සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

Press Freedom Day: ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් යාපනයේදී සමරයි[Photos]

මාධ්‍ය කරනයේ නිරතවීම හේතුවෙන් සහ අදහස් පළකිරීමේ හේතුව නිසාම ශ්‍රී ලංකාව තුළ ඝාතනයට ලක් වූ අතිවිශාල මාධ්‍යකරැවන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,කලාකරැවන් අතරින් අති බහුතරයක් නියෝජනය වන උතුරැ පළාතේ අගනගරය වන යාපනයේ, නාවලර් සංස්කෘතිකන මධ්‍යස්ථානයේ දී අද(03) ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස උදෙසා වන දිනය සමරණ ලදි.

‘මාධ්‍ය නිදහසේ හඩ‘[Voice of Free Media] සංවිධානය විසින් සිදු කරන ලද මෙම සැමරැමට උතුරේ ජේ්‍ය්ෂ්ඨ ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ක්‍රියාකාරිකයන් හා පුරවැසියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර සැමරැම ආරම්භ කරන ලද්දේ ඝාතනයට ලක් වූ නිමලරාජන් හා සිවරාම් ඇතුලු දමිළ ජනමාධ්‍ය වේදීන්ගේ ඡායාරෑප ඉදරියේ පහන් දල්වමින් ඔවුන් ගෙෘරවණීය ලෙස සිහිපත් කරමිනි.

ඉන් අනතුරැව ලංකාවේ ජනමාධ්‍ය ප්‍රජාව සහ නිදහස් අදහස් පළකරන්නන් මුහුණ දෙමින් සිටින අභියෝග, මාධ්‍ය නිදහස සහ සුවිශේෂී තත්ත්වයන් පිළිබදව අදහස් පළ කරමින් උතුරේ සහ දකුණේ ජනමාධ්‍ය සංවිධාන නියෝජනය කරමින් මහජන හමුවක් පැවති අතර උදයන් හිටපු කර්තෘ එස්. වද්‍යාදරන්, ශ්‍රි ලංකා දෙමළ මාධ්‍ය සංසදයේ සභාපති අනන්ද පාලකිඩ්නර්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනිල් ජයසේකර ඇතුලු මාධ්‍යවේදීන් රාශියක් එහි දී අදහස් දක්වන ලදි.

සම්පත් සමරකෝන්
යාපනයේ සිට…