iMAGE: VIKALPA

“අදද හෙටද අපට අවශ්‍ය කරන්නේ  යුධ බිම්, හමුදා බිම්, කඳවුරු,… ගොවි බිමි බවට පත්කර ගැනීමට අරගල කරන මාධ්‍යක් සහ මාධ්‍යවේදීන් මෙන්ම “තුවක්කු” වෙනුවට “ජීවිතය” සහ “මිනිසුන්” වෙනුවෙන් ලියන මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ය”

2018 වසර ගෙවීයන්නේ මෙරටේ ඉතිහාසයට සුවිශේෂීම පරිච්ජේදයක් එකතු කරමිනි. ගෙවී ගිය දින 365 ඇතුළත රට තුළ වූ විවිධ මනෝ සමාජීය, දේශපාලනික මෙන්ම ආර්ථික සංදර්භයන් හමුවේ මෙරට පුරවැසියාට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීම් අනන්තය.

විකල්ප වෙබ් අඩවිය ලෙස අපි වසරක් 10 ක් අප සහෘද පාඨකයින් සමඟ එකම වේදිකාවක සිටිමින් හඬක් නොමැති පුරවැසියන් වෙනුවෙන් වන මාවත සකසා දෙන අතරේම මෙරට සමාජය මුහුණ දෙන චින්තනමය දරිද්‍රතාවය දුරලීම වෙනුවෙන් මේ වසරේදී ද කැප වී කටයුතු කළ කළෙමු. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් වන සුවිශේෂි පුළුල් ප්‍රායෝගික මැදිහත් වීම් රැසක් මේ වසරේදී වෙබ් අවකාශයෙන් ඔබ්බට ගොස් මහජනයා අතරේ සිදු කරන්නටද අපට හැකි විය. ඒ අනුව 2018 වසර විකල්ප වෙබ් අඩවිය අතිශය වැදගත් සංධිස්ඨාන රැසක් සහ අභියෝග රැසක් පසු කළ වසරකි. ඒ අනුව අප ඔබ වෙත මේ වසර පුරා වාර්තා කරන ලද සුවිශේෂී පුරවැසි සිදුවීම්, අනාවරණයන් හා අප සාමජිය ලෙස ඉටු කළ මැදිහත් වීම්, අභියෝග සහ ජයග්‍රහණ අළලා සකස් කරන ලද 2018 විකල්ප මතක #VIKALPA10  #YEARINREVIEW සාරාංශ සටහනක පෙළගැස්මක් මෙසේ ඔබ හමුවේ තබමු.

#VIKALPA10 #YearInReview2018 විකල්ප මතක