සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ ඇප මත නිදහස් කරයි – කඩුවෙල අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක්

ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහතා රුපියල් ලක්ෂ 3ක පුද්ගල ඇප සහ රුපියල් 10000ක මුදල් අප මත කඩුවෙල මහසේත්‍රාත්වරිය විසින් අද(7) උදෑසන නිදහස් කළාය.

රිමාන්ඩ් බන්ධනාගතකර සිටි බෙනට් රූපසිංහ මහතා නිදහස් කරන ලෙස බලකරමින් මාධ්‍ය සංවිධාන, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ විසින් අද උදෑසන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වීය.

‛‛මාධ්‍ය නිදහසට අත නොතබනු’’, ‛‛මාධ්‍යවේදී බෙනට් රූපසිංහ වහා නිදහස් කරනු’’ යන සටන් පාඨ සහිතව ඔවුන් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ යෙදිනි.
විජිත හේරත්, ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මෙන්ම මාධ්‍ය සංවිධාන නියෝජිතයන්, ආචාර්ය ජෙහාන් පෙරේරා මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සන්ද්‍යා එක්නැලිගොඩ, අනොමා ෆොන්සේකා ඇතුලු පිරිසක් මෙයට එක්ව සිටියේ ය.