සෑම වසරකම අගෝස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. සැම වසරකදීම අතුරුදහන් කිරීම වනාහි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවටත් ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දීම පිණිස අතුරුදහන්කරවීම් යොදා නොගත යුතු බවටත් මතයක් ඇති කිරීම පිණිස මෙම දිනය යොදා ගනු ලැබේ. මෙම වසරෙහිදී ද ලොව පුරා අතුරුදහන්වීම්හි ගොදුරුබවට පත් වුවන්ට යුක්තිය ඉටු කරන සේ සහ දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය අවසන් කරන සේ ඉල්ලා සිටිමින් අදට(අගෝස්තු 30) යෙදෙන එම දිනය සැමරේ.

ලංකාව තුළ 2017 දී එම ජාත්‍යන්තර දිනය සටහන් වන විට අතුරුදන්වූවන් සෙවීම සදහා ‘යහපාලන‘ ආණ්ඩුවේ යෝජනාවක් අනුව, 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය අතක් නැති පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කිරීම හා විමර්ශනය කිරීම සඳහා පළමු ස්ථිර ආයතනය පිහිටුවීම පිණිස නීතියක් පැනවූයේ එදින ය. ඒ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) නමිනි. අවසානයේ දී ගොදුරු වූවන්ට පිළිතුරු සැපයීමටත් නිහඬතාව අවසන් කිරීමත් එහි අරමුණ බව සදහන් විය.

දෙවැන්න නම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම් පතක් 2017 පෙබරවාරි 9 වන දින…සම්පූර්ණ සටහන සදහා පිවිසනේන

”දවස් 100 ඇතුළත අතුරුදහන් වූ ළමයින්ව හොයලා දෙනවා කිව්වා. දැන් අවුරුදු 2 ක් ගෙවිලා ඉවරයි. තාම හොයලා දුන්නේ නෑ අපේ දරුවන්ව. ඒ නිසා රජය ගැන අපිට කිසිඳු විශ්වාසයක් නැහැ.”
__________________________________________________
‘‘මේ මගේ පුතා. මේ මගේ බෑනා 2009.05.18 වන දින වට්ටුවාහල් වලදී පියතුමන් සමඟ ඔක්කෝම පිරිස පනස් අටක් පමණ දෙනා සමඟ බස් එකක නග්ගවගෙන ගියා. වතුර කෑම ඔක්කෝම අරන්දීලා ඒ අයට ඕමන්තේ මුරපොලේ ද, කට්ටියව බස්සලා කට්ටියම වෙන වෙන වර්ගකර බෙදලා තියෙනවා. ඊට පසුව වෙන වෙන වාහන වල නංවා ගෙන ගොස් තිබෙනවා. එයින් පසුව කිසිඳු තොරතුරක් නැහැ.”
__________________________________________________
“අපි දකිනවා අපේ ළමයින්ව උස්සපු එවුන්. අපෙන් කප්පම් ගත්ත එවුන්. අපේ ලමයි මරා දාපු එවුන්, දැනුත් අපේ ඇස් ඉදිරියේ සැරිසරනවා,”

__________________________________________________
‘‘අද කතාවක් තියෙනවා අතුරුදහන් වූ අයට මරණ සහතික ලබා දෙන්න යනවා කියලා. මරණ සහතික කොහොමද අපි ලබා ගන්නේ. එයට හා කියනවා මිසක් මින්ස්සු කැමති නෑ අතුරුදහන් වූ අයට මරණ සහතික ගන්න. මිනිස්සු බය වෙනවා මරණ සහතික දීමේ වැඩ පිළිවෙල අතරතුර තමන්ගේ දරුවෝ ජීවතුන් අතර සිටියත් මරලා දාවිදැයි කියලා.”

__________________________________________________
“…..ආයුද අරගලය අවසන් වී වසර 8ක් ගත වුවත් අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය කෙරෙහි මෙතෙක් නිසි අවධානයක් යොමුවෙලා නැහැ.”

මෙහි සම්පූර්ණ සටහන සදහා පිවිසෙන්න Spark | Full Story Here Spark

OR

අතුරුදහන් කිරීම් නැවත සිදුනොවන්නට නම් ඔවුන්ට ‘යුක්තිය’ ඉටුකළ යුතුමය!!