iMAGE: Vikalpa ( Anti Muslim Mob Violence – Hettipola | May 2019 )
 ” මැරයන්ට මුකුත් ගත්තේ නෑ, අපිට තමයි ගැහුවේ .. , ඒ සිද්ධි සේරම කරලා තමා කළේ “
මොහොමඩ් අබ්දුල් බාරි, කුරුණෑගල හෙට්ටිපොල කොට්ඹපිටිය පදිංචි වෙළඳ ව්‍යාපාරිකයෙකි ඔහුගේ ජිවිත කාලය පුරා හම්බකරගත් සියල්ල ජාතිවාදය නම් උමතු ගින්නෙන් පිලිස්සි තිබුණු අතර , දින ගණනකට පසු අප එහි යන විටත් ගිනියම් වෙමින් පැවිති කළු දුම් අහසට නැගෙමින් තිබුණි.
 
“තාම කවුරුත් ආවේ නෑ, මේ ඔක්කොම පිච්චිලා ගියාම ආයේ මොනවද තක්සේරු කරන්නේ”  ඔහුට කියන්නට ඇත්තේ දුක්ඛ දෝමනස්සයන්ම පමණි. මේ බොහෝ දෙනෙකුගේ කතාවය. තමන්ගේ මහන්සියෙන් වසර ගණනක් පුරා සරි කර ගත් ජීවිකාව එක මොහොතකින් මුග්ධ අධම මෙන්ම කුහක ජාතිවාදීන් ගිනිබත් කොට තිබුනේ තත්පර ගණනක් ඇතුළත ය.
 
පුදුමයට කාරණය නම් සාමය සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් සිටින පොලිසියේ ඇස් කන් ඇදිරි නිතිය ක්‍රියාත්මක වන මොහොතක මැරයන් වෙනුවෙන් නොඇරී යාමය. මේ සියලු අවස්තාවන හී දැකිය හැකි මහා පොදු සාධකය නම් ශ්‍රී ලංකා පොලිසිය ඉබේටම සිංහල බෞද්ධ පොලිසිය බවට පත් වීමය.
 
මැරයන් එලවා දමා වින්දිතයින් ආරක්ෂා වෙනුවට පොලිසිය ක්‍රියාත්මක වන්නේ අනෙක් අතටය. එනම් පොලිසිය කරන්නේ වින්දිතයන් එලවා දමා හිතු මතේ මැරයන්ට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සැලැස්වීමය. මෙය දිගින දිගටම අත්විදීමට ලැබුණු ඛේදවාචකයකි. වැරදි කරුවන්ට දඬුවම්ද නැත. යම් පුරවැසියෙකුට, ප්‍රජාවකට යුක්තිය තම රටින්ම තමන්ට අහිමි කරවන බව දැනෙන්නට් හැර රටේ වගකිව යුත්තන් හිතා මතම කරමින් සිටින්නේ කුමක්ද? සාමකාමී මිනිසුන් ජාතිවාදය නම් ගින්නේ ගිලෙන්නට ඉඩ නොහැර මේ ජිවිත වෙනුවෙන් සවන් දෙන්න.