඇයට නිදහස හිමි වේ යැයි බලාපොරොත්තු වූයේ පසුගිය මාර්තු 6වනදාට පෙරය. ඒ ඇගේ දියණිය මල්වර වීම හේතුවෙන් අම්මා ලෙස දියණිය වූ විබූෂිකාට චාරිත්‍ර ඉෂ්ඨ කරන්නටය. පෙබරවාරි 16වනදා වැලිකඩ සිරකුටිය තුළ සිට සිය දියණිය සමග විනාඩි දහයක් කතා කරන්නට අධිකරණය අවසර දී තිබුණා ය. ඒ පිළිබද සිරමැරිදිරිය තුළ සිට ඇය කිවු ඒ සංවේදී කතාව ‘විකල්ප‘ වෙබ් අඩවිය එම දිනම පළකළ අතර එය නැවත අදද මෙසේ පළ කරමු.

‘‘දුව ඉන්නේ ගොඩක් දුකින්. ඒයාට ඇදුම්, කෑම බීම තියනවා කිව්වා. ඒත් එයා හැමදාම රෑට බයවෙලා අඩනවා. ඒයාට තිනියෙන් ඉන්න බෑ කිව්වා. මට දුකයි. එයා වැඩිවිය පැමිණිලා දැන් ටික දවසක් වෙනවා. ඒත් අපේ චාරිත්‍ර කිසිවක් ඉටු කරන්න බැරි උනා. ලබන මාසේ 6වෙනිදාට තමයි ඒක ඉටු කරන්න දින දීලා තියෙන්නේ. මට ඒකට ඉන්නම ඕන. මට දුවත් එක්ක ඉන්නම ඕන. මම හිතනවා මට ලබන 24වෙනිදා මේකෙන් නිදහස් වෙන්න පුලුවන් වෙයි කියලා. මම ලබන 6වෙනිදා මගේ දුවත් එක්ක ඉන්න ඕන‘‘

ඇය කීවේ කදුලු කඩා හැලෙන දෙනෙතින් යුතුවය.

එම චාරිත්‍ර නිසි වේලාවට ඉටු කරන්නට නීතිය ජෙයකුමාරිට අවසර දුන්නේ නැත. කෙසේ නමුත් ජෙයකුමාරි අද නිදහස් ය.

රාජපක්ෂ පාලනයේ ගොදුරක් බවට පත් වූ ජෙයකුමාරි දින 362ක් කිසිදු චෝදනාවක් නොලබා සිරබත් කෑවාය. ඒ රාජපක්ෂලාගේ සහජීවනයේ තරමය. තවත් මෙවැනිම මිනිසුන් සහ ගැහැණුන් මුග්ද පණතක් වන ත්‍රස්ත මර්දන පණත යටතේ මේ වන විටද සිරගෙවල් වල ගාල් කර සිටියි. ඒ සියලු දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා ගැනීමට සක්‍රීයව මැදිහත්වීමට මේ රටේ නිදහස, යුක්තිය සහ සාධාරණත්වය අගයන සියලු පුරවැසියන්ට වගකීමක් ඇතැයි මේ මොහොතේ මතක් කර සිටිමු.

2

4

පහතින් දැක්වෙන්නේ දින 362ක් නඩු නොලබා සිරකර සිටි බාලෙන්ද්‍රන් ජෙයකුමාරි ගේ විත්ති කතාවය.

2014 මාර්තු මස 13 වන දින ආරක්ෂක අංශ විසින් ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා දින 312 ක් ගතව ඇත. ඇයව අත්අඩංගුවට ගෙන ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 6(1) සහ 9(1) ප‍්‍රතිපාදන භාවිතා කරමින් රඳවා තබාගත් අතර අත්අඩංගුවට ගත් දිනට පසු දිනම ඇය බූස්ස රැඳවුම් කඳවුර වෙත මාරු කර යැවිණි. මේ දක්වාත් ඇයට එරෙහිව කිසිඳු නඩුපැවරීමක් සිදු කර නොමැත.

