යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි.

එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර තිබිණි. එහි දී මියැදුනු සිය සමීපතමයින්ට පහන් දල්වා ඔවුන් සිහි කරනු ලැබීය.

මේ එහි සේයා රෑ සටහනයි.

IMG_0410

IMG_0423

IMG_0431

IMG_0438

IMG_0456

IMG_0467

IMG_0479

තවත් එක් සිහිකිරීමක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිවු වෙල්ලිමුල්ලිවයිකාල් පළාතේ ඉදි කොට ඇති විශේෂ ස්මාරකය අභියසදී පැවැත්විණි.

උතුරු පළාත් සභාව විසින් සිදු කරණ ලද යෝජනාවකට අනුව මෙම සිහිකිරීම පැවැත්වුණු අතර ඒම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ වන්නි හා යාපනය දිස්ත්‍රික්ක වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සහ පළාතේ මන්ත්‍රීවරුද සහභාගි වී සිටියහ. මෙහි දී උතුරු පළාත් අමාත්‍යවරයා පවසා සිටියේ ‘‘යුද්ධයේ අවසන් දිනවලදී මියගිය සියලුම දෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ම පමණැක් නොවන බවත්, එම දිනයන්හිදී සාමාන්‍ය අහිංසක මිනිසුන් ද විශාල ප්‍රමාණයක් මිය ගිය බව‘ ඔහු ප්‍රකාශ කලේය.

මේ එහි සේයා සටහනයි.

IMG_0185

IMG_0219

IMG_0239

IMG_0247

IMG_0270 E

මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී අනෙක් සිහිකිරීම පැවැත්වූ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ගජේන් පොන්නම්බලම් ඇතුලු පිරිසක් සිය මිය ගිය සමීපතමයින් පහන් දල්වා සිහි කළේය.

IMG_0358

IMG_0386

IMG_0393

@VIKALPA | Jaffna