Features, Governance, Human Security, Jaffna, Life quips, Media, Politics and Governance, Reconciliation

උතුරේ මර්ධනය | ‘උදයන්‘ පුවත්පත් බෙදාහරින්නාට ද පහරදෙයි

uthayan_fire_004

uthayan_fire_006
‘‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමෙන් පසු උදයන් පුවත්පතට ප‍්‍රහාරයන් 10ක් සිදුවි තිබෙනවා. 2006 මැයි 3 වන දා පුවත් පත් නිදහස උදෙසා වන ජාත්‍යන්තර දිනයේ දී උදයන් වෙත මිලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල වුණා. එම ප‍්‍රහාරයෙන් අපේ සේවකයන් ද මිය ගියා. මේ දක්වා සිදු වූ ප‍්‍රහාර 9ක් සම්බන්ධයෙන් කසිඳු සැක කරුවෙක් අත්අඩංගුවට පත්වී ගෙන නෑ. අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සහයක්ද පෙනෙන්නට නෑ. සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම නිසා අපට සැකයක් මතු වෙනවා, උදයන් ප‍්‍රහාරයන් සමඟ රාජ්‍ය පාක්‍ෂික පිරිසක් සම්බන්ධ වී ඉන්නවද කියලා. අදහස අදහසින් මුහුණදීමට බැරි පිරිස් මෙවැනි ප‍්‍රචණ්ඩකි‍්‍රයාවල යෙදෙනවා. මෙවැනි කි‍්‍රයාව තුළින් කිසිවිටෙක සාමය ප‍්‍රතිසන්ධානය ඇති වෙන්නේ නැහැ.’’ යැයි උදයන් පුවත්පත් ප‍්‍රවෘත්ති කර්තෘවරයා ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය වෙත සිය අදහස් ප‍්‍රකාශ කර සිටියේ ඊයේ(10) අඑයම උදයන් පුවත් පතේ පුවත්පත් බෙදාහරින තරුනයෙක් වන නාගේශ්වරන් ප‍්‍රදීපන් ට නාදුනන සන්නද්ධ පිරිසක් බරපතල ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය.

ඊයේ(10) උදෑසන එල්ලවූ මෙම ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ නාගේශ්වරන් ප‍්‍රදීපන්(30) යන තරුණයා යාපන රොහලට ඇතුළත් කර ඇත. ඔහු රැගෙන ගිය උදයන් පුවත්පත් 1500ක් හා ඔහුගේ අලූත් මෝටර් සයිකලය ද එම නාඳුනන පිරිස ගිනි තබා විනාශ කර තිබෙනවා. එම සිදුවීම ඊයේ අළුයම පහට පමණ සිදුවී ඇත.

එදින අළුයම උදයන් කාර්යාලයේ සිට පුවත්පත් බෙදාහැරීම සඳහා තමාගේ මෝටර් සයිකලයේ ගමන් කරමින් සිටියදී මාළු හන්දියේදී මෝටර් සයිකල් දෙකකින් පැමිණි නාඳුනන පිරිස් ප‍්‍රදීප් නැමැත්තාව හරස්කර ඇත. කටු කම්බි එතු යකඩ කම්බියකින් ප‍්‍රදීපන්ට බරපතල ලෙස ප‍්‍රහාර එල්ල කර පසුව ඔහුව අසල තිබූ කාණුවකට තල්ලුකර දමා ඇත. පසුව ඔහුගේ මෝටර් සයිකලය සමඟ පුවත්පත් ගිනි තබා විනාශ කර පලා ගොස් ඇත.

උදයන්ට බිය උතුරේ මිලිටරිය

1985 වර්ෂයේදී ආරම්භකළ යාපනයේ උදයන් පුවත්පත 1987 වර්ෂයේ සිටිම ආරක්ෂක අංශ සහ ඒවායේ සහය ලබන සන්නද්ධ විවධ පිරිස් වෙතින් ප්‍රහාරයට ලක්වූ අතර 2006 වර්ෂයේදී උදයන් කාර්යාලය ගිනිතබනු ලැබීය. 1985 වර්ෂයේ සිට මේ දක්වා උදයන් පුවත්පතේ සාමාජිකයන් 5 දෙනෙක් ඝාතනය කර ඇති අතර විවිධ අවස්ථා ගණනාවකදී පහර දීම් සිදුකර ඇත.

2011 වසරේ ජූනි 29 වැනිදා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ ඥානසුන්දරම් කුගනාදන් වෙත ද එල්ලකරන ලද අති අමාණුෂික ප්‍රහාරයකට ලක් විය. ඒ හමුදා මුර පොළක පෙනෙන මානයේ දී ය. ඉන් පසු කූගනාදන් මහතාට සිය මාධ්‍ය ජීවිතයෙන් සහ යාපනයේ සිය උපන් බිමෙන් සමුගෙන ආරක්ෂාව පතා විදේශ ගත වීමට සිදුවුනි.

මේ ඔහු සමග විකල්ප කර සම්මුඛ සාකච්ඡාව

වසර 28 ක කාලසීමාවේ සිට මේ දක්වා උදයන් පුවත්පත් කාර්යාලයට සහ එහි මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ සිදුවීම් ගණන 28 කට වඩා වැඩිය. එහි ආසන්නම සිදුවීම ඊයේ සිදුකල ප්‍රහාරය වුවත්, ඊට සති කිහිපයකට පෙර යාපනය සරසවියේ සිසුන්ට හමුදාව විසින් පහරදීම වාර්තා කිරීමට ගිය උදයන් පුවත්පතේ මාධ්‍යවේදියකුටද සිවිල් ඇදුමින් සැරසුනු බුද්ධි අංශ විසින් පහර දෙනු ලැබීය. මේ කිසිවකටත් අද දක්වා පිළීගත හැකි, සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂනයක් වත් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වී තිබේ.

අනෙක් පසින් මෙය ලංකාවේ ජනවාරී මස දී මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය සේවකයන්ට එල්ල කරන ලද තවත් ප්‍රහාරයක් වන අතර එය කලු ජනවාරිය තවත් කලු කරන්නකි.

uthayan_fire_002

uthayan_fire_003

uthayan_fire_004

uthayan_fire_005

uthayan_fire_006

Photo Credit:lankasrinews

උදයන් පුවත්පතට දිගින් දිගටම එල්ලකරන ලද තර්ජනයන්ට සහ පහරදීම්වලට විරෝධය දක්වමින් වසර 20කට පසු දකුණෙන් ගිය සහෝදර මාධ්‍යවේදීන් යාපනය නගරයේදී සිදු කල විරෝධතාවය