උතුරේ සිදුවන අතුරුදහන්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දිගින් දිගටම සිය හඬ අවදි කළ ජයකුමාරි අතුරුදහන්කරවීම්වලට එරෙහි නොයෙක් කි‍්‍රයාකාරකම් හි පෙරමුණ ගත් කි‍්‍රයාකාරිණියක් විය. එකී කි‍්‍රයාකාරීත්වයෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඈ විවිධාකාර තර්ජනයන්ට ලක්වූ අතර ඇය බියවැද්දීමට ගත් උත්සාහයන් ගණනාවක්ද විය. මෙකී තර්ජනයන් සහ බියවැද්දීම්වලට රජයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් ඇතැයි නිරන්තරයෙන්ම සැක පළකෙරිණි.
2014 මාර්තු මස 13 වනදා බලහත්කාරයෙන් ඇගේ නිවෙසට ඇතුළුව ඇති කේ. පී. සෙල්වනායගම් හෙවත් ගෝබි නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුට රැකවරණය ලබා දෙන ලදැයි රජය ජෙයකුමාරිට විරුද්ධව චෝදනා නගා ඇත. චෝදනාවෙන් වැඩිදුරටත් කියැවෙන පරිදි ලෝහ අනාවරණය කරගැනීමට භාවිතා කරන උපකරණයක් සහ බෝම්බ නිරාවරණය කරලීමට භාවිතා කරන Menelab F3 වර්ගයේ යැයි කියැවෙන උපකරණයක්ද ඇගේ නිවස පිහිටි භූමියෙන් සොයාගෙන ඇත. කෙසේවුවද, රජයේ පාර්ශවයෙන් මෙකී සියලූ ආකාර චෝදනා ඉදිරිපත්ව ඇතත් ඇය අත්අඩංගුවට පත්වූ දින සිට ගතවූ පසුගිය මාස 06 ක කාලය පුරාම ඇයට එරෙහිව අධිකරණය ඉදරියේ කිසිඳු චෝදනා ගොනු කිරීමක් සිදුකර නොමැත. වඩාත් වැදගත්ම කාරණය වන්නේ, ඉහත කී චෝදනාවේ සඳහන් වන නාඳුනන පුද්ගලයා සමග තමා කිසිඳු ආකාරයක සබඳතාවයක් පැවැත්වූයේ නැතැයි ජෙයකුමාරී පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබීමයි.

ජයකුමාරි අත්අඩංගුවට පත්වන මොහොතේදී අවුරුදු 13 ක් වයසැති ඇගේ කුඩා දියණිය – බාලේන්ද්‍රන් විභූෂිකා ද සිය භාරයට ගෙන නීතිය නොතකා ඇයව පුරා පැය 24 ක් ඇගේ මව සමග සිය භාරයේ රඳවා තබා ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. ඉන් අනතුරුව, මාර්තු මස 14 වනදා බී වාර්තාවක් ඉදිරිපත් කරමින් විභූෂිකාද මෙම සිද්ධියේ ‘සැකකාරියක’ ලෙස සලකා කටයුතු කරනවා යැයි කිලිනොච්චි පොලීසිය ප‍්‍රකාශ කර ඇත.

2014 මැයි මස 12 වැනිදා ජෙයකුමාරි සහ ඇයගේ දියණිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අංක SCFR/126/14 සහ SFCR/127/14 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිපත් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වසරේ මැයි මාසයේ දී ප‍්‍රථම වරට එම පෙත්සම් දෙක සලකා බැලූ අතර එතැන් පටන් මේ දක්වා මෙම පෙත්සම් දෙක අධිකරණය ඉදිරියේ සය වතාවක් විභාගයට ගෙන ඇත. පෙත්සම් සම්බන්ධයෙන් සලකා බැලූ අවසාන නඩු විභාගය පැවති 2014 සැප්තැම්බර් 16 වනදා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව කරුණු දැක්වූහ. එහිදී අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලීසියට තවදුරටත් කාලය අවශ්‍ය වන බව සහ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුකරගෙන යන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රකාශ කළහ. අදාළ පෙත්සම් දෙක එළැඹෙන දෙසැම්බර් මස 17 වනදා නැවත විභාගයට ගැනීමට නියමිතය.

මෙසේ නීති විරෝධීව සිදුකරන රඳවා තබා ගැනීමකට ලක්වූ එකම වින්දිතයා ජෙයකුමාරි නොවන්නේය. මේ වසරේ ජනවාරි සිට අපේ‍්‍රල් දක්වා සමස්ත කාලය පුරාම ත‍්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විසින් උතුරු සහ නැගෙනහිර පළාතේ ප‍්‍රදේශවල 80 කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන මෙලෙස නීති විරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන සිටින්නේය. මෙසේ අත්අඩංගුවට පත්ව රැුඳවුම්භාරයේ සිටින්නන්ගෙන් අවම වශයෙන් 10 ක් හෝ කාන්තාවන් සහ ළමයින්ය.

