[මුල්ලිකුලම් මිනිසුන්ගේ නිවාස, වතුපිටි මිලිටරි අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය බලහත්කාරය යොදා මීට වසර 6කටත් පෙර ලබාගත් නාවික හමුදාවෝ එහි ඇති දේවස්ථානයේ දේව මෙහෙයට පසුගිය 24 දා රාත්‍රියේ සහභාගී වූ ඒ අවතැන් මිනිසුන්ට කෝපි දී සංග්‍ර‍ කිරීම යනු ම සිය බලහත්කාරී පිළිවෙත වෙනත් වේශයකින් යළිත් ඒ මිනිසුන්ගේ හිස් මත පතිත කිරීම ගෝඨාබයගෙන් පසුවද ක්‍රියාත්මක වන නවමු පිළිවෙත බව ඒ නත්තල් රාත්‍රියේ දසුන් වලින් පෙන්නුම් කර තිබේ. ]

නමුත් මුල්ලිකුලම් මිනිසුන් සිය දේව මෙහෙයේදී ත් ඉල්ලා සිටියේ ‘අපේ ගම හා අපේ පල්ලිය නැවත ලබා දෙන ලෙස අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු‘ යනුවෙනි. ඒ දේව මෙහෙය පැවැත් වූයේ 24 දා රාත්‍රී 10ටය. දේව මෙහෙය පැවැත්වීම සදහා එහි තිබෙන නාවික විධාන මූලස්ථානයෙන් අවසර ඉල්ලා සිටි බව ඔවුන් පවසයි. ‘ඔවුන් අපට අවසර දුන්නා. ඒ වගේම එදාට අපට සංග්‍ර‍ කරන බවත් කීවා. දැනට පදිංචි වී සිටින ස්ථානයෙන් මුල්ලිකුලම් දේවස්ථානයට එන්න බස් එකකුත් නේවි එකෙන් දෙන බව කිවුවා‘ නමුත් කුමන දේ සිදු කළත් ඔවුන් අද ද ඉල්ලා සිටින්නේ තමන්ගේ මුල් ගම වන මුල්ලිකුලමයි.

තමන්ගේ ඇස් ඉදිරිපිටම ඊනියා මානුෂික මෙහෙයුම නමින් තමන්ගේ ඉඩම් කොල්ලකෑමෙන් පසු වසර ගණනාවකට පසුවද මුල්ලිකුලම් මිනිසුන්ට සිදු වී තිබෙන්නේ පෙනෙන ආණ්ඩුවකින් ඉල්ලා සිටීමෙන් ඵලක් නැති වූ කල නොපෙනෙන දෙවියන් ඉදිරියේ සිය කන්නලව්ව ඉදිරිපත් කිරීමටය.

නමුත් පසුගිය(2012) වසරේ මැයි මස 19, 20 වැනි දිනවල හමුදා ප්‍රශ්ණ කිරීම් මැද උතුරේ සහ මන්නරම් ප්‍රදේශයේ සංචාරය කල ලියුම්කරුට එම මුල්ලිකුලම් ඛේදවාචකය පිළිබද ‘විකල්ප‘ වෙබ් අඩවියේ ‘ආශ්චර්යේ මිලිටරියෙන් පාගාගෙන සිටින මුල්ලිකුලම් ජීවිත‘ නමින් වූ සටහනට පාදක වූ කරුණු යම් පමණකින් වෙනස් වී තිබේ. නමුත් මුල්ලිකුලම් ජනයා අද ද ඉල්ලා සිටින්නේ තමන්ගේ මුල්ලිකුලම් ගම තමන්ට නැවත අවශ්‍ය බවය.

වෙනස ගැන මුල්ලිකුලම් මිනිසුන්ගේ හඩ

මුල්ලිකුලම් ජනයා පවසන්නේ, ‘නිවෙස්වලට නෙවේ, ඉඩම්වලට විතරක් යන්න පුලුවන්, වගා කරන්න පුලුවන්, ඒත් නැවතිලා ඉන්න බෑ. එතකොට කොහොමද අපි අපේ වගාව බලා කියා ගන්නේ‘ ‘එ වගේම ඉස්කෝලෙට ළමයින්ට යන්න පුලුවන් දැන්.‘

‘නමුත් අපිට ඕන වෙලාවට අපේ දේවස්ථානයට යන්න බැහැ. අපි කිලෝමීටර 2කක් ගෙවාගෙන පයින් යන්න ඕන.’
‘අපිට ඕන අපේ ඉඩම්, ගෙවල්, දේවස්ථානය‘

නමුත් ඔවුන් පවසන්නේ ‘දැන් ආණ්ඩුව විසින් ලබා දී ඇති ඉඩම් හොදයි, ඒකේ පොළව හොදයි‘ ඕන පැලයක් පැළවෙනවා.‘ නමුත් ඔවුන් පවසන්නේ ඔවුන්ගේ මුල් ගම වන මුල්ලිකුලම ඔවුන්ට නැවත අවශ්‍ය බවයි.

මේ පහත පළ වෙන්නේ නත්තල් දින රාත්‍රියේ මුල්ලිකුලම් දේවස්ථානයේ පැවැත් වූ දේව මෙහෙයේ ඡායාරෑපයි.

1

2
(රාත්‍රි දේව මෙහෙය සදහා නැවත පදිංචි කළ ප්‍රදේශයේ සිට සිය දේවස්ථානයට පැමිණෙන මුල්ලිකුලමේ මිනිසුන්)

3

4
(මුල්ලිකුලම් දේවස්ථානය)

5

6

7

8

9

10
(Navy Base)