Vikalpa file Photo/ Walikamam, Jaffna – April 2013

දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය ශී‍්‍ර ලංකා රජය විසින් පමණක් ඉදිරිපත් කළ සංශෝධනයක් නොවේ. දෙරටක් අතර ඇති කරගත් ගිවිසුමක්. ශී‍්‍ර ලංකා රජය විසින් මෙම 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කළ යුතුයි. ඒ මඟින් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුව විසඳීමේ මාර්ගය විවෘත වන බව මම විශ්වාස කරන බව පසුගිය දා විකල්ප පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය ආර්. සිවචන්ද්‍රන් පැවසීය.

Prof; R. Sivachandran
Prof; R. Sivachandran

මහාචාර්ය ආර්. සිවචන්ද්‍රන් මේවන විට යාපනයේ ජීවත්වන බුද්ධිමතෙකි. ඔහු 1980 වසරේ ජේ්‍ය්ඨ කථිකාචාරයවරයෙක් ලෙස යාපනය විශ්ව විද්‍යාලයට එක්වී පසුව යාපනය විශ්ව විද්‍යාලයේම භූගෝල විද්‍යා හා සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කලේ ය. ඉන්පසුව 2004 – 2007 කාලෙය් යාපනය විශ්ව විද්‍යාලෙය්ම කලා අංශය් අංශාධිපති ෙලස කටයුතු ක ෙල්ය. වසර 3කට අාසන්න කාලයක් මහාචාර්ය ආර්. සිවචන්ද්‍රන් පේරාදෙනිය, කැළනිය සහ යාපනය විශ්ව විද්‍යාල වල සේවය කරමින් දැනට යාපනය විශ්ව විද්‍යාලයේම ආරාධිත මහාචාර්යවරයෙන් ලෙස සේවය කරයි. දෙමළ සාම්ප්‍රදායික කෘෂිකර්මය, උඩරට දෙමළ මිනිසුන්, යාපනයේ මාලු කර්මාන්තය, යාපනයේ ආර්ථිකය වැනි කෘතින් 20කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති මහාචාර්ය ආර්. සිවචන්ද්‍රන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබදව ඉතා උනන්දුවක් දක්වන බුද්ධිමතෙකු ලෙස සැලකේ.

පහත පළවන්නේ මහාචාර්ය ආර්. සිවචන්ද්‍රන් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ සෘජු පරිවර්තනයයි.

“දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය ශී‍්‍ර ලංකා රජය විසින් පමණක් ඉදිරිපත් කළ සංශෝධනයක් නොවේ. දෙරටක් අතර ඇති කරගත් ගිවිසුමක්. ශී‍්‍ර ලංකා රජය විසින් මෙම 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කළ යුතුයි. ඒ මඟින් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුව විසඳීමේ මාර්ගය විවෘත වන බව මම විශ්වාස කරනවා.”

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ෙලෙයි තුමිය ලංකාවට පැමිණ සිටී අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 13 වැනි සංශෝධනය ඔස්සේ බලය බෙදාහැරීම යහපත් කි‍්‍රයාමාර්ගයක් බවට ප‍්‍රකාශ කර තිබුණා. එම නිසා ආරම්භ පියවරක් වශයෙන් 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමෙන් දෙමළ ජනතාවගේ ගැටළු විසඳී යහපත් අනාගතයකට ලංකාව රැගෙන යන්න පුළුවන්.”

“ශී‍්‍ර ලංකා රජයට 13වන සංශෝධනයෙන් පොලිස් සහ ඉඩම් බලතල ඉවත් කරන්න බැහැ. රටේ බොහෝ පළාත් සභා ආණ්ඩුව යටතේ තිබෙන නිසා ඒ පළාත් සභා කිසිවක් පොලිස් බලතල සහ ඉඩම් බලතල ඉල්ලන්නේ නැහැ.”

“ඒ පිරිස බලතල පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් උතුරේ සහ නැගෙනහිරේ සිටින අය පොලිස් සහ ඉඩම් බලතල පිළිබඳව උනන්දුවක් දක්වනවා. රජය විසින් මේ බලතල ඉවත් කරන්න බැහැ. ඉන්දිය රජයේ අදහස ද ලබාගත යුතුයි. කොහොම වුණත් ඉන්දිය රජය මෙම කටයුත්තට එකඟ වෙන්නේ නැහැ. අනිවාර්්‍යයෙන් 13 වැනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න වෙයි. මීට පෙර උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ වී තිබුණා. යළිත් මේ පළාත් දෙකම ඒකාබද්ධ කිරීමට උත්සහ දරමින් සිටිනවා. උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා නීති මාර්ගයකට පිවිසෙන්න දෙමළ නියෝජිතයන් සාකච්ඡා කරමින් සිටිනවා.”

මැතිවරණය

“උතුර පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණව සිදුවේවිද යන ප‍්‍රශ්නය මෑතකාලයේ සිට තිබෙනවා. උතුරේ සිටින හමුදාව මැතිවරණයට බාධාවක් වී සිටින බව ඇතැම් පක්‍ෂ චෝදනා කර තිබෙනවා.

රට නිදහස් වූ කාලය සිට අද වෙනකම් අයිතිවාසිකම් වෙනුවෙන් අපි අරගලය කරමින් සිටිනවා. මේ උත්සහයේදී අපි ජයග‍්‍රහාණය ලබා ගත්තේ නැහැ. නමුත් දෙමළ නියෝජිතයන් හා ශී‍්‍ර ලංකා රජය විසින් ඇතිකරගත් බොහෝ ගිවිසුම් තිබෙනවා. නමුත් දෙමළ ජනතාවට නිසි විසඳුමක් තවම ලැබුණේ නැහැ.

එක්සත් රටක් තුළ ෆෙඩරල් ක‍්‍රමය ඔස්සේ උතුර සහ නැගෙනහිර පළාතට බලය බෙදා දිය යුතුයි. සිංහල ජනතාව රටේ ජාතියක් විදියට පිලිගන්නවා වගේ දෙමළ ජනතාවත් ජාතියක් විදියට පිළිගත යුතුයි. මුස්ලිම් ජනතාවත් තමන් රටේ ජාතියක් කියලා සිතනවානම් ඒ අයගේ ඉල්ලීමටත් ඇහුම්කං දිය යුතුයි.

ජාතිවාදී ලෙස රටේ ජාතියක් දිහා බලන් නැතුව සමඟියෙන් බලන්න ඕනේ. ජාතිවාදයක් නැතුව සමගියෙන් ජීවත් වුණොත් පමණයි රට ඉදිරියට ගෙනයන්න පුළුවන්. සිංහල ජනතාව මෙයට සහය දිය යුතුයි.”

මේ එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහනයි