Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් – එක්සත් ජාතීන්


Photo by telegraph.co.uk

ශ්‍රී ලංකාව එල්ටීටීඊ යට එරෙහිව දියත් කළ යුද්ධයේදී මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් තරම් විය හැකි බවට විශ්වාස කටයුතු මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට බාර දී ඇති ශ්‍රි ලංකාව පිළිබදව වන වාර්තවේ සඳහන් වන බව ඊාය්[19] බීබීසී ය වාර්තා කළේ ය.

සාමාන්‍ය ජන ඝාතන ගැන නිළ දත්ත යුද්ධයෙන් වසර දෙකක් ගතවීත් ලැබී නැතත් එම සංඛ්‍යාව නොතකා හළ නොහැකි බව එම වාර්තාව සඳහන් කරන බව බීබීසී ය වැඩිදුරටත් වාර්තා කරයි.

අදත් ඊයේත් දී අයිලන්ඩ් පුවත් පත පළ කොට ඇති එම වාර්තාවේ ඇත්තේ සත්‍ය උපුටන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ ප්‍රකාශක ෆරනන් හක් බීබීසියට පවසා ඇත.

දී අයිලන්ඩ් පුවත් පතේ පළවී ඇති තොරතුරුවලට අනුව එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් කියැවෙන්නේ යුද්ධය අවසාන දින කිහිපය තුළ 330000ක ජන පිරිසක් පුදුමාතලන් ප්‍රදේශයේ හිර වී සිටි බවයි. මේ අතරින් 40000ක් පමණ මරණයට පත් වූ බවට තමන් හට විශ්වාස කළ හැකි සාක්ෂි තිබෙන බව ඔවුන් ප්‍රකාශ කරයි. මෙහිදී එල්ටීටීඊ සටන් කරුවන් සහ සාමාන්‍ය ජනතාව වෙන් කර ගැනීමට තිබූ අපහසුතාවයද අවසාන අදියරේදී එල්ටීටීඊ ය මගින් බලහත් කාරයෙන් සිදු කල බදවා ගැනීම් ද මිය ගිය පුද්ගලයින් මිය ගිය ස්ථානවලදී මිහිදන් කිරීම මෙන්ම එම පුද්ගලයින් පිළිබදව කිසිදු ලිඛිත වාර්තාවක් නොමැති වීමද මෙම සංඛ්‍යාවන් පිළිබදව නිවැරදි තොරතුරු නොමැතිවිමට හේතු වූ බව එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වකවානුව තුළ වෛද්‍යවරුන් සැපයූ තොරතුරුවලට අනුව යුද මුක්ත කලාපය තූල සැත්කම් 40000ක්, සිදු කර ඇති අතර අත් පා කපා දැමීමේ සැත්කම් 5000ක් සිදු කර ඇති බව ප්‍රකාශ වන අතර එක්සත් ජාතීන් ගොනු කළ තොරතුරුවලට අනුව 2008 අගෝස්තු සිට 2009 මැයි 13 වනදා දක්වා මිය ගිය ගණන 7721 වන බව මෙම වාර්තාවේ සඳහන් වෙයි. මෙම සංඛ්‍යාලේඛන සකස් කිරමේදී ප්‍රදේශයට ඇතුළුවීමටට තිබූ අවහිර විශාලතම බාධකය වූ බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රකාශ කරන බව ඊයේ[19] බීබීසිය වාර්තා කර ඇත.

[දි අයිලන්ඩ් පුවත් පතේ පළවු එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සිංහල පරිවර්තනය ඉතා ඉක්මනින් ‛විකල්ප’ වෙබ් අඩවිය තුළින් බලාපොරොත්තු වන්න.]