Colombo, end of the War, Featured Articles, Features

‘වැරදිකරැවන්ට එරෙහි චෝදනා ඉදිරිපත්කොට දඩුවම් පැමිණ වීම රජයේ පාර්ෂවයේ යුතුකමක්‘ – LLRC වාර්තාවේ ප්‍රධාන නිර්දේශ


උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] වාර්තාව පසුගිය 2011 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. මාස 11කට අධික කාලයක් කොමිසම විසින් විවිධ අංශයන් පිළිබදව විමර්ෂණයට ලක් කර ඇති බවට වාර්තා වූ අතර උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර මහජනතාව සමග සැසිවාර 57ක්, ලංකාවේ විවිධ ප්‍රදේශ 40කට වැඩි ප්‍රමාණයක නිරත වෙමින් විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර ජනතාව මුණගැසී කරුණු රැස්කරනු ලැබූ බව ද වාර්තා විය.

මෙම කොමිසම ජනාධිතිවරයා විසින් පත් කරන ලද්දේ 30 වසරකට වඩා පැවති ගැටුම්කාරී තත්ත්වයට හේතු වූ කරැණු සොයා බැලීමත්, යුද්ධය පැවති අවදියේ අති වූ තත්ත්වයන් පිළිබදවත් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරිමට බවත් පැවසිනි. නමුත් මෙම යුදමය තත්ත්වයට සෘජුවම ගොදුරැ වූයේ සිංහල සහ දෙමළ ප්‍රජාවයි. නමුත් පසුගිය 2011 දෙසැම්බරයේ ඉදිරිපත් කෙරැනු මෙම LLRC අවසන් වාර්තාව මේ වන විටත් සිංහලට හො දෙමළ භාෂාවට පර්වර්තනය කිරීමට හෝ උගත් පාඩම් ගැනත් ප්‍රතිසංධානය ගැනත් පුරසාරම් දොඩවන ලංකා ආණ්ඩුවට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් මෙම වර්තාවේ අති ඇතැම් සාධනීය මෙන්ම නිශේධනීය කරැණු පිළිබදවත් මේ වන විට සාමාන්‍ය ජනයා අතර මෙන්ම සිංහල හෝ දෙමළ භාෂාවෙන් ක්‍රියාකරන සමාජ කණ්ඩායම් අතරද මෙම අවසන් වාර්තාව පිළිබදව ඇත්තේ එකිනෙකට වෙනස් වූ අදහස්ය.

එබැවින් විශාල පිටු ගණනකින් සමන්විත උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ අවසන් වාර්තාවෙහි නිර්දේශ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය[CPA] විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරමින් ජන සමාජයේ සංවාදයකට මුල පිරිමට අවශ්‍ය ප්‍රවේශය සපයා ඇත.

මේ පහත දැක්වෙන්නේ පසුගිය 2011 දෙසැම්බර් 16 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල ලද උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසමේ[LLRC] අවසන් වාර්තාවේ ඉංග්‍රීසි පිටපතේ නිර්දේශවල සිංහල පරිවර්තනයයි.

LLRC Final Report – Chapter 9 – Sinhala Translation