ජෙයකුමාරි කිලිනොච්චි ප‍්‍රදේශයේ වාසය කළ වැන්දඹු කාන්තාවකි. කම්කරුවෙකු වශයෙන් රැකියාව කළ ඇයගේ වැඩිමල් පුතු බාලේන්ද්‍රන් යොහාන් 2006 වසරේදී වෙඩි තැබීමකින් ඝාතනය විය, මරණයට පත්වනවිට ඔහුගේ වයස අවුරුදු 20 ක් වූ අතර රජයේ සන්නද්ධ හමුදාවන්ට සහයෝගය දෙමින් සිටි අතුරු හමුදා කණ්ඩායමක් වෙත යොහාන්ගේ ඝාතනයේ චෝදනා එල්ලවිය. මේ දක්වාම අදාළ ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නොමැත. 2009 මැයි මාසයේ යුද්ධයේ අවසන් අදියරේදී රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටි ජෙයකුමාරීගේ දෙවැනි පුත් බාලේන්ද්‍රන් කජීවන් ද ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මරණයට පත්විය.

ජෙයකුමාරි සිය බාලම පුතණුවන් වන බාලේන්ද්‍රන් මහින්දන් අවසන් වරට දැක ඇත්තේ 2008 වසරේදීය, ඒ එවකට 15 වියැති ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් බලහත්කාරයෙන් යුද්ධය සඳහා බඳවා ගත් මොහොතේය. යුද්ධයෙන් අනතුරක් නොවී දිවි ගලවාගත් ඔහු 2009 මැයි මාසයේදී මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේදී ශී‍්‍ර ලංකා යුධ හමුදාව වෙත භාරව ඇත. යුද්ධයෙන් පසු කලෙක, රජයට අයත් www.lankapuvath.lk නම් ප‍්‍රවෘත්ති වෙබ් අඩවියෙහි පළවූ ඡායාරූපයක සිටි සිය පුතු හඳුනා ගන්නට ජෙයකුමාරී සමත්ව ඇත. අදළ ඡුායාරූපයෙහි ජෙයකුමාරිගේ පුතු රජය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක, ළමා සොල්දාදුවන් වශයෙන් කටයුතු කළ සෙසු දරුවන් පිරිසක් සමග පුනරුත්ථාපනය වෙමින් සිටිනු අන්තර්තව තිබී ඇත.

මෙම සිද්ධයෙන් අනතුරුව ජෙයකුමාරී සිය බාල පුතු මහින්දන්ගේ අතුරුදහන්වීම පිළිබඳ සඳහන් කරමින් 2014 ජනවාරි 08 වන දින ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප‍්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත (පැමිණිලි අංකය – HRC/152/2014) මෙකී පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම විසින් සිදු කළ විමර්ශනයකට ප‍්‍රතිචාර දක්වන ලද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා බාලේන්ද්‍රන් මහින්දන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ නොමැති බව දන්වා එවා ඇත. රජය විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථානයක තවත් දරුවන් පිරිසක් සමග පුනරුත්ථාපනය ලබන මහින්දන්ගේ ඡායාරූපයක් ද ප‍්‍රසිද්ධව තිබුණා වුව පුනරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල්තැන ද මානව හිමිකම් කොමිෂම වෙත දන්වා එවා ඇත්තේ බාලේන්ද්‍රන් මහින්දන් එවැනි කිසිඳු පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගී නොවූ බවයි.

ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඉදිරිපත් කළ චෝදනාවන් ඔප්පු කළ හැකි ආකාරයේ කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව වුව දිගින් දිගටම ඇදී යන රඳවා තබා ගැනීමේ කි‍්‍රයාවලියකට ලක්වන්නට ජෙයකුමාරීට සිදුවිය. ඇයට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරන විමර්ශන කටයුතු අතිශය මන්දගාමීව ඇදී යමින් පැවතිනි. අධිකරණයට ඉදිරිපත් කළ සෑම අවස්ථාවකම ත්‍රස්ථ නිළධාරින් ප්‍රකාශ කලේ ‘තවමත් පරීක්ෂණ සිදුකරනවා‘ යන්නය.
ජෙයකුමාරි අත්අඩංගුවට ගෙන අදට දින 362ක් ගතව ඇත. ඇයව අත්අඩංගුවට ගනු ලැබූයේ සහ ඇයව රඳවා තබාගෙන සිටින්නේ මේ නිසා යැයි කියැවෙන කිසිඳු යුක්ති සහගත හේතුවක් ඉදිරිපත් කරන්නට රජයේ බලධාරීන් මෙතෙක් සමත්ව නොමැත. ඒ තත්ත්වය තුළ නව පාලනය යටතේ අද බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් වූවාය. ‘ඇපමත‘ නිදහස් කරනු ලැබීය.

ජෙයකුමාරි නිදහස් කිරීමට බලකරමින් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ සේයාරෑ

1000

a

b

c

d

e

@VIKALPA | Main Image by @Maatram