[RP | මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් නව පාලනය විසින් කඩිනම් ලෙස පරීක්ෂණ ආරම්භ කරමින් වැදගත් කරුණු රාශියක් මේ වන විට එළිදරව් කරමින් පවති. ඒ තත්ත්වය තුළ රාජපක්ෂ පාලන කාලය තුළ උතුරේ ද දකුණේද එසේ අතුරුදහන් වූ සහ ඝාතනය වූ මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම වෙනස් මත දැරූ පුද්ගලයන් ටද යුක්තිය ඉල්ලා විවිධ ස්ථානයන්ගෙන් ඒ පිළිබදව උද්වේගකර අදහස්, විරෝධයන් මතුව එමින් පවතී.

අනුරාධපුරයේ පදිංචි මයුරි ඉනෝකාගේ සැමියා වන මධුෂ්ක ව එසේ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මේ වන විට, ඔහු සොයා දෙන ලෙස ඉල්ලා හඩ නැගීම් මතුව එමින් පවතින අතර මෙම පහත පළවන වීඩියෝ සටහන පසුගිය වසරේ විකල්ප වෙබ් අඩවියේ පළ වූ අතර එය නැවත පළකරනු ලබන්නේ කාලීන වශයෙන් එය වැදගත් නිසාවෙනි.]

අනුරාධපුරේ පදිංචි මයුරි ඉනෝකා ජයසේන නිව්න් දරැවන් දෙදෙනෙකුගේ මවක්. ඇය පසුගිය නොවැම්බර් 1වනදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇස්, අත් බැද අතරමග දමා යනවා. ඇයට මේ බිහිසුනු සිදුවීමට මුහුණ දීමට සිදුවන්නේ අතුරැදහන් කරල ලද ඇගේ සැමියා වන මධුෂ්කව සොයා ගැනීමට වෙහෙසෙන අතර තුර. අනුරාධපුරේ නව බස්නැවතුම්පොලේ පළතුරැ කඩයක් පවත්වාගෙන ගිය ඇගේ සැමියා පැහැරගනු ලබන්නේ 2013 සැප්තැම්බර් 02වන දා. ඒ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග ත්‍රීවිලරයකින් එමින් සිටින අතර තුර සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මධුෂ්ක අතුලු ඔහුගේ මිතුරන් දෙදෙනා පැහැර ගන්නවා. නමුත් පසුව මිතුරන් දෙදෙනා නිදහස් කළත් මධුෂ්ක ගැන කිසිදු ආරංචියක් අද වනතුරැත් නෑ. මධුෂ්ක ගේ බිරිද මයුරි පවසන්නේ, පොලීසිය විසින් මේ පිළිදව කරන ලද පරීක්ෂන පිළිබදව ඇයට කිසිදු විශ්වාසයක් නැති බවයි. නමුත් මයුරිත් ඇගේ ඥාතීනුත් ඒක්ව අනුරාධපුර පොලීසිය අසලදීත්, අධිකරණය ඉදිරිපිටත් උද්ගෝෂණය කරමින් මධුෂ්කව සොයා දෙන ලෙස බලකරමින් සිටිනවා. පසුගිය නොවැම්බර් 4වනදාත් අනුරාධපුර අධිකරනය ඉදිරිපිටත්, පොලීසිය ඉදිරපිටත් සිය දරැවන් දෙදෙනාද තුරැලු කරන් ඇය මහපාරේ වාඩි වී ඉල්ලා සිටියේ ඇගේ සැමියා මධුෂ්කව හොයා දෙන ලෙසයි. නමුත් ආශ්චර්යමත් රටේ, ආඩම්බරකාර තාත්තාගේ අදිකරණයත්, පොලීසියත් බකංනිලා ගෙන හිටියා මිසක් ඇයගෙන් කිසිදු දෙයක් විමසීමටවත් පැමිණියේ නෑ. ඒ තරමටම ඒ පද්ධතියම කාලකන්නිවෙලා. නමුත් මයුරිත්, මයුරිගේ සමීපතමයනුත්, කුඩා දරැවන් දෙදෙනාගේ තාත්තා හොයන එක කිසිදු විටකදී අත්නොහරින බව පවසනවා.